පොලොන්නරුවේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්

corona

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් පෙන්වන බවත් මේ වන විට තුන්වන ‍රැල්ලෙන් හඳුනාගත් ආසාධිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.

ඊට මතරව මේ වන විට පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආසාධිතයිත් හඳුනාගැනීමේ දී පී.සී ආර්.පරික්ෂණ ප්‍රතිපල ලැබීමේ ප්‍රමාදය නිසා අහඹුලෙස පරික්ෂාවට ලක් කෙරෙන පුද්ගලයින්ගෙන් රෝගය පැතිරීමේ අවදානමක් ද පවතින බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගයේ ව්‍යාප්තිය පිළිබඳව අප කළ විමසුමක දී ය.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සහල් මෝලක සේවය කරන පුද්ගලයින් 300 කගේ පමණ කරන ලද පී. සී. ආර්.හා ‍රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් 26 දෙනෙකු ආසාධිතයන් බවට තහවුරු වීමත් තවත් 100 දෙනෙකුගේ පමණ ප්‍රතිපල ලැබීමට තිබීමත් නිසා එම ප්‍රදේශයේ ද අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් එසේ හඳුනාගත් පළමු ආශ්‍රිතයන් සියලු දෙනා එම වීමෝල් කර්මාන්ත ශාලාවේම නිරෝධායන කර තිබෙන බවත් ඉන් පිටතට ඒමට තිබෙන ඉඩ බොහෝ දුරට පාළනය කර ඇති බව ද හෙතෙම කීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ කාර්යාලයේ හා පොලොන්නරුව මහ රෝහලේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන 6 ම මේ වන විට ආසාධිත රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව ද හෙතෙම අනාවරණය කළේ ය..

මේ අතර හිඟුරක්ගොඩ මූලික රෝහලේ විශේෂ කොරෝනා ප්‍රතිආර ඒකකයේ ඇඳන් 200 ද ගල්ලෑල්ල විද්‍යා පීඨයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 400ක් ද කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 800ක් ද පූනානිවල රෝගීන් 800ක් ද පූනානි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 300ක් ද වැලිකන්ද රෝහලේ රෝගීන් 100ක් ද වශයෙන් ආසන්න වශයෙන් රෝගීන් 2600ක පිරිසකට රෝගී සත්කාරක සේවා පවත්වාගේන යනු ලබන අතර ගර්භනී හෙදියන් සේවයට කැඳවීමෙන් වැලකී සිටීමට ලබා දී ඇති නිර්දේශ අනුව හෙදියන් පුහුණු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ රෝග ව්‍යාප්තිය පාළනය සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබුණද හඳුනා ගන්න ආසාධිතයන් හා ආශ්‍රිතයන්ගේ පී .සී ආර්.පරික්ෂණ ප්‍රතිපලත් සමාජයේ විවිධ ස්ථානවල අහඹු ලෙස සිදු කරන පී. සී. ආර්. පරික්ෂණ ප්‍රතිපලත් ලැබීමේ ප්‍රාමාදය නිසා මෙම වෛරසය තව දුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

විශේෂයෙන් ම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අලුතින් මතු වූ කොරෝනා පොකුර නිසා ඉතා දුෂ්කර ප්‍රදේශවල අහිංසක ගොවි ජනතාව අවදානමක සිටින බව ද හෙතෙම වැඩි දුරටත් කීය. එය පාළනය කිරීමට හැකි සෑම පියවරක් ම ගනිමින් සිටින බවත් පී.සී.ආර්.පරික්ෂණ ප්‍රතිපල ප්‍රමාදය මෙම කටයුතු සඳහා බලපාන බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….