බන්ධනාගාරයේ අක්‍රමවත් ක්‍රියා කළාපය නිසා ඥාතින්ට රාත්‍රී වනතුරු රැදී සිටිමට සිදුවෙයි

bandanagara

අනුරාධපුර අධිකරණ කිහිපයක් මගින් ඇප නියම කළ හා දඩ ගෙවිමෙන් පසුව මුදාහැරෙන සැකකරුවන් රැගෙන යාමට පැමිණි ඥාතින්ට අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට පෙරේදා (30දා) රාත්‍රී දහය පමණ වනතුරු රැදී සිටිමට සිදුවූවත් බන්ධනාගාරයේ අක්‍රමවත් ක්‍රියා කළාපය නිසා ඇතමුන්ට සිය ඥාතින් මුදාගැනීමට නොහැකිව ආපසු හැරී නිවෙස් වලට යාමට සිදුවිය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් අධිකරණය කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය හා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදුන් විශාල පිරිසක් ඇප ලබාගැනීමේ අපේක්ෂාවෙන් පෙරේදා (30දා) දහවල් එකේ පමණ සිට රාත්‍රී දහය පමණ වනතුරු බන්ධනාගාර ඉදිරිපිට බලා සිට විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් නැවත හිස් අතින් නිවෙස් කරා ගියහ.

පෙරේදා (30දා) රාත්‍රී දහය පමණ වනතුරු ඇප ලැබූවන් මුදාගැනීමට බන්ධනාගාරය ඉදිරිපිට තුන් සියයක පමණ පිරිසක් බලා සිටි අතර සිය ඥාතින් මුදාගැනීමට කාන්තාවන් විශාල පිරිසක්ද පැමිණ රාත්‍රීය වනතුරුම ගේට්ටුව අභියස බලා සිට නැවත නික්ම ගියහ.පවතින සෞඛ්‍ය තත්වය මත විදීමට සිදුවු ගැහැට සම්බන්ධයෙන් ඥාතින් මෙසේ පැවසූහ‍.මේ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගෙන් විශාල පිරිසක් ඈත දුර බැහැර අය.

අපේ ඥාතින් විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙලා බන්ධනාගාර ගතව සිටින්නේ.පෙරේදා (30දා) දිනයේ ඇප ලැබුවා සමහරුන්ගේ නඩු ඉවර කරලා දඩ නියම කරලා මුදාහැරියා.අපිට අධිකරණයෙන් කිවුවා බන්ධනාගාර ගේට්ටුව ළගට යන්න එතනින් දෙයි කියලා.

දහවල් එකේ ඉදන් රාත්‍රී දහය වෙනකම් මෙතන හිටියා.දැන් කියනවා අධිකරණ වලින් එවලා තියන ලේඛණවල වැරදි තියනවා මුදාහරින්න බෑ කියලා.

මෙතන ඥාතින් දෙසීයකට අධික පිරිසක් රැස්වෙලා ඉන්නවා.සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රශ්න ඇතිවෙනවා.බන්ධනාගාරයට මනුස්සයෙක් වැරද්දක් කරලා ආවම ඒ නිලධාරින් පවුල්වල මිනිස්සුන්ට සලකන්නේ පවුල් පිටින් වැරදි කරපු විදියට.

දවල් එකේ ඉදන් රාත්‍රී දහය වෙනකම් මෙතන වතුර ටිකක්වත් නැතුව ඉන්නේ.සමහර නිලධාරින්ට කිවුවම අහනවා උඹලට ඇයි පැයක් දෙකක් ඉවසන්න බැරිද කියලා.එක්කෝ නිසි ක්‍රමවේදයක් හදන්න ඕන ඒ අය නිදහස් කරන්න යනුවෙන් ඔවුන් පැවසුහ.

ඊයේ (01දා) උදෑසන සිට පෙර දිනයේ ඇප ලබාදුන් ඥාතින් මුදාගැනීමට විශාල පිරිසක් බන්ධනාගාර අධිකාරියේ ගේට්ටුව අසලට රැස්වි සිටි අතර ඊයේ දිනයෙත් කිසිදු නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අයුරක් නොදුටු අතර බන්ධනාගාරයෙන් කළ විමසීමේදි එහි නිලධාරින් කියා සිටියේ අධිකරණ එවා ඇති ලිපිවල නම් ගම් වල අඩුපාඩු නිසා රැදවා සිටින්නන් මුදාහැරීම ප්‍රමාද වන බවයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි සෙනරත් සේනානායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.හැන්දෑවේ පහෙන් පස්සේ තමයි සැකකරුවන් මුදාහැරීමට අවශ්‍ය ලේඛණ අධිකාරියට ලැබෙන්නේ.අපි විශාල වෙහෙසක් ගන්නවා ඔවුන් ඉක්මනින් මුදාහරින්න.

නිලධාරින්ටත් මම දැඩිව උපදෙස් දුන්නා ඔවුන් කඩිනමින් මුදාහරින්න කියලා.අවුරුදු ගාණක් මේක ඇතුලේ ඉන්නවා ඥාතින්ටත් ඇප දුන්නට පස්සේ විනාඩි පහක් ඉන්න අමාරුයි යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….