බෙන්තර අක්කර 16000 ක කුඹුරු යාය අස්වැද්දීමට පහසුකම් ලබාදෙයි

කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වූ බෙන්තර ගග දකුණු ඉවුර කුඹුරු අක්කර 16000 ක් යළි වගාකිරිමට ගොවින්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී අනූප පස්කුවල් මහතා පසුගිය 01 දා කීවේ.

කළුතර දිස්ත්‍රික්යේ බෙන්තර ගග මායිමේ පිහිටි ඉත්තෑපාන – මීගම පුරන් කුඹුරු යායේ ගොවින්ගේ ගැටළු පිළිබද පසු ගිය 31 දා එහි ගොස් සිදු කල නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අනුප පස්කුවල් මහතා මේ අදහස් පළ කළේය.

කළුතර ගොජනසේවා සහකාර කොමතාරිස් වරයා පසුගිය මැතිවරණයට පෙර ලබාදුන් තොරතුරු අනුව අක්කර 16000 ක් පමණ කරදිය ගැලීම නිසා දශක හතරක කාලයක පටන් පුරන්වෙමින් තිබෙනවා. 1950 -60 දශකවල මේක සරු ලෙස වගා කර තිබෙනවා.

නමුත් කරදිය වේල්ල සම්බන්ධ අමුණු හා ඇළවල් අක්‍රීයවීමෙන් බෙන්තර ගග පිටාර ගැලිමෙන් ගොවිතැන විනාශවී ගොවින් ගොවිතැන අතහැර දමා තිබෙනවා.

පසුගිය කාලය පුරා මේ පිළිබද හරිහැටි සොයාබැලිමක් සිදුකර නැහැ. මැතිවරණයට පෙර මම මේ පිළිබදව මේ ගොවීන්ට පොරොන්දුවක් දුන්නා. ඒ අනුව ගොවීන්ගේ ප්‍රශ්න සොයා බැලුවා.

ගොවින්ගේ ඉල්ලීම් වලට සවන් දුන්නා. මේ ප්‍රශ්නය විසදන්න පුළුවන්. කරදිය වේල්ල සහ ඇළවල් ,සහ ඇණිකට් ප්‍රති සංස්කරණයකර අභ්‍යන්තර මාර්ග පද්දතිය සකස් කිරිමෙන් මෙම පුරන්යායෙන් අඩකට වඩා පහසුවෙන්ම වගා කළ හැකියි. 1950 -60 දශකයේ භාවිතා කළ ස්යංක්‍රීය ජල පාලන ඇණිකට් වලට අමතර වැඩි ජලය බැසයාමට යෙදු නළ දිරාපත් වෙලා ගිහිල්ලා.

ඒ නිසි මේකට සරළ සාර්ථක ක්‍රමයක් අපි හදුන්වා දෙනවා. මේ පිළිබද අපි අධ්‍යයනයක් සිදුකර නවා. ඊට පෙර මේ ගොවීන්ට කුඹුරු වගාකිරිමට අවශ්‍ය ඇළවල් ටික කපල ඇතුළත මාර්ග සකස්කර දීමෙන්ගොවිතැන යළි ආරම්භ කළ හැකියි.

කරදිය ගැලිම නතර කිරිමට ඇණිකට් අළුත් කල යුතුයි. ගොවීන් යළි කුඹුරු අස්වැද්දීමට සූදානමින් සිටිනවා. ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.

කළුතර දස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වු පසු මේ පිළිබද යෝජනා ඉදිරිපත්කර අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවාගන ගොවින්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. කරදිය වේල්ලට පෙර ජලය බැසයන ඇළවල් කැපීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ගොවීන්ට ට්‍රැක්ටර් ගෙනයාමට හැකි ලෙස ඇතුලත මාර්ග පද්දතිය සකස් කළ යුතුයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….