බොරළු අවුල

අවුරුදු පහක් අපි මෙතන බොරළු කැපුවා කිසි ප්‍රශ්නයක් ආවේ නෑ,.මෙතන පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා.අර පැත්තේ බොරළු කියුබ් ලක්ෂයක් විතර තියෙනවා.එක පුද්ගලයෙක් ඒකට අයිතිවාසිකම් කියන්න යනවා.නිළධාරිනුත් බෙදිලා ඉන්නවා.2009 මගෙන් මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී  චමින්ද සම්පත් ඉල්ලුව රුපියල් 50 ගානේ ලෝඩ් එකකට දෙන්න කියලා මේ පාරත් දෙසියක් ඉල්ලනවා අපි මේ ගැන කෝල් රෙකෝඩින් දෙන්නම් යැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට බොරළු ව්‍යාපාරිකයන් පිරිසක් පැවසුහ.

බොරළු ප්‍රවාහනය කරන එක් ටිපර් රථයකින් මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු රුපියල් 300 බැගින් කප්පම් ඉල්ලනා බවට හා පරිසර හානිය නිරික්ෂණයට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විශේෂ අවධානයක් යොමුකර එහි ගිය අවස්ථාවේ ව්‍යාපාරිකයන් මේ බව පැවසුහ.

මිහින්තලය වෙල්ලාරගම පලුගස්වැව ගම්මානයේ සිදු කරන බොරළු කැනීම් භූමියේ කැනීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඒ සඳහා ලබා දී ඇති බලපත්‍ර වල නිර්වද්‍යතාව  සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිරික්ෂණ චාරිකාවකට එක්ව නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොරලු කැපීම හරහා විශාල පරිසර හානියක් සිදු වන බවට හා අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා හෙළිදරව් කිරීම හා කප්පම් ආරවුල සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඊයේ (23) කටයුතු කළේය.

මෙම අවස්ථාවට මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා ඇතුළු වන සංරක්ෂණ නිළධාරීන් පරිසර නිළධාරීන් හා බොරළු කැනීම් බලපත්‍ර හිමියන් සහභාගී වී සිටියහ.

ඔවුන් එහිදී කියා සිටියේ එහි ඇති බොරළු කැනීම් භූමි සඳහා වසර ගණනකට පෙර සිටම බලපත්‍ර ලබා දී ඇති බවයි.ඉඩම් වන සංකරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර ඇති බවත් ඒ අනුව බලපත්‍ර ලබා ගෙන ඇති බව ව්‍යාපාරිකයන් පෙන්වා දුන්හ.

අදාළ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර නොමැති බව වන සංරක්ෂණ නිලධාරීන් එහිදි පෙන්වා දුන්හ.එහිදී අමාත්‍යයවරයා එහි ඇති විශාල ගස් සඳහා කුමක් වනවාද?කපන ගස් සඳහා අලුතින් පැළ සිටුවනවා යන්න ප්‍රශ්න කර සිටියේය? එහිදී බලපත්‍ර හිමියන් කියා සිටියේ කපා දමන ගස් දැව සංස්ථාව වෙත ගෙන යන බවත් කැනීම් කටයුතු අවසන් වූ පසු පැළ සිටුවන බවත්ය.නමුත් වන සංරක්ෂණ නිළධාරීන් කියා සිටියේ ඒ ආකාරයෙන් දැව සංස්ථාව වෙත ගස් ලබා දී නොමැති බවයි.

හරියට බලන්න මේකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.මේ රටේ මේ පරිසර විනාශය කරන්නේ ආණ්ඩුව හා දේශපාලඥයෝ කියලා අපිට ඇඟිල්ල දික් වෙනවා, අපි ඇවිල්ලා තියෙන්නෙත් මේක බේරන්න ව්‍යාපාරිකයෝ ටික තමන්ගේ වැඩේ කවුරු හරි ලඟ කරනවා අවසානයේ බැනුම් අහන්නේ දේශපාලඥයෝයි.

අනතුරුව අදහස් දැක්වූ බලපත්‍ර හිමියෙකු මෙතන තියෙන්නේ වෙන වැඩක්.මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද සම්පත් මහතා හා ගම්වාසියකු අතර ඇතිවූ කථා බහක් අමාත්‍යයවරයා වෙත ඉදිරිපත් කළහ.එහි රක්ෂිතය අල්ලන ලෙස මන්ත්‍රීවරයා උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබිණි.චමින්ද මන්ත්‍රීතුමන්ට 300 ගානේ දෙනවා කිව්වා නම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ යැයි බොරලු බලපත්‍ර හිමියන් පැවසීය.

අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, ඔයගොල්ලෝ වගකියනවාද මේ කියන දේවල් ගැන, මෙතන මාධ්‍යවේදියෝ ඉන්නවා, ඒවාට වග කියන්න.අපිට ලොකු චෝදනාවකුත් තියෙනවා ආණ්ඩුව ඇවිත් පරිසරය විනාශ කරනවා කියලා.

කාගේ කැමැත්තට හෝ අකමැත්තට මේවා මාධ්‍ය වල ගියහම හිතන්නේ ආණ්ඩුව, දේශපාලඥයෝ සම්බන්ධයි කියලා.හොඳ දේ තමයි නීත්‍යාණූකූලව රජයේ ආයතන එක්ක දීලා තියෙන බලපත්‍ර හරිද බලන්න.මෙතන පරිසර හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා නිළධාරීන් තීන්දු කරනවා නම් මේ හානිය මෙතනින් එහාට නොවෙන්න වග බලාගන්න.

එහිදී නිළධාරීන් හා බලපත්‍ර හිමියන් අතර උණුසුම් තත්වයක් නැවත ඇති විය.අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුමින්ද දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා.මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනුරාධපුර අඩවි වන නිළධාරීතුමන්ගෙන් ලොකු චෝදනාවක් ආවා විශාල වශයෙන් වනයට හානියක් සිද්ධ වෙනවා කියලා.

ව්‍යාපාරික මහතුන් කියන විදිහට රජයේ බලපත්‍ර සහිතව තමයි මේ අය බොරළු ව්‍යාපාරයේ යෙදිලා ඉන්නේ.මේ අය ප්‍රකාශ කරන විදිහට මේ සඳහා සියලු ආයතන වල අවසරය ලැබී තිබෙනවා.

මේක අද- ඊයේ නෙමෙයි අවුරුදු දහයක් පමණ පරණ ව්‍යාපෘතියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ, නමුත් අපි තීන්දුවක් ගත්තා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය කලින් හෝ අලුතින් ලබා දීලා තියෙන බලපත්‍ර ලබා දීලා තියෙන්නේ නීත්‍යාණූකූලවද කියලා පරික්ෂා කරන්න.

අනතුරුව අදාළ චෝදනාවට ලක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී චමින්ද සම්පත් හා ගම්වාසීන් පිරිසක්ද මුණ ගැසීමේ සම්බන්ධව විමසා සිටියහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….