මහ කන්නයට පොහොර නොලැබීමෙන් ඇළහැර ගොවීන් අනාතවෙයි

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර නොලැබීමෙන් ඇළහැර ගොවි ජනපදයේ ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි ඇළහැර ගොවියෝ පෙන්වා දෙති.

ඔක්තෝබර් (15) දා ජලය නිකුත් කර කන්නය ආරම්භ කළත් මේ වන විට ගොවීන් ට අවශ්‍ය මඩ පොහොර ප්‍රමාණය ද ලැබී නැතැයි ද මේ වන විට ලංකාවේ ගබඩාවල ඇති පොහොර ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඇළ හැර ව්‍යාපාරයේ අක්කර 18000කට  පොහොර නොලැබීමෙන් අසීරුතාවකට පත්ව ඇතැයි දගොවීහු පෙන්වා දෙති.

ඇළහැර ගොවි ජනපද ව්‍යාපාරයේ මාස් කන්නය සදහා දියවර නිකුත් කිරීම ඉකුත් 15 දා සිදු කෙරුණු අතර මොරගහකන්දෙන් කලට වේලාවට දියවර සැපයීම සිදු කළ ද ඉන් ප්‍රයෝජනයක් නොලැබෙන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

ඇළහැර ගොවි ජනපදයේ හිටපු ව්‍යාපාර ගොවි සංවිධාන සභාපති ආනන්ද එදුස්සූරිය ගොවි මහතා මෙසේ පවසයි.

“ගොවීන් මේ 20/21 ගොවි ජනපදයේ මාස් කන්නය ආරම්භ කළා.නමුත් ගොවීන් ට ලැබී තිබෙන පොහොර ප්‍රමාණය ගත්තාම අක්කරයට ලැබිය යුතු ප්‍රමාණයවත් නෑ.මේකට හේතුව විදිහට අපට දැනගන්න ලැබිලා තියෙන්නේ ලංකාවට ගෙන්වමින් තිබුණු පොහොර නැව ඉන්දියාවට යවලා කියලා දැනගන්න ලැබුණේ.අපි නියමිත කන්නයට වසර ගණනාවකට පස්සේ ආරම්භ කළත් මොරගහකන්දෙන් වතුර දුන්නා.

නමුත් ලබන මාසේ මුල විතර වෙනකොට ගොවීන්ට නියමිත මඩ පොහොරවත් ලැබෙන්නේ නෑ.ප්‍රායෝගිකව ඒ වැඩේ වෙලා නෑ.කොච්චර මාධ්‍යවල පළ වුණත් පොහොර ලැබෙනවා කියලා.නමුත් අපට පොහොර නෑ.දැනට ලංකාවේ ගබඩාවල පොහොර මෙට්‍රික් ටොන් 40 000ක් විතරයි තියෙන්නේ කියලා අපට තොරතුරු තිබෙනවා.නොවැම්බර් මාසේ වෙනකොට දෙන්න පොහොර නෑ.මේක ලොකු ප්‍රශ්නයක්.

ඊළගට කාබනික පොහොර දෙනවා කිව්වා.නමුත් ඒවා නිෂ්පාදනය කෙරෙනවා ද කියන ප්‍රශ්නයත් තියෙනවා.කාබනික පොහොර සමහර දිස්ත්‍රික්කවල නම් දීලා තියෙනවා.

නමුත් අපට ඉල්ලුම් පත්‍රයක් විතරක් ලැබිලා තියෙනවා.ඒ විතරක් නෙමෙයි නිවේදනයකුත් නිකුත් කරනවා කාබනික පොහොර නිෂ්පාදනය නොකළොත් පොහොර දෙන්නේ නෑ කියලා.නමුත් නිසි වේලාවට කාබනික පොහොර ගොවීන්ට හදා ගන්න බැරි වෙලා තියෙනවා.ඒ නිසා කාබනික පොහොරත් නෑ රසායනික පොහොරත් නෑ.ගොවියන් අසරණ වෙලා තියෙනවා.මේ නිසා අක්කර 18000ක ප්‍රමාණයක ට අනාගතයේ හානි සිදු වෙන්න පුලුවන්.

ඩී.එම්.කුලරත්න බණ්ඩා ගොවි අහතා.

මොරගහ කන්ද ජලාශයේ ජලය තිබුණු නිසා කලට වේලාවට ජලය දෙන්න පුළුවන් වුණා.ගොවීන් වෙහෙස මහන්සි වෙලා ලොකු වියදමක් දරලා ගොවිතැන් වැඩ පටන් ගත්තා.නමුත් කලට වේලාවට පොහොර ටික ලැබුනෙ නැත්නම් අපේ ගොවිතැන් අපත් වෙනවා.ඒ නිසා කඩිනමින් අපට පොහොර දෙන්න.නැත්නම් ගොවීන් එක්ක අපට පාරට බහින්න සිද්ධ වෙයි.

මලවි යාය බෙදුම් ඇල ගොවි සංවිධානයේ හිටපු සභාපති ප්‍රියන්ත ධනපාල ගොවි මහතා.

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයෙන් මඩ පොහොර භාවිත කරන්න කියලා.අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස කැට පොහොර ටී.එස්.පී පොහොර,එම් ඕ.පී.රතු පොහොර හා යූරියා.නමුත්  මේ සහනාධාර පොහොරවල ටී.එස්.පී පොහොර ප්‍රමාණය හොදටම අඩු කරලා කිලෝ 10යි දෙන්නේ.ගොයම් ගහේ කිරිමුල් ශක්තිමත් කිරීමට අඩුම කැටපොහොර කිලෝ 30-35ක් වගේ ප්‍රමාණයක් ඕන.ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේක වැඩි කරලා දෙන්න කියලා.

මේ වෙනකොට ලංකාවේ අවශ්‍ය පොහොර ප්‍රමාණය නෑ.නමුත් අපි ඉල්ලා සිටිනවා කඩිනමින් අපට අවශ්‍ය පොහොර ලබා දෙන්න කියලා කියනවා.කන්නය ආරම්භ කරන්න කලට වේලාවට වතුර දුන්නා.ඒක ගැන බලධාරින්ට ස්තුතිවන්ත වෙනවා.නමුත් වපුරලා අවසන් වෙන්න පෙර පොහොර ලැබුනෙ නැත්නම් වැඩක් නෑ.ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා පොහොර ටික අපට කඩිනමින් දෙන්න කියලා.”

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….