මැංගුස් සමුගැනිමට සැරසෙයි

මැංගුස් වලට කළුතර ප්‍රසිද්ධය.නමුත් කළුතරින් මැංගුස් සමුගන්නා  තත්වයට පත්වෙමින් තිබෙන බව කළුතර පාරම්පරික මැංගුස් වෙළෙන්දෝ කියති.

දශකයක තරම් ඈතක මැංගුස්වලට තිබුණු තැන දැන් නැතැයි මැංගුස් වෙළෙන්දෝ  මැසිවිලි නගති..කළුතර පාලම් දෙක සහ ඵෙතිහාසික බෝධි පරිශ්‍රය ආශ්‍රිතව  ගාලු පාර දෙපස  වෙළඳාම් කළ මැංගුස් වෙළෙඳුන් අද අසරණයැයි ඔවුන් කියති.

වසර කීපයකට ඉහත දිනකට මැංගුස් ගෙඩි සීයක් හමාරක්  අලෙවි කළ තමන්ට අද ගෙඩි දහයක් විකුණා ගැනීමට නොහැකියයි වෙළෙඳුන් කියති.

අධිවෙිගි පාර හැදුනට පස්සෙ අපේ බිස්නස් එක නැත්තට නැති වුණා. වාහණ වලින් යන අයට විකිණු මැංගුස්  වෙළඳාම ඉවර වුනා .වෙළඳාම නැතිවුනා වගේම කළුතරින් මැංගුස් නැතිවෙලා යන තැනට ඇවිල්ලා.

අද හැම අතුරු පාරකම කළුතර දිස්ත්‍රික්කය පුරාම  විශාල ලෙස අලෙවි කරන්නෙ දූරියන්. මෙික මැංගුස් කාලෙ වුනත් දැං ඉල්ලුමක් නැතැයි වෙළෙඳුන් චෝදනා කරති.

කළුතර දිස්ත්‍රික්කයේ  මැංගුස්  වානිජ වගාවක් වශයෙන්  විශාල ලෙස කරන්නෙ නෑ.කලකට ඉහත සෑම ගමකම හැම ගෙවත්තකම මැංගුස් ගස් හතර පහක් තිබුණා. දැන් ඉඩම් කැබලි වෙලා ගෙවතුවල මැංගුස් වගා කරන්නෙ නෑ.

මොකද මැංගුස් ගහට විශාල ප්‍රදේශයක් යටවෙනවා යැයි මැංගස් ගස් විශාල ප්‍රමාණයක හිමිකරුවකු වු අගලවත්තේ  රංජන්  කුමාර මහතා කීවෙිය.

අනෙත් කාරණය මෙි වන විට කළුතර දිස්තුික්කයේ ගමිබද මැංගුස් ඵලදාවෙන් වැඩිම ප්‍රමාණය වන සතුන්  අයිති කරගන යැයි  බෙල්ලන  ප්‍රදේශයේ මැංගුස්  ගස් හිමිකරුවෙකු වු සරත්  සමර සේකර කීවෙිය. මැංගුස් ගෙඩියක් ඉල්ලන්නෙ රුපියල් දෙක තුනට  මොකද දැං මැංගුස් වලට වඩා කළුතර මිනිස්සුත් දුරියන් වලට අැබිබැහිවෙලා යයි  සමරසේකර මහතා කීවෙිය.

මැංගුස්  වගාව සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් යන නිසා  එයට පිළියමක් ලෙස බද්ධ මැංගුස් හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමෙින්තුව පියවර ගෙන තිබෙි.

නමුත් වාණිජ වගාවක් ලෙස කළුතර මැංගුස් වගා කිරිමට වඩා බොහෝ පිරිසක් දූරියන් වගාවට පෙළඹීම හේතුවෙන්  අනාගතයේ කළුතරින් මැංගුස් සොයා ගැනීමද පහසු නොවනු ඇත.
 සෝමරත්න පොද්දෙණිය –  මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….