රටටම ආදර්ශයක් වූ දිරිය මවක් හා දූවරුවන්

දේශීය ආහාර නිෂ්පාදනයෙන් ජීවිතය ජයගත් මවක් සහ දියණියන් දෙදෙනකු මාතලේ ලග්ගල ගලේයාය නව ගුරුවෙල ප්‍රදේශයේ ජීවත් වෙති.

මුළු ලොවම ලෝක කාන්තා දිනය ඊයේ (08) සමරද්දී මෙම ආදර්ශවත් මව සහ දියණියන් දෙදෙනා මුළු රටටම කාන්තා පරපුරටම ආදර්ශයකි. නව ගුරුවෙල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ප්‍රදීපා ප්‍රනාන්දු මහත්මිය වයස අවුරුදු 50ක තිදරු මවකි. ඇය විවිධ දුෂ්කරතාවලට මුහුණ පා වසර කිහිපයකට ඉහත දී තමන් විසින්ම උපයා සපයා ගෙන කිසිවකුටත් අත නොපා ජීවත් වීමේ උදාර අදිෂ්ඨාන සිතට ගත් ඇය රැකියාවක් ලෙස තෝරා ගත්තේ තමන් සහ ගමේ අය සමඟ ගොවිතැන් කිරීමයි.

එහෙත් එම ගොවිතැන් විශේෂ වගාවන් රටාවකි. එනම් වස විසෙන් තොර වූ කුරක්කන්, මෑ කරල්, තල, මෙනේරි, අබ, මුං ඇට, කව්පි, මිරිස්, බඩඉරිඟු ආදී නිවෙසකට අවැසි ආහාර වේ.තමන් වගා කරන සහ තම ගම්මානයේ පිරිස් වගා කරනු දේශීය ආහාර මිලදී ගැනීමත් ප්‍රදීපා ප්‍රනාන්දු විසින් සිදු කරන්නට වූවාය.

පසුව ඇය කාර්යබහුල කාන්තාවන් ඉලක්ක කරගෙන පිරිසුදු පැරණි ආහාර පහසුවෙන් තම නිවෙසේ සාදා ගැනීමට හැකිවන පරිදි පහසු කොට ඇසුරුම් කොට නිවෙසට ලබාදීමට ඉතා කුඩාවට මේ ක්‍රියාව ආරම්භ කළාය.

එය විවිධ ප්‍රමාණයන්වල ඇසුරුම් සකසා නිවෙස්වලට වෙළෙඳසලට ගෙන ගොස් අලෙවි කිරීම ඇය රැකියාව වූ අතර පසුව දිනෙන් දින දියුණු කර ගත්තාය. මොරගහකන්ද කළු ගඟ ජලාශවලට තම දේපළ ඉඩකඩම් නිවාස සියල්ල අත්පත් කරගත් පසු ඔවුන් නව පදිංචිකරුවෝ ලෙසන් ලග්ගල නව ගුරුවෙල නගරයට පැමිණ තිබේ. එම පැමිණීම අතරෙත් ඇය තම රැකියාව අමතක නොකළාය.

එම ලැබුණු ඉඩම්වලද ඇය කුරක්කන් ඇතුළු විවිධ ආහාර වගාවන් ආරම්භ කළේ තම වැඩිමහල් දියණියන් දෙදෙනා ද සමඟය.සශිකා මදුශන්කිනි, නිසංසලා දේශානි දියණියන් දෙදෙනාට ද මෙම ආදර්ශමත් මව තවත් ආදර්ශයක් දෙමින් මෙම රැකියාව පසුපසම ඔවුන් දෙදෙනාද කැටුව යන්නට අමතක නොකළාය.

මධ්‍යම පළාත් සභාවට අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හොඳම ව්‍යවසායිකාවන් හැටියට ඇය සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. මෙම සියුමැලි දෑත්වලින් කුරහන් කැපීම, වියළීම, කෙටීම බඩඉරිඟු, කුරහන් තල, උඳු, මෑ, කව්පි ආදී බොහෝ ධාන්‍ය වර්ග අපේ රටේ මිනිස්සුන්ට වස විස නැති ආහාර බවට පත් කිරීමට මෙම තිදෙනාගේ කැපකිරීම අගය කළ යුතුව තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….