ලංකාවේ පාඩු ලැබුවත් ලෝකයේ පාඩු නොලබන Petroleum කර්මාන්තය

ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා.
ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක security කෙනෙකුට ගෙවන්නේ මාසෙටම රු.30,000/-ක් වගේ. නමුත් Petroleum එකේ 100,000.-කට වැඩි..
රජයේ කාර්යාලයක පියන් කෙනෙකුට ගෙවන්නේ 25000/-ක් විතර වැටුපක්.. නමුත් Petroleum එකේ පියන් කෙනෙකුට ගෙවනවා 120000/-ක් විතර වැටුපක්..
අවශ්ය සේවක පිරිස වගේ දහගුණයක් විතර ජන්දෙට පෝස්ටර් ගහපු උන්ගෙන් අතුල පිරිලා.
ඊලග එක තමයි “සුද්ද Petroleum බෙදන්න හදපු system ” එක වෙනස් කරලා බව්සර් වලින් තෙල් බෙදන එක. සුද්දා හැදුවේ පිරිපහදුවේ ඉදලා ගාල්ලට කෝච්චියේ යන තෙල් එතන ඉදලා බව්සරෙන් බෙදන්න. නුවරට, අනුරාධපුරේට, තිරිකුනමලේට, යාපනේට කෝච්චියෙන් තෙල් යවලා එතන ඉදල තමයි බව්සර් වලින් බෙදුවේ.
රේල් පාරේ යනවා වගේ 10 ගුණයක වියදමක් යනවා බව්සර් වලින් තෙල් බෙදද්දී.. හැබැයි ලංකාවේ තෙල් බෙදන්නේ එහෙමයි.. මොකද ජන්ද කලේ උදව් කරපු ය අහන්නේ අපිට “Petroleum එකට බව්සරයක් දාගන්න පුලුවන්ද කියලනේ..” ඉතින් ඌ බව්සරේ දානවා.. රටේම උන් පව් ගෙවනවා..
දේශපාලනේ ගැහිල්ල ගැන කතා කරලම වැඩක් නෑ..
මේකට කෙලවිලා තියෙන්නේ දැන් ඉන්න දේශපාලුවෝ ටික නිසා විතරක් කියල හිතනවානම් හෙනම ගොන් කමක්.. Petroleum එකට කෙළවෙන්න පටන් ගත්තේ අනුරුද්ද රත්වත්තේ හිටපු කලේ ඉදලා.. මොකද ඒ කලේ තමයි වැඩිම අම්බරුවෝ ගොඩක් ඕකට දැම්මේ. එදා ඉදල හැම එකාම ඕක පිරෙව්වා..
දේශපලුවෝයි, උන්ගෙන් පත්වීම් ගත්තු ගෙවල් වලට වෙලා පඩි ගන්න හාල්පරුවෝයි, උන්ගේ පස්සෙන් ගිහින් බව්සර් ගෙන තෙල් අදින අපතයෝයි ටික තමයි ලංකාවේ තෙල් මිලේ සාපෙට වග කියන්න ඕනි..
සාංගික දේවල් හොර කවම පව් කියනවනේ.. ඒ වගේ තමයි වැඩක් නොකර පඩි ගන්න උන්ටත්.. ඒ කියමන පොදුයි..

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….