වගා නොකළ ඉඩම් වගා කීරීමට කඩිනම් උපදෙස්

අප රටේ දැනට වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  ජනාධිපතිතුමන් විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම වසරේ මැද වනවිට ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි යැයි විවිධ පාර්ශ්ව අනතුරු අඟවනවා. අද ගොවිබිම්වලට යන අය ගොවීන් වගේම තරුණ කොටස් යම් අධෛර්මත්වීමක් තිබෙනවා. අපේ රටේ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා රජය මැදිහත්ව ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වුවා. එතුමා මුදල් අමාත්‍යතුමාටත් ඒ ගැන දැනුම් දුන්නා. ඒ අනුව අදාල සියලු පාර්ශ්ව කැඳවා මුදල් අමාත්‍යතුමා මේ සම්බන්ධව සාකච්ඡා කළා. මුදල් අමාත්‍යතුමා පරිසර අමාත්‍යාංශය විදියට අපිටත් මේ සඳහා දායකවීමට යම් වගකීමක් පැවරුවා.

ඒ අනුව ආගමික ස්ථාන, පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, රෝහල් හා පාසැල් ඇතුළු රාජ්‍ය අංශයේ ඉඩම්වල විශාල වශයෙන් වගා නොකළ ඉඩම් තිබෙනවා. එම ඉඩම් සියල්ලම ගෙවතු වගාවන් ආරම්භ කිරීමට සුදුසු වැඩ පිළිවෙළක් අරඹන ලෙස අපිට උපදෙස් දුන්නා.

ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදනත් රජය මගින් ලබා දීමට නියමිතයි. මෙම ගෙවතුවල පලතුරු, එළවලු, මෙන්ම වනපියස වැඩි කිරීම සඳහා සහාය වන අරළු බුළු නෙල්ලි ඇතුළු ඖෂධ ශාක වගා කිරීමටත් අපි පියවර ගන්නවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂි ඉඩම්වල මෙන්ම ඒ සඳහා යොදාගත හැකි ඉඩම්වල ආහාර භෝග වගා කිරීම ආරම්භ කරනවා.

දැන් කළ යුත්තේ එකිනෙකාට දොස් කිය කියා ඉන්න එක නොවෙයි. අපි කළ යුත්තේ යම් ආහාර හිඟයක් ඇතිවනවා නම් ඒ සඳහා අපි පිළියම් යෙදිය යුතුයි. එකිනෙකාගේ අඩුපාඩු විවේචනය කිරීම පළක් නැති දෙයක්.

දැනට පුරන් කුඹුරු ඉඩම්අක්කර ලක්ෂයක් පමණ තිබෙනවා. මෙම ගෙවතු වගාවට කාබනික පොහොර භාවිතා කළ හැකියි. පළමු පියවර යටතේ ගෙවතු ලක්ෂයක් වගා කිරීමට පියවර ගන්නැයි අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් දුන්නා. ඒ නිසා ගෙවතුවගා වැඩ සටහන අපි කඩිනමින් ආරම්භ කරනවායැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….