වසර 22කට පසු රළු-අං කටුස්සා කරළියට

ශ්‍රී ලංකාවට ආවේණික කටුසු ගණයක් වන Ceratophora හි විශේෂ 5ක් මේ වන විට හඳුනාගෙන ඇත.මින් Ceratophora stoddartii පළමුවෙන්ම විස්තර කරන ලද්දේ ග්‍රේ විසින් 1834 වසරේදීය. පසුව Ceratophora tennentii, Ceratophora aspera විස්තර කරනු ලැබූ අතර අවසන් වරට විස්තර කරන ලද්දේ රක්වාන කඳුවැටිය ආශ්‍රිතව ව්‍යාප්තව සිටින Ceratophora erdeleni හා Ceratophora karu යන විශේෂ දෙකයි. ඒ 1998 වසරේදී කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි හා රොහාන් පෙතියාගොඩ විසිනි.

Ceratophora aspera (රළු අං කටුස්සා) ශ්‍රී ලංකාවේ වැඩිම භූගෝලීය ව්‍යාප්තිය දක්වන විශේෂ ලෙස හඳුන්වනු ලබයි. එම විශේෂයේ කෞතුකාගාර නිදර්ශක හා පහතරට තෙත් කළාපයේ ඇතැම් ප්‍රදේශ වලින් හමුවන සතුන්ගේ ලක්ෂණ වල වෙනසක් ඇති බව ක්ෂේස්ත්‍ර ජීව විද්‍යාඥ සමීර සුරංජන් කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායමට දැකගැනීමට හැකි වී ඇත. ඒ ඔස්සේ සිදුකරන ලද රූපවිද්‍යාත්මක හා ජානමය පර්යේෂණ මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනයේ සිටින ගහණය නව විශේෂයක් ලෙස හඳුනාගැනීමට හැකිව තිබේ.

මෙම නව විශේෂය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පරිණාමික ජීවවිද්‍යාඥ හා උරග හා උභයජීවී විද්‍යාඥ කණිෂ්ක උකුවෙල මහතා මෙරට සත්ව සංරක්ෂණය හා සතුන් අධ්‍යයනයට ඉටුකළ මෙහෙය වෙනුවෙන් ගෞරව පිණිස “උකුවෙලගේ රළු-අං කටුස්සා” ලෙස නම් කර ඇත. විද්‍යාත්මකව Ceratophora ukuwelai ලෙසද ඉංග්‍රීසි බසින් Ukuwela’s Rough-horn Lizard ලෙසින්ද නව විශේෂය නම් කර ඇත.

නව විශේෂය රළු අං කටුස්සාගෙන් ජානමය වශයෙන් (ND2) 9.6% වෙනස් වන අතර මෙම විශේෂ දෙක වෙන්ව පරිනාමය වී ඇත්තේ වසර මිලියන 7.8කට පමණ පෙර මයෝසීන අවධියේ අවසාන කාලයේ පමණ බව විශ්වාස කරයි. තවද නව විශේෂය රළු-අං කටුස්සාගෙන් පහත සඳහන් රූප විද්‍යාත්මක ලක්ෂණ මගින් වෙන් වේ. supraciliary කොරල සංඛ්‍යාව, උදරීය කොරල සංඛ්‍යාව හා paravertebral කොරල සංඛ්‍යාව සාපේක්ෂව අඩු අගයක් ගැනීම.

තවද මධ්‍ය දේහ කොරල අගය වැඩි සංඛ්‍යාවක් ගැනීම හා සාපේක්ෂව දිගින් වැඩි කඳ (trunk) ප්‍රදේශයක් සහිත වීම. මෙම නව විශේෂය රතු දත්ත වාර්තාවට දැඩි ලෙස තර්ජනයට ලක් වූ (CR – Critically Endangered) විශේෂයක් ලෙස ඇතුලත් කිරීමට නිර්දේශ කර ඇත. මෙම විශේෂයත් සමග ශ්‍රී ලංකාවේ අං කටුස්සන් විශේෂ 6ක් දක්වා වැඩිවන අතර Ceratophora aspera විශේෂය ශ්‍රී ලංකාවේ දකුණු දෙසට වන්නට ඇති පහතරට තෙත් වනාන්තර වලට සීමා වේ.

සටහන හා ජායාරූප – බෝගහගොඩ : ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….