‘වීරයා’ සහ ‘ජගතා’ සමුදෙයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.

යුධ නෞකාවක් නාවික හමුදා සේවයට එක්වීම රටේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් විශේෂ බලපත්‍රයකින් අධිකාරියට පත් කිරීම මගින් සිදු වන අතර, යුධ නෞකාවක් නාවික සේවයෙන් ඉවත් කිරීමද ජනාධිපතිවරයාගේ විශේෂ අනුමැතියක් සහිතව සිදු වේ. ඒ අනුව, ‘වීරයා’ සහ ‘ජගතා’ යුධ නෞකාවන් අධිකාරියෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ව අනුමැතිය මත සිදු කරන ලදි.

1972 වසරේ රියර් අද්මිරාල් ඩීවී හන්ටර් නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අවදියේ ‘Her Majesty’s Ceylon Ship Weeraya’ සහ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ ලෙස අධිකාරයට පත්කර නාවික හමුදා සේවයට එක්කෙරුණු ‘වීරයා’ නෞකාව, එතැන් සිට වසර 48 ක පමණ කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව අඛණ්ඩව ජාතියට සේවය කොට ඇත.

1980 වසරේ රියර් අද්මිරාල් ඒඩබ්එච් පෙරේරා නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ අවදියේ අධිකාරියට පත්කර නාවික සේවයට එක්කළ ‘ජගතා’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්ව වසර 40 ක අඛණ්ඩ ජාතික සේවයක් ලබා දී ඇති අතර, මෙම නෞකා ද්විත්වය 1961 වසරේදී මහජන චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදනය කර ඇත.

1980 දශකයේ මුල් භාගයේ පළමු ඊලාම් යුද්ධය ආරම්භ වීමත් සමඟ අතිශය කාර්යබහුල වූ මෙම නෞකාවන් වෙතින් කරෙයිනගර් දූපත ආශ්‍රිත මුහුදේ සිදු වූ අවි ජාවාරම් සහ ත්‍රස්ථ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා සිදු වූ දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවට බෙහෙවින් වැදගත් විය. මෙම නෞකා නිෂ්පාදනයේ සිට අඩසිය වසකට වැඩි කාලයක් භාවිතා කිරීමෙන් පසු මේ වන විට කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස යෙදවිය හැකි උපරිම කාලය සම්පූර්ණ කර ඇත.

මෙම යුධ නෞකා ද්විත්වය අධිකාරියෙන් ඉවත් කිරීමෙන් පසු නෞකාවන්ගේ දිගට සමාන වන ලෙස සකස් කරන ලද එම නෞකා අධිකාරියට පත් කිරීමේ ධජය (Commissioning Pennant) සංකේතවත් කරනු ලබන Paying off Pennant ධජයන් නැව් මුළුවේ සාමාජිකයින් ගණනට සමාන කොටස් වලට වෙන් කොට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකා ද්විත්වයේ නැව් මුළු වෙත ලබා දීම, මෙම අධිකාරියෙන් ඉවත් කිරීමේ උත්සව අවස්ථාවේ අවසන් අංගය ලෙස සනිටුහන් විය.

නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීමේ මෙහෙයුම් සඳහා දශක හතරකට අධික කාලයක් අභිමානවත් සේවයක් ලබා දෙමින් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අනභිභවනීය සේවයක් සිදුකල මෙම නෞකා ද්විත්වය නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසුව ඉදිරි දිනකදී ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කෘතිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට නියමිතය.

‘වීරයා’ සහ ‘ජගතා’ නෞකා අධිකාරියෙන් ඉවත් කිරීමේ උත්සව අවස්ථාව සඳහා 1980 ජනවාරි 01 වන දින සිට 1981 ජනවාරි 25 වන දින දක්වා එවකට ‘වීරයා’ නෞකාවේ හයවන (06) අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජේටීජී සුන්දරම් ජ්‍යේෂ්ඨ නිලධාරියා විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගි විය.

තවද, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් වයිඑම්ජීබී ජයතිලක, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනුර ධනපාල, ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ආර්පීසීජේ රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් කේඑස් රණසිංහ, නාවික හමුදා මූලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ ආයතන හා නෞකාවන්ට අයත් අණදෙන නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….