සුඛෝපභෝගි රථයකින් නිදන් සෙවීමට පැමිණි හොර චීවරධාරියෙකු මාට්ටු

aresst

සුඛෝපභෝගි මෝටර් රථයකින් නිදන් සෙවීමට පැමිණි දේවවරමක් ඇති බව කියන චීවරධාරියෙකු සමග ගල්තලාවක් පරික්ෂා කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කුලම බරවාහන පුහුණු ආයතනය ඉදිරිපිට නවතා තිබූ සැකසහිත සුඛෝපභෝගි මෝටර් රථයක් පරික්ෂාකර එහි සිටි චිවරධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි තවත් දෙදෙනෙකු සමග නිධානයක් ගොඩගැනීමට පැමිණි බව පැවසීමෙන් පසුව පොලිස් කණ්ඩායම පරික්ෂණ අරඹා තිබේ.

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හා පොලිස් හදිසි ඇමතුම් අංශයට පුද්ගලික ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව අදාල මෝටර් රථය පරික්ෂා කිරීමේදි ගල්විදින ඩ්‍රිල් එකක් ඊට යොදන යකඩ කටු හතරක් හා පූජාවට ගෙනා බවට සැකකරනා ගම් බිත්තරයක් පොලිස් නිලධාරින්ට හමුවි තිබේ.

පසුව මෝටර් රථයේ පැමිණි සෙසු සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම ගල්කුලම උට්ටිමඩුව ප්‍රදේශයට ගොස් ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි ගල් කොරියක් ආසන්නයේ ඇති විශාල ගල්තලාවක් මත සිටියදි සැකකරුවන් තිදෙනකෙු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.ඔවුන් අතර ගල්කොරියේ හිමිකරුගේ පුත්‍රයාත් සිටි බව පොලිසිය පවසයි.

සැකකරුවන් පැමිණ අදාල ස්ථානයේ කිරි උතුරුවා පහන් දල්වා පූජා කටයුතු ආරම්භ කර තිබෙනා බවත් නඩු භාණ්ඩ වශයෙන් කිරි ඉතිරවූ කුඩා මුට්ටියක් පහනක් ත්‍රීරෝද රථයක් හා සුඛෝපභෝගි මෝටර් රථය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

උට්ටිමඩුවේ ගල්කොරිය පවත්වා ගෙන යන හිමිකරුගේ පුත්‍රයාගේ ඉල්ලීම මත ගල්තලාවේ තිබෙන නිධානයක් ගොඩ ගැනීමට ඔවුන් පැමිණ ඇති බවට පොලිසිය සැකකරනා අතර දෙවියන් සමග වැඩකරනා බව කියන චීවරධාරියා එම කටයුත්තේ පූජා කටයුතු සදහා පැමිණ ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් චීවරධාරියා තණමල්විල උස්ගල පුරාණ රජමහා විහාරයේ වැඩවසන බව පැවසූවත් අනන්‍යතාව ඔප්පුකර ගැනීමට ජාතික හැදුනුම්පත්ක් හෝ පැවිදි හැදුණුම්පත නොතිබු බව පොලිසිය කියයි.

සෙසු සැකකරුවන් අතර සිටිනා දෙදෙනෙකු තණමල්විල සූරියආර පදිංචිකරුවන් වන අතර සෙසු සැකකරු ගල්කුලම උට්ටිමඩුව පදිංචි අයෙකු බව පොලිසිය කියයි.ඔවුන් වයස අවුරුදු 41-43 වියේ පසුවන පිරිසක් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් සිවුදෙනා පුරාවිද්‍යා පනතේ 6(1) වගන්තිය යටතේ නිදන් සෙවීමේ චේතනාවට ඊයේ (27දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ උපදෙස්මත නිලධාරින් කණ්ඩායමක් හා පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් වන පොලිස් පරික්ෂක මහින්ද රණවීර සැරයන්වරුන් වන සෙනරත් බණ්ඩාර වීරකෝන් 36446 වැල්ලගිරිය 61274 පොලිස් කොස්තාපල් අධිකාරි 69509 ඉන්දික 47836 යන නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….