
More Stories

Starting Small: The (Small) Business Plan පොඩියට පටන් අරන් පුළුල් වෙන හැටි
සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියලා ඔයාලත් දැනගන්න කැමති ඇති. ඒකට ලොකු පොත් ගොඩවල් ඕනැ නැහැ. තමන්ගෙන්ම මේ ප්‍රශ්න තුන අහන්න: “මම විකුණන්නේ මොනවාද?” “ඒවා ගන්නේ කවුරුද?” “ඒවා විකුණන්නේ කොහොමද?” මේ ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තම, ඔයාලටත් පුළුවන් පොඩි තැනකින් පටන් අරගෙන ලොකු තැනකට එන්න. මේ ඉන්නේ එහෙම වැඩ කරන කාන්තාවක්. සාමාන්‍ය කාන්තා පාවහන් නිෂ්පාදනයෙන් ආරම්භ…

Turning Skills into Profit ඔබේ හැකියාවෙන් යමක්
ඔබේ තිබෙන කුසලතා ඔබට ලාභදායී ව්‍යාපාරයකට භාවිතා කරන්නට පුළුවන්. උයන්නට, මහන්නට, අත්කම් කරන්නට සමත් අයට එමගින් ව්‍යාපාරයක් නිර්මාණය කරගන්නට පුළුවන්. එහිදී මෙතෙක් සතුට වෙනුවෙන් කළ දේවල් වෙළඳපොළ වෙනුවෙන් කරන්නට ගියාම ඔබට හිතන්නට ගොඩක් දේ තිබෙනවා. නිෂ්පාදන වියදම කීයද? ඔබේ ශ්රමයට වටිනාකමක් ලැබෙනවාද? ලාභයක් තියෙනවාද? අලෙවි කරගන්නේ කොහොමද? ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද? එවැනි කරුණු ගොඩක්…

Spotting a Business Opportunity ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම
This video will help women identify business opportunities right in their own villages. It’ll encourage them to think about what their community needs. ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පසුගිය දිනෙක සමාජ මාධ්‍යවල දැකපු සටහනක් මෙහෙමයි: තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද…

What’s an Entrepreneur? ව්‍යවසායකයෙකු කියන්නෙ කවුරුද?
ව්‍යවසායකයකු කියන්නේ කිසියම් ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගනිමින් එයට ගැලපෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයන්නෙක්. එහි අවදානමක් ද තිබෙනවා. ලාභ මෙන්ම පාඩු ද ලබන්නට පුළුවන්. පෙරහැරක් තියෙන දවසට එන සෙනගට රටකජු විකුණන්නට පුළුවන්. හැබැයි, එදා වැහැලා පෙරහැර අවලංගු කළොත් හරි, සෙනග ආවෙ නැතිනම් හරි බැදගත්ත රටකජුවලින් පාඩු වෙන්න පුළුවන්. චුල්ලසෙට්ඨි ජාතකයෙන් කොටසක්: ඉස්සර, බරණැස් නුවර හිටියා චූලසෙට්ඨි කියලා…

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…

ව්‍යවසායකයන්ට අතහිත දෙන ව්‍යවසායකයෙක්
නිශාන්ත රුවන් යනු ව්‍යවසායකයන්ට අතහිත දෙන තවත් වටිනා ව්‍යවසායකයෙකි. ඔහු නිර්මාණය කරන්නේ ස්වයං රැකියාවල නියුතු සහ කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්රෝපකරණයි. මහර, කඩවත සිය ව්‍යාපාරික කටයුතු කරන නිශාන්ත මහතාගේ ව්‍යාපාරය පිළිබඳ කළ සාකච්ඡාව ඇසුරින් සැකසූ ලිපියකි. රසකැවිලි නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිපදවීමට නිශාන්ත මහතා ප්රමුඛත්වයක් දරන්නේය. ටොෆි, සීනිබෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට්…