මිහින්තලාවේදී රතන සූත්‍රය ලක්ෂවාරයක්

mihinthalawa

අනුබුදු මිහිදු මාහිමිපානන්ගේ ලංකා ගමනය සිහිපත් කෙරෙන පොසොන් උත්සවය වෙනුවෙන් පුරාණ චාරිත්‍ර වාරිත්‍ර සමග රතන සූත්‍රය ලක්ෂවාරයක් සජ්ජායනා කිරීම මෙන්ම වාර්ෂිකව පැවත්වෙන විදුලි ආලේක පූජාව පොසොන් පොහොය දිනයේ සිට සතියක් පුරාවට පැවත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන් පැවසූහ.

පවතින වසංගත රෝග අවධානම් තත්වය හමුවේ උත්සව නොපැවත්වුණත් පුරාණ රජ දවසේ සිට පැවති චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම ඉටුකරමින් පවතින රෝග බිය වසංගත තත්වය දුරුවේවායි ප්‍රාර්ථනා කරනා බව නාහිමියන් පැවසුහ.

ලබන මස පැවත්වීමට නියමිත පොසොන් පොහොය දින උත්සව සම්බන්ධයෙන් වැඩිදුරටත් අනුශාෂනාවක් කළ නාහිමියන්.මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් බියට පත්වෙලා ඉන්නේ.බුදුන්වැඩි සමයේ ඇතිවූ විශාලා මහනුවර තුන් බිය මේ අවස්ථාවේ සිහිවෙනවා.

ලබන මස (20දා) ඉදලා දිවා රෑ නොකඩවා ලක්ෂවාරයක් රථන සූත්‍රය සජ්ජායනා කරමින් රටට ලෝකයට සෙත් ප්‍රාර්ථනා කරනවා මේ වසංගතය බුද්ධ බලයෙන් ඉක්මනින් ලොවින් තුරන්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ඊට අමතරව 1962 වසරේ ඉදලා අඛණ්ඩව සිදුකරනා විදුලි ආලෝක පූජාව පැවත්වෙනවා.මහා සංඝරත්නයේ තිස්නමක සහභාගිත්වයෙන් රථන සූත්‍රය සජ්ජායනය සිදුකෙරෙනවා.තාම පොසොන් උත්සවය වෙනුවෙන් මොන මොන කටයුතු සිදුකරනවද කියන එක තීරණය කරලා නෑ.

අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සමග පොසොන් උත්සවය පිළිබදව සාකච්ඡා සිදුකර නෑ.මිහිදු පෙරහැර පවත්වන්නේ නෑ කියන එක දැනට ස්ථිරවම තීරණය කරලා අවසන්.

රතන සූත්‍ර සජ්ජායනව ඇතුළු කටයුතු සදහා සහභාගිවන පනස් නමක් විෂයලා මහා සංඝරත්නය වෙනුවෙන් අවශ්‍ය දානය විහාරස්ථානයේදීම සකසනවා.ඒ සදහා මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය හා පොලිසිය අවශ්‍ය කටයුතු කරනවා.මහා සංඝරත්නයට අවශ්‍ය දානය හා සෙසු දෑ වෙනුවෙන් වියලි ආහාර හා වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග සිදුකරන්න කැමති අයෙකුට ඒ පිං කටයුත්තට සහ සම්බන්ධවෙන්න පුළුවන්.

මිහින්තලා මහාසෑයේ සහ විහාරස්ථානයේ සෙසු ගොඩනැගිලි සුදු තීන්ත ආලේප කිරීම ආරම්භකර තිබෙනවා.අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ඒ සියළුම කටයුතු වලට මූල්‍ය දායකත්වය ලබාදෙනවා.

මහ සෑයේ හතරැස් කොටුවට යනකම් තීන්ත ආලේපකර අවසන්.ගුවන් හමුදාපතිතුමාගේ උපදෙස් අනුව අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ නිලධාරින් එම කටයුතු සිදුකරනවා.සෙසු කටයුතු වලට යුදහමුදාව නාවික හමුදාව සිවිල් ආරක්ෂක බලකාය සමග පොලිසිය උදවු උපකාර කරනවා.

පොසොන් උත්සවයේ කටයුතු මොන ආකාරයෙන් සිදුවුනත් රටට ලෝකයට ඇතිවි තිබෙනා රෝග බිය විපතින් ඉක්මනටම සියළු දෙනාට මිදෙන්නට හැකි වේවායි පතමින් ලබන මස 20දා සිට අපි සියළුම දෙනා විහාරස්ථානයේ පමණක් නෙමෙයි සිය නිවසේත් රථන සූත්‍රය සජ්ජායනා කරමු යැයි නාහිමිපානන් පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….