හැත්තෑ නම හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පසුගියදා අත් අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි.
බේරුවල මරදාන ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම කාන්තාවට අතවර කළ බව කියන තරුණයා මීට පෙරද මෙවැනි වැරදි වලට චෝදනාවට ලක්වූවෙකු බවද පොලීසිය කියයි.
කාන්තාව අසනිප තත්වයෙන් පසුවන නිසා ප්රදේශයේ මහ රෝහලකට ඇතුලත් කර තිබේ. සැකකාර තරුණයා කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන බේරුවල පොලීසිය කියයි.






