කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයේ දියුණුව සමග රැකියා වෙළෙඳපොළ ගතික වෙනස් වීම් වලට ලක්ව ඇත. විශේෂයෙන් ආරම්භක මට්ටමේ තාක්ෂණික රැකියා අවස්ථා ක්‍රමයෙන් AI මගින් අතික්‍රමණය වෙමින් පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී ඇත.
යොවුන් උපාධිධාරීන්ට ඇති අභියෝග
සැන් ෆ්‍රැන්සිස්කෝ මූලික ‘සිග්නල්ෆයර්’ ආයෝජන අරමුදල විසින් ප්‍රකාශයට පත් කළ “2025 තාක්ෂණ කුසලතා” වාර්තාවට අනුව, ගූගල්, ඇමසන්, ඇපල්, මෙටා වැනි විශාල තාක්ෂණ සමාගම්වල ආරම්භක මට්ටමේ රැකියා අවස්ථා 2022 සිට 50%කින් අඩුවී ඇත. මෙම තත්ත්වය තරුණ උපාධිධාරීන් සඳහා විශේෂ අභියෝගයක් ඇති කරයි.
AI හි බලපෑම
AI තාක්ෂණයේ වේගවත් දියුණුව, ආයතනික අරමුදල් සීමාවන් සහ තාක්ෂණික කණ්ඩායම්වල ප්‍රමාණය අඩුවීම හේතුවෙන් රැකියා වෙළෙඳපොළේ සැලකිය යුතු වෙනස්කම් ඇති වී ඇත. 2023 වසරේ 25%ක්ව පැවති තාක්ෂණික සමාගම්වල ආරම්භක මට්ටමේ බඳවා ගැනීම්, පසුගිය වසරේදී 7% දක්වා පහත වැටී ඇති බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
තාක්ෂණ සමාගම් කළමනාකරුවන් අතුරින් 37%ක් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් GEN-Z පරපුරේ අය බඳවා ගැනීමට වඩා AI තාක්ෂණය යොදා ගැනීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.සිග්නල්ෆයර් වාර්තාව මඟින් පෙන්වා දෙන තවත් කාරණයක් තමයි අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් පරිගණක තාක්ෂණ උපාධි ලැබූවන්ට පවා ප්‍රධානපෙළේ තාක්ෂණ සමාගම් (BIG TECH COMPANIES) කනිෂ්ට මට්ටමේ රැකියා ලබාගැනීමේදී මේ තත්ත්වය බලපාන බවයි.
තවත් සුවිශේෂී කාරණයක් තමයි මෙම ප්‍රධානපෙළේ තාක්ෂණ සමාගම් නිෂ්පාදන සහ අලෙවි වැනි තාක්ෂණික නොවන කාර්ය භාරයන් සඳහා ද AI තාක්ෂණය යොදාගැනීම.ඒ වගේම ඔවුන් තම සමාගම්වල බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විශාල කොටසක් AI තාක්ෂණයට පවරා ඇති බව අදාළ වාර්තා මඟින් සඳහන් කරයි.