අජිත් තිලකසේන යනු කවු ද?

– අරුණ ප්‍රේමරත්න –

අජිත් තිලකසේන ගැන මුහුණු පොතේ සංවාදයක් ඇති වීම සාධනීය කරැණක්. වත්මන් පරපුර ඔහු ගැන නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා වූ කෙටි කතා එකතුවේ ඔහුගේ එකදු කෙටි කතාවක් හෝ නැහැ. ‘වතුර’ නැමැති කෙටි කතාව එක් කලක දී ඇතුළත්ව තිබුණ නමුත් බෙල්ලන්විල විමලරතන නැමැති භික්ෂුවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිසා එය ඉවත් කරගෙන තිබෙනවා.

අජිත් තිලකසේන නොමැතිව සිංහල කෙටි කතාව ගැන හැදෑරිය යුතු යැයි විෂය නිර්දේශය සකසන ආචාර්ය මහාචාර්යවරැන් තීරණය කර තිබීම නිසා ඔහු තරැණ පරපුරට අතපසු වීම පුදුමයක් වන්නේ නැහැ.

සිංහල සාහිත්‍යයට සහ සිංහල භාෂාවට අජිත් තිලකසේනගේ මැදිහත් වීම ඉතාමත් සංකීර්ණයි.

අද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් සිංහල පණිවුඩ යවන තරැණ පරපුර සිංහල බස ඉලෙක්ට්‍රොනික යතුරැලියනය කිරීම සඳහා තිලකසේන​ගේ භාෂාමය අත්හදාබැලීම් උපකාරී වූ බවක් දන්නේ නැහැ.

අජිත් තිලකසේන පැහැදිලිව ම අනාගතවාදියෙක්. භාෂාව සම්බන්ධ අත්හදාබැලීම් පමණක් නොව සාහිත්‍ය කෘතිතුළ ගැබ්ව ඇති අත්දැකීම් ද පැහැදිලිව ම අනාගතවාදී වෙනවා.

(ඔහුගේ සාහිත්‍ය භාවිතාව ක්‍රිස්ටෝපර් නොලාන්ගේ සිනමා භාවිතාව සිහිගන්වන සුළුයි.)

අද පවා ඇතැම් ලේඛකයින් වස්තු විෂය කර ගැනීමටත්, විවෘතව කතා කිරීමටත් බියක් දක්වන ලිංගික කාරණා ඔහු සිය කෙටි කතා මගින් සාකච්ඡාවට බඳුන් ක​ළේ මීට දශක හතරකටත් කලින්. සමරිසි භාවය, සංක්‍රාන්ති ලිංගිකයින්, විෂම යැයි සලකන ලිංගික චර්යාවන් ඔහුගේ කෙටි කතා තුළින් පාඨකයාට මුණ ගැසෙනවා. නාගරිකත්වය, නාගරික ජන ජීවිතය. මැද පාන්තික මනෝභාවය ගැඹුරින් ස්පර්ශ කරන්නට ඔහු සමත් වෙනවා.

තිලකසේනගේ සුන්නද්දූලි’ කෙටි කතා පොත සොයාගෙන කියවන මෙන් මා තරැණ පාඨකයින්ට යෝජනා කරනවා. එය අජිත් තිලකසේන නැමැති ලේඛකයා වටහා ගැනීමට හොඳ කවුළුවක් ඔබට විවර කරන බව මගේ විශ්වාසයයි.

ඔබ කියවීමට මැලි කමක් දක්වන කෙනෙක් නම් ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’ චිත්‍රපටය නරඹන්න. එය තිලකසේනගේ තිර රචනයක්.

1933 දී උපන් අජිත් තිලකසේන දැන් රෝගාතුරව සිටිනවා. ඔහුට දැන් ලිවීම කළ නොහැකියි. එහෙත් ඔහුගේ මනස තවමත් නිරෝගියි. සාහිත්‍ය කලාව ගැන ඔහු තවමත් උනන්දුයි.

වතාවක් අජිත් තිලකසේන සමග යෙදුණු කෙටි පිළිසඳරකින් පසු ඔහුගේ එකදු ලියවිල්ලක් හෝ කියවා නැති මගේ දියණිය මෙසේ කිව්වා.
‘ඒ සීයා හරිම මොඩර්න්’

ඔබ අජිත් තිලකසේනගේ ලියවිලි කියවන්නේ නම් ඔබටත් ඒ ‘මොඩර්න්’ මිනිසා මුන ගැසේවි. ඔහුගේ නවීනත්වයෙන් ඔබ මවිතයට පත් වනු නිසැකයි.

(මේ මා විසින් ගත් අජිත් තිලකසේනගේ ඡායාරෑපයක්)

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….