විදුහල්පතිවරයෙකුට කොරෝනා පාසල අසල උණුසුම් වෙයි

Corona to a principal

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පතිවරයෙකු නව කොරෝනා වෛරසය ආසාධිත බව සිදු කරන ලද පී.සී ආර්.පරික්ෂණයකින් තහවුරු වීමත් සමග එම ආරංචිය සැලවූ දෙමව්පියන් සිය දරුවන් ‍රැගෙන යාමට පාසල අසලට රොක් වූ අවස්ථාවේ සෞඛ්‍ය අංශ සමග උනුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ ගේට්‍ටුව අසලදීය.මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විදුහල්පති බරණ විජේරත්න මහතා ඉකුත්දා  ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී පී.සී.ආර්.පරික්ෂණයකට පෙනී සිට ඇත.

එහි ප්‍රතිපලය ධනාත්මක වීම හේතුවෙන්  එම ආරංචිය මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ දෙමව්පියන් ට සැල වීමෙන් දෙමව්පියන් පාසල අසලට ‍රැස්ව සිය ළමයින් ‍රැගෙන යාමට ඉල්ලා ඇත.

එම අවස්ථාවේ පැමිණි සෞඛ්‍ය අංශ ළමයින් හා ගුරුවරුන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එහි දී මෙම උණුසුම්කාරි තත්ත්වය ඇතිව තිබේ.පසුව සෞඛ්‍ය අංශ පාසලේ ගුරුවරුන් හා සිසුන්ගේ විස්තර ලබාගෙන සිසුන් වෙත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.

ඇතිව තිබෙන තත්ත්වය අනුව මනම්පිටිය සිංහල මහා විද්‍යාලය වසා දමන්නේ දැයි දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමාලා වාසලමුදලි මහත්මියගෙන් කළ විමසුමක දී සිසුන් 182ක්  හා ගුරුවරුන් 21ක් පාසල් පැමිණ සිටි බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසුවා ය.

මේ පිළිබඳව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රියන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසුමක දී හෙතෙම සඳහන් කළේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා කොරෝනා පොසිටිව් වීම නිසා ඔහු ගේ පවුලේ සියලු දෙනා පී.සී.ආර්.පරික්ෂණ සිදු කළ බවත් ආශ්‍රිතයන් පිරිසක් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තවත් ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු සිදු කරමින් සිටින බවත් ය.

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන්ගේ තොරතුරු ලබා ගැනීමට කටයුතු කළ බවත් දැනට පාසල වැසීමට තීරණය කර නොමැති බවද හෙතෙම පැවසීය.

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….