ඉන්දියාවේ පළමු වරට නාවික කාන්තා ගුවන් නියමුවරියක්

ඉන්දියාවේ , බිහාර් හි මුසෆර්පූර් නගරයේ උපත ලැබු විසි හතර හැවිරිදි ශිවන්ගිගේ පියා වුයේ  හරිබුෂාන් සිංය. ඔහු 1982 දී තම ගමේ ගැහැනු ළමයින් සඳහා පාසලක් විවෘත කළ ගොවියෙකි. ලසුව ඔහු ඒම පාසලේ ප්‍රධානියා විය. දිනක් ශිවන්ගේ සීයා බිහාර් හි වෛශාලි දිස්ත්‍රික්කයේ බුචවාලි ගම්මානයේ හෙලිකොප්ටරයක් බැලීමට ඇයව රැගෙන ගොස් තිබුණි. ඒවකට ඇය පාසලේ හතරවැනි පන්තියේ විය. ඇය ජිවිතයේ පළමුවරට ගුවන් යානයක් දුටුවේ ඒදිනය.

වසර ගණනාවකට පසු, සිකිම් හි මනිපාල් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියදී, ඇය විද්‍යාලයේ නාවික ඉදිරිපත් කිරීමකට සහභාගී වූවාය. සුදු නිල ඇඳුම සහ කතාව ඇයව බෙහෙවින් විශ්මයට පත් කළේය. නාවික හමුදාවට  කාන්තාවන් බඳවා ගන්නා බව ඇය ඒම  තේරීම් මණ්ඩල විභාගයට පෙනී සිට ඇත. ඉන් සමත් අවු ඇය උතුරු කේරළයේ එෂිමාලා හි පිහිටි ඉන්දියානු නාවික ඇකඩමියේ පුහුණුව ලැබීමෙන් පසු පසුගිය වසරේ උපාධිය ලබා ගෙන තිබේ. ‍

ඉන්දියානු ගුවන් හමුදාව සමඟ පිලටස් ගුවන් යානය සහ ඉන්දීය නාවික හමුදාව සමඟ ඩෝනියර් ගුවන් යානය පිළිබඳව පුහුණුව ලැබු උප ලුතිනන් ශිවන්ගි “මම පළමු වරට තනිවම පියාසර කළ විට, මට ගුවන් යානය නැවත ගෙන ඒමට හැකි දැයි  නොතතේරුණු  නමුත් මම ගොඩබසින විට මට එය තනිවම කළ හැකි බව මට වැටහුණු බවත් මා අසල වාඩි වී සිටින උපදේශකයෙකු තවදුරටත් අවශ්‍ය නොවීය” යනුවෙන් ඇය ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණි.

උප ලුතිනන් ශිවන්ගි ඉකුත්දා කොචි නාවික කඳවුරේ මෙහෙයුම් රාජකාරිවලට එක් වූ පළමු නාවික කාන්තා ගුවන් නියමුවරිය බවට පත් වුයේ සමස්ත කාත්තාවන්ට ආරදර්ශයක් දෙමිනි. ඒමෙන්ම ඇය ඉදිරියේදි ඉන්දීය නාවික හමුදාවේ ඩෝනියර් නිරීක්ෂණ ගුවන් යානය පියාසර කිරීමට නියමිතය.

හින්ඩන් ගුවන් කඳවුරේ චෙටැක් හෙලිකොප්ටර් ඒකකයක පියාසැරි අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගෙන ඇති උප ලුතිනන් ශිවන්ගි පවසන්නේ මෙය  මට, මගේ දෙමව්පියන්ට ආඩම්බර හැඟීමක් වන අතර එය වෙනස් හැඟීමක් බවය.. ඉතා දිගු කාලයක සිට ආශාවෙන් සිට හීනයක් මම සැබෑ කරගෙන  ඇති බවත්  “කාන්තාවන් සැමවිටම නාවික හමුදාවේ සිටි නමුත්  ඔවුන් නියමු කුටියේ සිටියේ නැති බවද පවසයි.

පළමු වරට නියමු කුටියේ සිටි කාන්තාවක්. එය ආරක්ෂක අංශවලට සම්බන්ධ වීමට කැමති අනෙකුත් කාන්තාවන්ට වැඩි අවස්ථාවක් නිර්මාණය කරනු ඇත. … සමහර විට ඔවුන් චොපර් සහ සටන්කරුවන් සඳහා යාමට පටන් ගනීවි, “ඇය වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබේ.

ශානි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….