රයිට් ටු ලයිෆ් හියුමන් රයිට්ස් මධ්‍යස්ථානයෙන් අද අපි කතා කරන්නේ පුංචි ව්‍යවසායකයන්ට අත්‍යවශ්‍ය දැනුමක් වන මුදල් කළමනාකරණය ගැන. මේ වීඩියෝ එකෙන් අපි බලමු, ඔබේ අතේ තියෙන පොඩි පොතක මේ දේවල් ලියාගෙන කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා.
ඔබේ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් වෙනම ලියා තබා ගැනීම ඉතා වැදගත්. එහෙම කළොත්, ඔබේ ව්‍යාපාරය ලාබද පාඩුද කියලා පැහැදිලිව දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබේ පෞද්ගලික මුදල් සහ ව්‍යාපාරික මුදල් වෙන් කරලා කළමනාකරණය කරන්නේ කොහොමද කියලත් අපි කතා කරනවා. මේ සරල ක්‍රම අනුගමනය කරලා ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගමු.
This video will cover basic financial management. It will teach women how to track their income and expenses using a simple notebook.