මෝටර් රථ උකස් තැබිමේ මහපරිමාන ජාවාරමක්

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ වංචනිකයෙකු මාසිකව කූලි ගෙවනා බව අගවා ජාතික පුවත්පතක දැන්වීම් පළකර ලබාගත් මෝටර් රථ තැරැව්කරුවන් මගින් උකස් තැබිමේ මහපරිමාන ජාවාරමක සුලමුල අනාවරණය කරගෙන එහි කල්ලියක සාමාජිකයෙකු සමග සුඛෝපභෝගි මෝටර් රථයක් ඇතුළු නවීන මෝටර් රථ පහක් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක එකේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තමන් මහනුවර ප්‍රදේශයේ මෝටර් රථ කුලියට ලබාගන්නා ආයතනයකට ලබාදුන් සුඛෝපභෝගි මෝටර් රථය අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ තිබෙන බවට අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාට පසුගිය (21දා)සිදුකළ පැමිණිල්ලකින් පසුව මහපරිමාන වංචාව අනාවරණය කර ගැනීමට පොලිස් කණ්ඩායම සමත්වි තිබේ.

අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ තිබු මෝටර් රථය පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන එය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි රථය කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් උකස්කර රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් බව පවසා තිබේ.

එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි ඔහු රුපියල් ලක්ෂ තුනකට රථය වෙනත් පුද්ගලයෙකුගෙන් උකස් ගත් බවත් මුදල් අවශ්‍යතාවකට රථය නැවත අනුරාධපුර විජයපුර ප්‍රදේශයට උකස් කළ බවත් පවසා තිබේ.

ඒ අනුව ප්‍රධාන සැකකරුගේ තැරැවුකරුවන කැකිරාව මඩාටුගම පදිංචි පුද්ගලයාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහිදි කුලී පදනමට ගන්නා රථවාහන කිහිපයක් විවිධ ප්‍රදේශවල උකස්කර තිබෙනා බව ඔහු පොලිසියට අනාවරණය කර තිබුණි.

මඩාටුගම වව්නියාව ඉරට්ටපෙරියකුලම යන ප්‍රදේශවලට රුපියල් ලක්ෂ 14ක මුදලකට මාස කිහිපයකට ඉහතදි උකස් කළ මෝටර් රථ පහක් පොලිසිය සොයාගෙන තිබුණි.එම රථවාහන වල වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ 120 ඉක්මවන බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු මහනුවර කටුගස්තොට පළාතේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස රංගනයේ යෙදෙන පුද්ගලයෙකු බවත් ඔහු භාවිතා කරන මෝටර් රථය පැදවිම සදහා වැටුප් ගෙවමින් රියදුරෙකු පවා සිටිනා බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

සැකකරුවන් එම රථවල ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික පෙන්වා මුදල් ලබාගන්නා බවත් පසුව එම රථ උකස්කර ලබාගත් මුදල්වල පොලිය ගෙවීමට හෝ මුදල් ගෙවා නැවත රථ ලබාගැනීමට නොයනා බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු පුවත්පත්වල දැන්වීම් පලකර මාසිකව රුපියල් හැත්තෑ දහසක් ගෙවනා බව අගවා මෝටර් රථ කුලී පදනමට ලබාගෙන තිබෙනා බවත් නීතිඥවරයෙකු ලෙස පෙනි සිටිනා ව්‍යාජ පුද්ගලයෙකු සමග ඇතිකරගත් ගිවිසුමක්ද මෝටර් රථ හිමිකරුට ලබාදි තිබෙනා බව පොලිසිය පවසයි.

මසක් ඉක්මවූ පසුව මෝටර් රථ හිමිකරුවන් මුදල් ඉල්ලනා විට වට්ස්-ඇප් මගින් චෙක්පත ලියා තිබෙන බව පවසමින් එහි ඡායාරූප එවා ඉක්මනින් තැපල් කරනා බව හිමිකරුවන්ට දන්වා තිබේ.

එහෙත් ප්‍රධාන සැකකරු චෙක්පත් එවීම සිදුනොකිරීම නිසා හලාවත පුද්ගලයා මුදල් ඉල්ලා කථා බස් කිරීම නිසා දුරකථන විසන්ධිකර තිබෙනා බවත් පුවත්පතේ දැන්විමට අනුව මෝටර් රථයේ හිමිකරු මහනුවරට පැමිණි පසුව එවැනි ස්ථානයක් නොමැති බව වටහාගෙන කටුගස්තොට පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනා බවත් පොලිසිය පවසයි.

මේවනවිට සොයාගෙන තිබෙනා මෝටර් රථ පහක ප්‍රමාණයෙන් හතරක හිමිකරුවන් පවා තහවුරු කරගෙන නොමැති අතර රථවල ලියාපදිංචි අංක වලට අනුව පොලිස් පණිවිඩ එහි හිමිකරුවන්ට ලබාදි ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් එම රථ මාස පහකට හයකට පමණ ඉහතදි උකස්කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.සපුගස්කන්ද දඹුල්ල ගනේමුල්ල හිගුරක්ගොඩ මීගමුව යන ප්‍රදේශවල අයිතිකරුවන්ගේ මෝටර් රථ පහක් දැනට පොලිස් බාරයේ තිබේ.

සිද්ධියට සමබන්ධ බවට සැකකරනා තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටිනා අතර ඔවුන් සොයා පොලිසිය පරික්ෂන සිදුකරනා අතර අත්අඩංගුවටගත් සැකකරු ඊයේ (24දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් ඒකක එක ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස් චන්ද්‍රසිරි පොලිස් සැරයන්වරුන් වන නිෂාන්ත 37057 සම්පත් 32226 කීරවැල්ල 32236 රාජරත්න 66934 හා පොලිස් කොස්තාපල් මධුසංඛ 29287 යන නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….