එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!

ගස් පහයි පාලමයි එකම ගහක පිහිටා ඇති බව පැවසුව හොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එහෙම පුදුම වන්නේ පරිසරයේ අපුරු නිපැයුමකි මේ එක පුළුන් ගස් පහේ ඇත්ත කතාවකි.මෙම අරුම පුදුම ගස් පහේ පුළුන් ගහ හා පුළුන් පාලම පිහිටියේ ගල්වල පුංචිහේන ගම්මානයේ ය.

ගල්වල ගම්මානයේ ආඳදොල ඇල්ල හරහා ඇති ගල්වල පුංචිනෙ ගම්මානයේ මෙම පුදුම පුළුන් ගහ පිහිටියේ ය. මෙම ගල්වල පුංචිහේන ගම්මානයේ ජනතාව මේ ගහේ දොළ මාවත හරහා ගමන් කරන්නේ පුළුන් ගස් පහ පාලමේ පිහිටි පුළුන් ගස් පාලමෙනි.මෙම පාලම මිනිසුන් විසින් සකස් කල පාලමක් නම් නොවේ.

පරිසරය විසින්ම සකස් කළ පාලමකි. මෙය පුදුම පාලමක් යැයි පැවසුව හොත් එය නිවැරදිය. පාලමක් යනු,ජල ස්කන්ධයක්,නිම්නයක්,හෝ මාර්ගයක් වැනි භෞතික බාධකයක් තරණය කරන්නට එම බාධකය හරහා ගමන් සැලසීම සඳහා භාවිතා වන ව්‍යුහයකි.

එකම ගහක ගස් පහක් හටගෙන එම ගස් පහම යා කර ගමකට යන්නට එන්නට ගමන් කරන්නට පාලමක් මෙන් ඒ දණ්ඩක් මෙන් සකස් වු පාලමක් ඇති ගල්වල පුංචිහේන ගම්මානයේ මේ පාලම සත්තකින්ම සුන්දරය.

ආඳදොළ ඇල්ල හරහා ගලා බසින මේ දොළ අඩි තිහ හතලියකින් ගැඹුරු ප්‍රපාතයක පිහිටියේ ය. ඒ දොළ අසලින් ගම්මානයට යන්නට එන්නට පාලමක් නැත.

නමුත් වසර සිය ගණනාවක සිට පරිසරයෙන්ම පාලමක් ලැබි ඇත. මේ අනුව එම පාලම ගම්මාසිහු සඳහන් කරන්නේ පුළුන් පාලම ලෙසයි. මහා ජල කඳක් ගලා බසින මේ දොළ පාලමේ ඉවුරු දෙක යා කර මේ පුදුම පාලම් පුළුම් ගස හටගෙන ඇත.

එක් ඉවරක හටගත් මහා පුළුන් ගහ දොළ හරහා පාලමක් මෙන් අනෙක් ඉවරුට ගමන් කර එම ඉවුරේ ද තවත් පුළුන් ගහක් හටගෙන ඇත. එක් ඉවුරක පිහිටි පුළුන් ගහේ මුලක් ගහක ආකාරයට දොළ මුල්ල ගම්මානය හරහා ඇති මහා දොළ යාකර ඒ දණ්ඩක්මෙන් සකස් වි ඇත. එම ගසද මහා පුළුන් ගහෙන් දෙගොඩ යා වී ඇත. එම ඒදඩු පුළුන් ගහෙන්ද තවත් පුළුන් ගහක් හටගෙන ඇත.

මේ අනුව එකම පුළුන් ගහකින් එකටම සම්බන්ධ වු ගස් පහකි. එක පුළුන් ගහක් දොළ මුල්ල ගම්මානයේ ජනතාවට ගමන් පහසුවට පාලමක් මෙන් සකස් වි ඇත. එය පුළුන් පාලම ලෙස ගම්මාසිහු නම්කර තිබේ.මේ අනුව එකම පුළුන් ගසකින් එකටම සම්බන්ධු වු පුළුන් ගස් පහකි.

මෙය සත්තකින්ම පරිසරයේ පිහිටි අරුම පුදුම පුළුන් ගහකි. මහ විශාල පුළුන් ගහට සම්බන්ධ වු තවත් පුළුන් ගස් හතරකි.මේ අනුව සියලුම ගස් සංඛ්‍යාව පහකි. එක පුළුන් ගසයි එයටම සම්බන්ධ වු තවත් පුළුන් ගස් හතරකි.මේ නිසා ගස් පහේ පුළුන් ගහක් ආකාරයට මේ අරුම පුදුම පුළුන් ගහ පිහිටා ඇත.

ගල්වල පුංචිහෙන ආදා ඇල්ල දොළ මාවත ගම්මානයේ පිහිටි මේ අරුම පුදුම පුදුම ගස් පහේ පුළුන් ගහ හා ඒ දණ්ඩ සත්තකින්ම පුදුම සහගත බව ගම්මාසිහු පවසිති.

එම්.එස් චමින්ද මහතා ( 49),එම්.එච් දයානන්ද මහතා (38),ජී.එම් කරුණාසේන මහතා (61),වී.එස් සුමිත් මහතා (58) ආදි කොට ඇති ගම්වාසිහු පවසන්නේ පාලමට වසර සියයක් පමණ වන බවයි.

ගංවතුර කාලයට මේ ගමේ වැඩි ප්‍රමානයක් යට වෙනවා. එතකොට පුළුන් පාලමෙන් තමයි ජනතාව ගමන් කරන්නේ.තේ දළු අරගෙන යන්න ගෙවල්වලට අවශ්‍ය දේවල් අරගෙන යන්න එන්න ආදි කටයුතු ගමේ ජීවත්වන ජනතාවට මේ පුළුන් පාලම ප්‍රයෝජනවත් වෙනවා.

මේයට අමතරව අවට ගම්මානවලට ගංවතුර උවදුර ඇති වු විට අතුරු මාර්ගයක් ආකාරයට පුංචි දොළ මුල්ල ගම්මානයේ මේ අරුම පුදුම පුළුන් ගස් පාලම හරහා ගමන් කරන්නට හැකිය. සුන්දර කතාවකි.

පරිසය මිනිසාට කොතරම් අගනා දේ නිර්මානය කර දී ඇද්ද මේ එවැනි කතාන්දරයකි. ගස් පහෙ පුළුන් ගහේ පිහිටි පුළුන් පාලම ගම් සත්තකින්ම සුන්දරය.

එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!  එකම මුලකින් හට ගත් පුළුන් ගසකින් සැකසුනු පුළුන් ගස් පහක් දක්වා වර්ධනය වූ අරුම පුදුම ඒ දඩු පුළුන් පාලමේ කතාන්දරයි.

 සටහන ඡායාරූප – බෝගහගොඩ :ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….