Spotting a Business Opportunity ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම

successful morning routine

This video will help women identify business opportunities right in their own villages. It’ll encourage them to think about what their community needs.
ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පසුගිය දිනෙක සමාජ මාධ්‍යවල දැකපු සටහනක් මෙහෙමයි:
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද කියලා සුසුමක් හෙලන්න ඕන වෙලා තිබුණා. එක් තැනක ගොඩ ගැසුණු හිස් කිරි හට්ටි ගොඩක් හිතට බරක් වගේ දැනෙන්න ගත්තා.
අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මොලගොඩ තාමත් මැටිවැඩ කර්මාන්තය කරන ගමක්. හැම කර්මාන්තකරුවෙක්ම වගේ කිව්ව කතාව අපේ වැඩ කරන්න මැටි නෑ කියලා. දුර පලාත් වලින් පදම් කරපු මැටි ගෙන්නා ගන්න ලොකු වියදමක් යනවා කිව්වා.
මේ හට්ටි ටික හදන්න මොන තරම් මැටි යන්න ඇතිද ? මට නිකමට හිතුණා. ඇත්තටම මේ ටික ගෑස් වළං වුණා නම් මොන තරම් වටිනවද? පොඩි ලෝබ කමක් හිතට ආවා. මේ ටිකේ පස් පුරවලා පැල තවානක් වගේ කරන්න පුළුවන් තමයි. ඒත් ඒ කරන්න දෙයක් නැති නිසා කරන වැඩක්නේ.
ඇත්තටම හොඳම ගෑස් වළං සෙට් එකක කිරි මුදවලා තිබුණා නම් කොයි තරම්ද? ගාන ටිකක් වැඩි වුණත් වළං ටිකක් ලැබෙනවනේ. ප්‍රින්ට් කරපු පෙට්ටියක ඒ කිරි හට්ටිය දැම්මා නම් පෙනුම කොහොමද?
ඕන නම් හොඳවයින් පැණි කාලකුත් පෙට්ටියට දාන්න පුළුවන්. හොඳ ඇහැක් තියෙන Graphic Designer කෙනෙකුට කියලා ලෙබල් එකකුත් කර ගත්තා නම් එළම තමයි. ගමක ඉන්න ඔක්කොම කිරි හදන මිනිස්සු එක්ක කතා කර ගත්තා නම් ලොරියක් පුරවලා දවස ගානේ ඔඩර් එකක් දෙන්න බැරි වෙන්නේ නෑ.
සුපර් මාර්කට් ටිකක් එක්ක ගිවිසුමක් ගහ ගන්න බැරි කමකුත් නෑනේ. Branded කිරි හට්ටියක් තෑගි දෙන්න කව්ද අකැමැති. මොනවත් අහක යන්නෙත් නෑ. ඇත්තමයි සති අන්තයේ මහන්සි වෙලා එහෙම එකක් පටන් ගන්නවා. මං හිත හදා ගත්තා.

ව්‍යාපාරික අදහස අලුත් එකක් වෙන එක ඉතා වැදගත්. එතකොට තරගකාරීත්වය අඩුයි. හැබැයි, පසුව තරගකාරීත්වය වැඩි වෙන්නට පුළුවන්. ඒකට මුහුණ දෙන්නට පුළුල් වෙන්න, නවීන වෙන්න සිදුවෙනවා. හැමෝම කරන නිසා නොකර, අලුත් දෙයක් ගැන හැමතිස්සෙම හිතන්න. ඔබේ කුසලතාවන්, ප්‍රාග්ධනය සොයාගැනීමේ හැකියාව, අමුද්‍රව්‍ය සොයාගත හැකිද කියන එක, වෙළඳපොළේ ඉල්ලුම ගැන ගැඹුරින් හැදෑරීම අවශ්‍යයි. හැම අදහසක්ම ප්‍රායෝගික නැහැ. විශ්වාසවන්ත අය එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න. එතකොට එහි ගැටලු, ධනාත්මක ලක්ෂණ දැනගන්නට පහසුයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….