This video will help women identify business opportunities right in their own villages. It’ll encourage them to think about what their community needs.
ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පසුගිය දිනෙක සමාජ මාධ්‍යවල දැකපු සටහනක් මෙහෙමයි:
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද කියලා සුසුමක් හෙලන්න ඕන වෙලා තිබුණා. එක් තැනක ගොඩ ගැසුණු හිස් කිරි හට්ටි ගොඩක් හිතට බරක් වගේ දැනෙන්න ගත්තා.
අවුරුදු කීපයකට කලින් කෑගල්ලේ මොලගොඩ ගමට ගිය එක මතක් වුණා. මොලගොඩ තාමත් මැටිවැඩ කර්මාන්තය කරන ගමක්. හැම කර්මාන්තකරුවෙක්ම වගේ කිව්ව කතාව අපේ වැඩ කරන්න මැටි නෑ කියලා. දුර පලාත් වලින් පදම් කරපු මැටි ගෙන්නා ගන්න ලොකු වියදමක් යනවා කිව්වා.
මේ හට්ටි ටික හදන්න මොන තරම් මැටි යන්න ඇතිද ? මට නිකමට හිතුණා. ඇත්තටම මේ ටික ගෑස් වළං වුණා නම් මොන තරම් වටිනවද? පොඩි ලෝබ කමක් හිතට ආවා. මේ ටිකේ පස් පුරවලා පැල තවානක් වගේ කරන්න පුළුවන් තමයි. ඒත් ඒ කරන්න දෙයක් නැති නිසා කරන වැඩක්නේ.
ඇත්තටම හොඳම ගෑස් වළං සෙට් එකක කිරි මුදවලා තිබුණා නම් කොයි තරම්ද? ගාන ටිකක් වැඩි වුණත් වළං ටිකක් ලැබෙනවනේ. ප්‍රින්ට් කරපු පෙට්ටියක ඒ කිරි හට්ටිය දැම්මා නම් පෙනුම කොහොමද?
ඕන නම් හොඳවයින් පැණි කාලකුත් පෙට්ටියට දාන්න පුළුවන්. හොඳ ඇහැක් තියෙන Graphic Designer කෙනෙකුට කියලා ලෙබල් එකකුත් කර ගත්තා නම් එළම තමයි. ගමක ඉන්න ඔක්කොම කිරි හදන මිනිස්සු එක්ක කතා කර ගත්තා නම් ලොරියක් පුරවලා දවස ගානේ ඔඩර් එකක් දෙන්න බැරි වෙන්නේ නෑ.
සුපර් මාර්කට් ටිකක් එක්ක ගිවිසුමක් ගහ ගන්න බැරි කමකුත් නෑනේ. Branded කිරි හට්ටියක් තෑගි දෙන්න කව්ද අකැමැති. මොනවත් අහක යන්නෙත් නෑ. ඇත්තමයි සති අන්තයේ මහන්සි වෙලා එහෙම එකක් පටන් ගන්නවා. මං හිත හදා ගත්තා.
ව්‍යාපාරික අදහස අලුත් එකක් වෙන එක ඉතා වැදගත්. එතකොට තරගකාරීත්වය අඩුයි. හැබැයි, පසුව තරගකාරීත්වය වැඩි වෙන්නට පුළුවන්. ඒකට මුහුණ දෙන්නට පුළුල් වෙන්න, නවීන වෙන්න සිදුවෙනවා. හැමෝම කරන නිසා නොකර, අලුත් දෙයක් ගැන හැමතිස්සෙම හිතන්න. ඔබේ කුසලතාවන්, ප්‍රාග්ධනය සොයාගැනීමේ හැකියාව, අමුද්‍රව්‍ය සොයාගත හැකිද කියන එක, වෙළඳපොළේ ඉල්ලුම ගැන ගැඹුරින් හැදෑරීම අවශ්‍යයි. හැම අදහසක්ම ප්‍රායෝගික නැහැ. විශ්වාසවන්ත අය එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න. එතකොට එහි ගැටලු, ධනාත්මක ලක්ෂණ දැනගන්නට පහසුයි.