මේක සැලසුම් සහගත දේශපාලන දඩයමක්…!

-රසික ජයකොඩි-

මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව පෙනෙන්න තියෙනවා.

නතාෂා එදිරිසූරියගේ කොමඩිය නිසා බෞද්ධයන්ගෙන් සැළකිය යුතු පිරිසකට සාධාරණ සිත් රිදවීමක් සිදුව තිබෙනවා. ඒත් දැන් සිදුවන්නේ ඒ ප්‍රකාශය නිසා බොර වුණු දියේ වෙනත් අය තමන්ට කැමති විදියට මාළු බෑමයි. නො එසේ නම් ඒ ප්‍රශ්නය පිටින් දමා තමන්ට තියෙන වෙනත් දේශපාලන ඇරියස් කවර් කරගැනීමයි.

මේ වන විට ලංකාව තියෙන්නේ විශාල ආර්ථික ගිනි කන්දක් උඩයි. විශේෂයෙන් ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ගැන විශාල පීඩනයක් ආණ්ඩුවට එල්ල වෙලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ඇඟලුම් වැනි ක්ෂේත්‍ර බරපතළ අනතුරක තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය බිමට සමතලා වෙලා තියෙනවා. මේ වෙලාවේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයයි.

මෙහෙම ආර්ථික ගිනි කන්දක් උඩ රට තියෙන වෙලාවේ ඇත්ත ප්‍රශ්න යට ගසා, අලුත් ප්‍රශ්නයක් කෘත්‍රිමව නිර්මාණය කොට, බොරු බිල්ලෙක් මවා, රටේ ජනතාව ගේ ඇස් නිලංකාර කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සමාජ මාධ්‍ය මෙහෙයුමක් වෙනම සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න ඇවිස්සීම සඳහා ආණ්ඩුවේ ඉත්තන් පාවිච්චි කෙරෙන බව පෙනෙන්න තියෙනවා.

ඒ වගේ ම මෙය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින, පරාජිත දේශපාලන බලවේගවලට නැවත කරළියට පැමිණීම සඳහා හොඳ වේදිකාවක් සකස් කරමින් තිබෙනවා. මෙය පිටින් දමා ආණ්ඩුවේ විවේචකයන් හිර කරන්නත්, දඬු කඳේ ගසන්නත් මෙය හොඳ අවස්ථාවක් උදාකොට තිබෙනවා. ඒ සඳහා ICCPR නීතිය අවභාවිතා කෙරෙනවා.

මෙය ඔවුන්ට එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනෙකු බා ගැනීම සඳහා උදාවුණු දුර්ලභ අවස්ථාවක්. මෙබඳු අත්අඩංගුවට ගැනීම්වලට හුරේ දමන හැමෝටම කියන්න තියෙන්නේ හුරේ දමනකොට හෙමින් දමන්න කියා විතරයි. මෙවැනි භයානක උපායමාර්ග විසින් රටට ඉතා ම නරක පූර්වාදර්ශයක් සපයනවා. මේ නරක පූර්වාදර්ශවලින් අද ඔබ අකැමැති අය පීඩාවට පත් කරනකොට ඔබට කිසියම් සතුටක් දැනෙනවා ඇති.

ඒත් මේ නරක පූර්වාදර්ශ මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, ඉදිරියට බලයට එන ඕනෑම ආණ්ඩුවක් විසින් භාවිතා කරනු ඇති බව පැහැදිලියි. ඒ නිසා අද මේවාට හුරේ දමන ඔබත් හෙට මේවායේ වින්දිතයෙකු වී සිටින්නට පුළුවන්. එදාට ඔබ වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකුත් ඉතිරි වී සිටින එකක් නැහැ.

උපුටාගැනීම – ෆේස්බුක්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….