ඔබේ තිබෙන කුසලතා ඔබට ලාභදායී ව්‍යාපාරයකට භාවිතා කරන්නට පුළුවන්. උයන්නට, මහන්නට, අත්කම් කරන්නට සමත් අයට එමගින් ව්‍යාපාරයක් නිර්මාණය කරගන්නට පුළුවන්. එහිදී මෙතෙක් සතුට වෙනුවෙන් කළ දේවල් වෙළඳපොළ වෙනුවෙන් කරන්නට ගියාම ඔබට හිතන්නට ගොඩක් දේ තිබෙනවා. නිෂ්පාදන වියදම කීයද? ඔබේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙනවාද? ලාභයක් තියෙනවාද? අලෙවි කරගන්නේ කොහොමද? ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද? එවැනි කරුණු ගොඩක් ගැන හිතන්නට වනවා.
ඔබේ ළඟ හැකියාවන් තිබෙනවා. හැබැයි, දැන් ඔබ ඉන්නේ වෙළඳපොළක. එතනදී ඔබගේ කුසලතා අලෙවි කරගත හැකි දෙයක් බවට පත්කරගත යුතුයි.
This video will guide women on how to turn their existing skills—like cooking, sewing, or farming—into a profitable business.