අපි අධිකරණ තීන්දුවට හිස නමනවා, අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා! – චන්ද්‍රගුප්ත තේනුවර

තමන් සහ ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෑතදී ඉදිරිපත් කරන ලද නඩුව සම්බන්ධයෙන් සහ එම නඩුවෙන් ඉල්ලා ඇති ඉල්ලීම් නිශ්ප්‍රභ කිරීමෙන් පසුව ඔහු විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ අදහස්.

අපි ජීවත් වෙන්නේ ඉතාම තර්ජන මැද්දේ. තර්ජන මැද්දේ ජීවත්වෙනකොට මට මතක් වෙනවා අතීතය. සුදු වෑන් සංස්කෘතිය, එක්නැළිගොඩ ගේ අතුරුදහන්වීම්, ස්වභාවික මරණයක් අහිමිවීම, වැනි දේවල් වලින් තමයි මටත්, ගාමිණි වියන්ගොඩටත් තර්ජනය කරනු ලබන්නේ. අපි දිනා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයම භාවිතා කරමින්, සමාජ ජාල තුළ, තමන්ම ප්‍රකාශකයෙක් වෙලා ප්‍රකාශයන් නිකුත් කිරීමට තියෙන නිදහස අවභාවිතා කරමින්, අද ගෝඨාභාය වන්දනාමාන කරන, එහෙමත් නැත්නම් ගෝඨාභාය නිසා නිර්වින්දන තත්ත්වයට පත්වෙලා ඉන්න,කණ්ඩායම් පුද්ගලයන් තමයි මෙය සිදු කරන්නේ. මේ සම්බන්ධයෙන් ගෝඨාභය මහතා උනන්දුවක් දක්වනවා ද කියා අපි දන්නේ නැහැ. නමුත් අපිට පැහැදිලිව පේන කරුණ තමයි වෛරී ප්‍රකාශ දිගින් දිගටම ඵල වෙනවා. මේවන විටත් ඒවා පළවෙනවා.ඒ නිසා ජීවිත තර්ජනයක් තියෙනවා. දැන් මම ලිපිනයක් නැති පුද්ගලයෙක් බවට පත්ව තිබෙනවා. ඉදිරියේ දී ගෝඨාභාය මහතාටත් මේ තත්ත්වය උදාවෙයි. රටක් නැති පුද්ගලයෙක් බවට පත්වෙයි.

ඔහු අවසානයේ තබා ගත්තු ගමන් බලපත්‍රය හා හැඳුම්පත පිළිබඳව තමයි, අපි ප්‍රශ්න කළේ.තමන්ගේ රටට විදේශිකයෙක් හැටියට එනකොට අනිවාර්යයෙන් සංචාරක වීසා ගන්න ඕනා. නැත්නම් දෙමාපියන්, නෑදෑයින් බලන්න එන වීසාවක් ගන්න ඕනා. වෙන රටකට යන එන ගමන් කෙටි නැවතීමකට වීසාවක් ගන්න ඕනා. අපේ විශිෂ්ඨ රෝහල් වල ප්‍රතිකාර ගැනීමට එනවා නම්, ඒ සඳහා වීසා ගන්න ඕනා. ඒ වගේ විවිධ මට්ටමේ වීසා තියෙනවා. මොහු 2005 දී ඇවිත් තියෙන්නේ සංචාරක වීසා වලින්. ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්වුනා සංචාරක වීසාවකින් පැමිණ දේශපාලනය කිරීමට හැකියාවක් තියෙන. දැන් මේවාට උත්තර අවශයයි. එහෙම රටක් ද මේ රට? විවිධ රට වලට වීසා අරගෙන ගිහිල්ලා වැඩ කරන අය කරන අය ඉන්නවා. කිසිම රටක මොන වැඬේ කළත්, සංචාරක වීසා වලින් දේශපාලන කිරීමට අයිතියක් නැහැ. එවිට ඔවුන් ඔත්තුකරුවන් හැටියට තමයි සලකන්නේ. බොහෝ විට ඔවුන්ව පිටුවහල් කරනු ලබනවා. අපේ රට ඒවගේ පුද්ගලයන්ට ආශිර්වාද කරනවා. එහෙම රටක් ද ඉස්සරහට හදාගන්න ඕනා කියන එක අපිට තියෙනවා.

වීසා හැසිරෙන ආකාරය කෙසේද? මේක අධිකරණයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක්. මොනව වගේ රටක් ද අපි ඉදිරියේ දී හදන්න ඕනා කියන එක. අනික රාජ්‍ය සේවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය සේවය ඕනම දේශපාලඥයෙකුගේ අතකොලුවක් බවට පත් වෙන්න පුළුවන්. මෙම නඩුව නිශ්ප්‍රභ වීම හරහා අපි ඔප්පු වන්නේ එයයි. අපිට මේ දේවල් ගැන අධිකරණයේ දී කියන්න තරම් සාක්ෂි නැහැ. නමුත් 2005 ඒ තැන හිටපු අය කියනවා, අබේකෝන් කියන ලේකම්වරයෙකුට ෆෝම් දෙකක් ගේන්න කියලා, රණවිරාජා මහතාගේ අත්සන හොයමින් ඉඳලා ඒ අත්සන නැතිවෙච්ච නිසා, වෙනත් අත්සනක් දාලා කොහොම හරි ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහිත ද්විත්ව පුරවැසිකමක් දීලා තියෙනවා. පුරවැසි බව සම්බන්ධයෙන් කිසිම ලේඛනයන් නැහැ. රටේ ගමන් බලපත්‍ර පිළිබඳ, හැඳුනුම්පත් පිළිබඳ, විවාහ හා මරණ පිළිබඳව, තියෙන ලේඛන කිසිම හේතුවක් නිසා අතුරුදහන් කිරීම හෝ නැති වෙන්න සිද්ධ වෙන්න බැහැ. මහා වංශයේ ඉඳළම තියෙනවා නම්, රජවරුන් ගැන මතකයන් ලියලා තියෙනවා නම්, නූතන සමාජය තුළ මේ තියෙන ලිපි ලේඛන අතුරුදහන් වෙන්න විදියක් නැහැ. ඔවුන්ට උසාවියට ඉදිරිපත් කරන්න ලේඛන තිබුණේ නැහැ. මේ ලේඛන පිළිබඳව වගකියන අය මොනවද කරලා තියෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. අපිට මේවා බාරකරුවන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ලේඛන සම්බන්ධයෙන් බාරකරුවන් තමයි ලේකම්වරුන්, රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයා වැඩ කරන්නේ තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය ඇසිය යුතුයි. ඒ නිසාම තමයි ඒ නිදහස්, පුරවැසියන්ට වගකියන රජයක දේශපාලන අවශ්‍යතාවයකට නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්තියක් සහිතව වැඩ කරන, රාජ්‍ය සේවයක් අපිට අවශයයි, ඒ සටන ඉදිරියට ඉතිරි වෙලා තියෙනවා කියන එක තමයි අපිට මේ නඩුව හරහා මතුවෙලා තියෙන කාරණව.

හැඳුනුම්පත ගන්නා විට, පරණ හැඳුනුම්පත නැතිවුනත් අපි ග්‍රාමසේවක හරහා පොලිසියට පැමිණිල්ලක් දාලා තමයි ඒ අංකයත් එක්ක තමයි කතා කරන්නේ. දැන් මේවා පරණ අංකයත් එක්ක කිසිම සම්බන්ධයක් නැති අංකයක් ඇති හැඳුනුම්පත් ගන්නවා. එකම නමට ගමන් බලපත්‍ර දෙකක් තියෙන්නේ කොහොමද? මේ විදියට ගමන් බලපත්‍ර ප්‍රශ්නයක් තියෙනවා. චමල් රාජපක්ෂගෙන් අහන්න ඕනා කොහොමද ඡන්ද නාම ලේඛනයේ නම ඇතුළත් කළේ කියලා. තවදුරටත් ඡන්ද ලේඛන වලට ඒ විදියට ඇතුළත් කරන්න පුළුවන්. ඡන්ද ලේඛන වලින් පුද්ගලයන් පවිත්‍ර කිරීමේ ව්‍යාපාරයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ මැතිවරණ කොමිසම වැඩ කළාද? විදේශික පුරවැසියන් ගේ නම් තාමත් ඡන්ද නාම ලේඛනයේ තියෙනවා. ඒවා ප්‍රසිද්ධ සමාජ අවකාශයේ ඡායාරූප හැටියට තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේවාට උත්තර දිය යුතුයි. උසාවියෙන් නෙමෙයි අපි අහන්නේ. ඔවුන්ගෙන්. ඔවුන් රාජ්‍ය නිලධාරීන්. මැතිවරණ කොමසාරිස් මේ වෙලාවේ ජනාධිපතිටත් වඩා බලයක් තියෙන නිලධාරියෙක්. මේ අවස්ථාවේ බොහෝ දේවල් තීරණය කරන්නේ ඔහු. මේවට ඔහු උත්තර දිය යුතුයි.

අපි මේ නඩුවෙදි ඇහුවේ නීතිමය කාරණා. අපිට පුද්ගලික කාරණා වැදගත් වුනේ නැහැ. මේ ලේඛන පිළිබඳ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරලා, පුරවැසියෙක් ද, නොවේද? කියන ප්‍රශ්නය අපිට වැදගත්. මොකද ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ඡන්ද වලට ඉදිරිපත් විය නොහැයි. ඔහු පිරිසිදුවම වෙනත් රාජ්‍යයකට සම්බන්ධ නැති ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත, ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහිත, ශ්‍රී ලාංකික හැඳුනුම්පතක් සහිත කෙනෙක් තමයි විය යුතුයි. ඒ නිසා එය දැනගැනීම පුරවැසියන් හැටියට අපිට වැදගත්. ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් දේවල්. ඒවා ඉෂ්ඨ වෙන්න ඕනා. විදේශිකයෙක් මේ රටේ ජනාධිපති වුවහොත්, එය අපිට ප්‍රශ්නයක්. එවිට නීතියේ ආධිපත්‍යයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වෙලා තිබුණා මේවා පැහැදිලි කරගන්න. අධිකරණය අපේ පැමිණිල්ල හොඳට විභාග කරලා. අපේ නීතිඥයටත් නීති තර්ක ඉදිරිපත් කරන්න ඉඩ ප්‍රස්ථාව ලබා දීලා කටයුතු කලා. අනෙක් පැත්තෙන් පැමිණි නීතිඥයන් ජාති ආලයෙන් අන්ධ වෙලා, වෙනත් නීති තර්ක කරලා නඩු වෙනත් පැත්තකට ගෙනිච්චා කියලා තමයි අපිට හිතෙන්නේ?.

අපි අධිකරණ තීන්දුවට හිස නමනවා. ඒ අධිකරණ තීන්දුවක් සමගම අපිට තවත් අයිතියක් ලැබෙනවා. -අවශ්‍ය නම්, මේ පිළිබඳව විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. අපි නැවත විමසන්න උත්සාහ කරනවා. මෙහි තියෙන කාරණා සම්බන්ධයෙන්. තීන්දුව සම්බන්ධයෙන් නෙමෙයි. මෙතන තවත් ප්‍රශ්න විසඳන්න තියෙනවා. අපට තවමත් අතට ලැබුණේ නැහැ මොන හේතුවක් නිසාද මේ පැමිණිල්ල නිශ්ප්‍රභා කළේ කියන දේ ගැන. ඒ කාරණ ලැබීමෙන් පසුව අපි සූදානම් වෙනවා, ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් ඉන්නවා. කොහොමද ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ කියලා. නඩුවක් දැම්මත් නැතත්. මුලින්ම සඳහන් කළ කරුණු පුරවැසියාගේ අයිතිය සම්බන්ධයෙනුත්, පුරවැසියට වගකියන රාජ්‍ය සේවයක්, දේශපාලකයන්ගේ අතකොලු බවට පත්නොවුනු රාජ්‍ය සේවයක් තිබීම ගැනත් අපි කටයුතු කරනු ලබනවා. රණවිරු න්‍යාය භාවිතා කරලා මිනිස්සුන්ගේ අනුකම්පාව පාවිච්චි කරන පිරිස කරන ලද දේවල් අපි කරලා නැහැ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….