ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලාන ඇල්ටෝ ධර්මේ  නැමැත්තා අබුඩාබි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන  මහතා පවසයි .
2018 මැයි මස 18 වැනිදා   ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වූ  රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරිමෙන් අනතුරුව සැකකාර ධර්මසිරි පෙරේරා නැමැත්තා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පලාගොස් සැඟවී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඉකුත් මැයි 31 වෙනිදා මොරටුව, සොයිසා පුර හෝටලයකට  වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා   මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දැන්වීමෙන් පසුව අධිකරණය හරහා ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) වෙත වරෙන්තුවක් ලබාගැනීමට  කටයුතු සිදුකිරීමෙන් අනතුරුව අබූඩාබි  පොලිසිය  මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු  අත්අඩංගුවට ගත් බව  නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
 ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මොරටුව අධිකරණය මගින්  ලබාගත් වරෙන්තුව අන්තර්ජාතික පොලිසිය වෙත ඉදිරිපත් කර රතු නිවේදනයක් ඉල්ලා ඇති බවත් ඒ අනුව රතු නිවේදනය  ලැබුණු බවත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඉන්ටපෝල් ශාඛා වෙත  එම රතු නිවේදනය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව  අබුඩාබි පොලිසියේ මගින් සැකකරු  අත්අඩංගුවට  ගෙන තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා  පවසයි.
 මෙම සැකකරු රංජන් ද සිල්වා මහතා ඝාතනයෙන් අනතුරුව මේ දක්වා  ඔහුගේ උපදෙස් මත විවිධ පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කිරීම තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කිරීම ,අත් බෝම්බ වලින් පහර දීම, පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම ආදි අපරාධයන් එකොළහක්  සිදුකර තිබූ බව  නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
පසුගිය මැයි මස 19 දින මොරටුව  සොයිසාපුර හෝටලයකට වෙඩිතබා ,තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු තුවාල සිදු කිරීම ඇතුළු  දේපළවලට අලාභානි කිරීම  ඔහුගේ උපදෙස් මත සිදු කර ඇති බවත්  අපරාධයක්ම සැකකරු එරට සිට වට්ස්ඇප් හා අන්තර්ජාල  තාක්ෂණය ඔස්සේ නරඹා ඇති බවත්  විමර්ශනවලදී හෙළිවී ඇත .
මොරටුව සොයිසා පුර හෝටලයට වෙඩි තැබීමට  පෙර  සැකකරු වට්ස්ඇප්  තාක්ෂණය ඔස්සේ  ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරිට කියපන් ගල්කිස්ස ඕඅයිසී එක්ක ගිහිල්ලා  උණ්ඩ අහුලන්න කියලා යැයි පවසමින් හෝටල් හිමිකරුට වට්ස්ඇප් තාක්ෂණ ඔස්සේ පණිවිඩයක්  එවා තිබූ බව  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….