ඉදිරි මැතිවරණයේදි රජය පරාජය කිරිමටත් පියවර – සමස්ථ ලංකා වතුකම්රු සංගමය

සේවක අර්ථසාදක අරමුදලට අතගැසිම සදහා රජය මගින් ගෙනවිත් තිබෙන පනත පරාජය කිරිමත් එම පනත තුලින්ම ඉදිරි මැතිවරණයේදි මෙම රජය පරාජය කිරිමටත් පියවර ගන්නා බව සමස්ථ ලංකා වතුකම්රු සංගමයේ (ජ.වි.පෙ.) ලේකම් ජේ. එම්. ප්‍රේමරත්න මහතා පවසයි.

ඔහු මේ බව පවසන ලද්දේ හැටන් හිල් සයිඩ් හෝටලයේදි 13වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු ප්‍රේමරත්න මහතා මෙම රජය 2022 අයවැය පියවා ගැනිම සදහා රුපියල් බිලියන දාහක අධිබාර පනතක් ගෙනාවා එම තත්වයන් මත පෙබරවාරි මස 03වන දින වසරකට රුපියල් මිලියන දෙසියට වඩා උපයන සමාගම්වලින් සියයට විසි පහක මුදලක් අය කර ගැනිමට පියවර ගෙන තියෙනවා.

මෙහි යටි අරමුණ ලෙස අපිට සාධාරන සැකයක් පවතින්නේ සේවක අර්ථසාධක අරමුදලට අත තැබිමට බවයි මොකද මේ වන විට එහි රුපියල් ට්‍රිලියන තුන්සියයක් පමන තියෙනවා.

මෙහි තියෙන්නේ වතු කම්කරුවන් ඇතුළු විවිධආයතනවල විවිධසමාගම්වල සේවය කරන පිරිසගේ මුදල් එම නිසා මෙම අරමුදලට අතතියන්න අපි මේ රජයට ඉඩ දෙන්නේ නැහැ.

පසු ගිය රජයද මෙම සේවක අර්ථසාධක අරමුදලින් සියයට දාහතරක් ලබා ගැනිමට පියවර ගත්තා එසේ බලන විට මේ රජයදමෙමඅරමුදලින් සියයට විසි පහක් ගත්විට එකතුව සියයට තිස් නවයක් එවිට මෙහි ඉතුරු වන්නේ කියද.

මේ රජය කොලේ වහලා මෙසේ සේවකඅර්ථසාධකඅරමුදලට අත ගැසිමට එරෙහිව විවිධ ආයතන ඉදිරිපිට විවිධ ස්ථානවල අපි විවිධ උද්ගෝෂ අත් පත්‍රිකා බේදිම්, බැනර් ප්‍රදර්ෂනය කිරිම් ආදිය සිදු කිරිමට පියවර ගන්නවා.

එමෙන්ම මාර්තු මස 14වන වන විට මෙම පනත පරාජය කිරිම සදහා අපි සියලුම උත්සහායන් ගන්නවා මේ රජය වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුප් වැඩි කිරිමක් ලබා දෙන බවපැවසුවා එත් එය නිසි ලෙස සිදු වුනේ නැහැ පිටි සහනාධාරයක් ලබා දෙන බව පැවසුවා එයත් සිදුවුනේ නැහැ.

වතු කම්කරුවන්ට ඉඩම් දෙන බව පැවසුවා එයත් නිසි ලෙස සිදුව නැහැ වතු කම්කරුවන්ගේ දරුවන් සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්ව විද්‍යාලයක් ලබා දෙන බව පැවසුවා එයත් මේ දක්වා සිදුව නැහැ.

මෙම රජජය මෙන්ම පසු ගිය කාලයේ පැවති සියලුම රජයන් සිදු කලේ වතු කම්කරුවන් රැවටිමට ලක් කරමින් ඔහුන්ගේ ඡන්ද ලබා ගැනිම පමනයි මේ පැවති රජයන් වතු කම්කරුවන්ට ලබා දිපු පොරෝන්දු නිසි ලෙස ඉටු කලා නම් අද වතු කම්කරුන්ට ප්‍රශ්න නැහැ.

එත් මෙම රජයන් වතු කම්කරුවන් විවිධ ආකාරයෙන් රැවටිම්වලට ලක් කිරිම නිසා අදටත් වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ දැන් වතු කම්කරුවන්ට තේරුම් ගිහින් තියෙන්නේ රට පාලනය කරපු හැම රජයක්ම ඔහුන් රැවටිකට ලක් කල බව.

එම තත්වයන් මත මෙතෙක් පැවති රජයන් පිලිබදව කලකිරිමට ලක්ව සිටින වතු කම්කරුවන් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේසමස්ථ ලංකා වතු කම්කරු සංගමය සමග එක්වෙමින් සිටිනවා එම තත්වයන් මත ඉදිරි මැතිවරණයේදි වතු කරයේ වැඩි ඡන්ද ප්‍රමානයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව විශ්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….