කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

සංක්‍රාන්ති ලිංගිකයන්ට පොන්නයා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය.
අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms. යන යෙදුම නිර්මාණය වූයේ ඒ වෙනුවෙනි.
ජනවර්ගයන් වෙනුවෙන් අතීතයේදී භාවිතා කරන ලද ඇතැම් වචන දැන් භාවිතා කළහොත් අප ෆේස්බුක්හි බ්ලොක් වන්නේ ඒ වචන අශිෂ්ට නිසාය.
එසේම, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමේදී භාවිතා කළ යුත්තේ ඔවුන් කැමති යෙදුමක්ය. යම් ජාතියක් හෝ ආගමක් සම්බන්ධයෙන් ද තත්වය මෙසේය. භාෂාව හා සංස්කෘතිය තුළ අපහාසාත්මක වචන තිබේ නම් ඒවා ඉවත් කිරීමෙහි කිසිදු වරදක් නැත.
කණා, පොට්ටයා වැනි වචන පාවිච්චි කරන්නට අනෙක් අය කැමති වුණත්, එම තත්වයන් තුළ සිටින අය අකැමැති නම්, ඔවුන් කැමති පරිදි වෙනස්කම් කිරීම ශිෂ්ට සමාජයක ලක්ෂණයකි. ශිෂ්ටත්වයට අකැමැති නම්, එයට හිනා වීමට ද හැකිය.
මා දන්නා පරිදි නම් ඇස් පෙනීම සම්බන්ධ ගැටලු ඇති ප්‍රජාවේ සංවිධාන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එකඟ වී තිබෙන යෙදුම දෘෂ්‍යාබාධිත යන්නයි.
බීරා හෝ ගොලුවා යයි කියනවා වෙනුවට ශිෂ්ට සම්මතය වන්නේ ශ්‍රවණ හෝ කථනාබාධිත යන්නයි.
කොරා, සොත්තියා කියනවා වෙනුවට ශිෂ්ට යෙදුමක් තිබිය යුතුය. මොංගල්, මන්ද මානසික වැනි යෙදුම් වෙනුවට ද ශිෂ්ට යෙදුමක් අවශ්‍යය.
පේඩිගේ වැනි රජක කුලයට සම්බන්ධ වාසගම් තිබුණු අය ඒවා වෙනස් කරගෙන එවැනි භාවිතයන් මකා දැමූහ. භාෂාවේ, සංස්කෘතියේ තිබෙන නිසා ඒවා අනිවාර්යයෙන් භාවිතා කළ යුතු යයි ඒ වාසගම් තිබුණු අයට කිසිවෙකුට බල කළ නොහැකිය.
ග්‍රාම නාම ද මේ අන්දමින් ඕනෑ තරම් වෙනස් කරගෙන තිබේ. මාතලේ පැත්තේ තිබුණු නාවරගොඩ නම් ගමේ නම ඒ ගමේ අය නවරත්නගොඩ යනුවෙන් වෙනස් කරගත් බව මා අසා තිබේ. මෙවැනි උදාහරණ එමටය.
රැඩිකල් රාජ්‍ය නොවන සංවිධානයක් වන මොන්ලාර් ආයතනයේ කාර්යාලය මීට ටික කලකට ඉහතදී තිබුණු තැන ඉදිරිපිට වත්ත සක්කිලිවත්ත ලෙස හැඳින්විණි. මොන්ලාර් ආයතනය හෝ කවදාවත් තම ලිපිනයේ සක්කිලිවත්ත ඉදිරිපිට, රාජගිරිය ලෙස භාවිතා කළේ නැත.
ගොලුමඩම හැමදාමත් එහෙම විය යුතු නැත. කනා මුට්ටිය වාසනා මුට්ටිය වීම අගය කළ යුත්තේ ද එම පදනමින්මය. ඇස් බැඳ කිරි කවන අවුරුදු ක්‍රීඩාව අන්ධයාට කිරි කැවීම වීම අවශ්‍ය නැත.
ඉස්සර ගෙවල්වල ළමා මෙහෙකරුවෝ සිටියහ. දැන් එය නීති විරෝධී ක්‍රියාවකි. එම නීති විරෝධී ක්‍රියාව උත්කර්ෂයට නංවන ‘සකල බුජං කොට කලිසං’ වැනි සිංදු දැනුත් මොන්ටිසෝරි කොන්සට්වල, ළමා ගායක තරු වැඩසටහන්වල ගායනා කරන්නට තරම් එම ගීතය රැක ගත යුතු උරුමයක් නොවේ.
අශිෂ්ටත්වය උරුමයක් නොවේ. ඉස්සර ලාංකිකයෝ වැසිකිළි ගිය පසු දෑත් සෝදාගත්තේ නැත. එය උරුමයක් නොවන නිසා අප එය රැකගන්නට යන්නේ නැත.

– අජිත් පැරකුම් ජයසිංහ,

Praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….