කඳු කියන රහස් මොනවාද? – අජිත් පැරකුම් ජයසිංහ

dailyreporter

රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය.

එහෙත්, සිනමාව නම් කලාව පිරිපුන් වන්නේ කලාකරුවා නිෂ්පාදනය කරන රසය සමගයි. ප්‍රධාන වශයෙන්ම කතන්දර කීමේ කලාවක් වන සිනමාවේ කතාව, චරිත නිරූපණය, කලාත්මක ප්‍රකාශනය හා ජීවන දැක්ම එහිදී වැදගත් වේ.

ලංකාවේ කතාකරුවන්ගේ පොදු දුබලතාව වන කතාවක් ගලපාගන්නට බැරිකම මෙහි ප්‍රධාන අඩුපාඩුවකි. රජය කැරැල්ලක් මර්දනය කරමින් කැරැලිකාර තරුණ තරුණියන් ඝාතනය කර ඔවුන් සියදිවි නසාගන්නා රෝගයකට ගොදුරු වී ඇති බවට ප්‍රබන්ධයක් නිර්මාණය කර ඒ සම්බන්ධ යම් අභිචාරයක් සිදු කිරීම කිසියම් අතුරු හමුදා කණ්ඩායමකට භාර දී ඇති බව චිත්‍රපටයෙන් අමාරුවෙන් තේරුම් ගත හැකිය.

ලංකාවේ කැරැලි තුනක ඉතිහාසයේ සාමාන්‍ය සංදර්භයක් වූ මේ සරල කතාව කියන්නට ඔච්චර අභව්‍ය වට වංගු ප්‍රහේලිකා මගින් ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරන්නේ කුමටද? මෙය ඉතා පහසුවෙන් යම් එෛතිහාසික සංදර්භයක් තුළ ස්ථානගත කළ හැකිව තිබිණි.

චිත්‍රපටයේ ගැඹුර තිබෙන්නේ අතුරු හමුදා කණ්ඩායමේ සාමාජිකයන්ගේ චරිත නිර්මාණය තුළය. ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, සම්පත් ජයවීර හා ධර්මප්‍රිය ඩයස් නිරූපණය කරන චරිත හතර හා ඔවුන් එකිනෙකා අතර අන්තර් සම්බන්ධය හා ගැටුම් ඔස්සේ ජීවිත හා සමාජ විවරණයක් සඳහා කවුළුවක් විවර වේ.

ඵහෙත්, ඵවැනි ජීවිත හා සමාජ විවරණයක් සඳහා අවශ්‍ය දැක්මක් අධ්‍යක්‍ෂ ජගත් මනුවර්ණට ඇති බවක් ඔහුගේ දේශපාලනය හා වෙනත් නිර්මාණවලින් මෙන්ම මෙම චිත්‍රපටයෙන් ද නොපෙනේ.

සංකීර්ණ සමාජ යථාර්ථය අවබෝධ කරගැනීමට අසමත්, දැක්මක් නොමැති කලාකරුවන්ට කළ හැකි දෙය වන වාර්තාකරණය ඉක්මවා යාමට මනුවර්ණ අසමත් වේ. හරවත් සංවාදයකට අවශ්‍ය තේමා රහස් කියන කඳු චිත්‍රපටයෙන් මතු නොවේ.

සිනමාකරුවාගේ හා තිරනාටකකරුවාගේ අතරමං වීමේ තරම කතාවට ආයාසයෙන් පුරුද්දා තිබෙන හාමුදුරුවරුන් හා පන්සල් ජවනිකාවලින් සහ බෙරකරුවාගෙන් පෙනේ. ඒවා වනාහි වෙන වෙන චිත්‍රපටයි. චිත්‍රපටයේ ධාරණාවට හෝ සමස්ත රස ජනනයට එමගින් දායකත්වයක් නැත.

ප්‍රතිභා පූර්ණ සිනමාකරුවකු වන ජගත් මනුවර්ණට දේශපාලන දැක්මක් සහිත තිරනාටක රචකයකුගේ සේවය ඕනෑ කර තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….