කොරෝනා නුඹ හතුරෙක් නොව අපට වෙනස් වන්නට පාඩමක් කියා දෙන ගුරුවරයෙකි

කාබනික ගොවිතැනට යාමෙන් අස්වැන්න අඩුවන බවත් අධික ශ‍්‍රමය හා පිරිවැයක් දරන්නට සිදුවන බවත් පැතිරයන මතයකි. එහෙත් එය සම්පූර්ණ අසත්‍යයකි. නූතන වගාවේ තාක්‍ෂණික උපකරණ අවශ්‍ය පරිදි යොදා ගනිමින් කාබනික ගොවිතැන  මගින් දැන් පවත්නා අස්වැන්න දෙගුණයක් බවට පත්කරගත හැකිය.

එසේත් නැතිනම් අඩු ශ‍්‍රමයෙන් අඩු පිරිවැයකින් සමාන අස්වැන්නක් ලබාගත හැකි වනු ඇත. මේ තත්වය හමුවේ බහුජාතික සමාගම්වල බලය මත පදනම් වූ ආහාර වෙනුවට අපි මත පදනම් වූ නිරෝගී ආහාර වේලක් අපට සකසා ගත හැකිවනු ඇත.

කොරෝනා වෛරසය නිසා ලෝකයට අලූතින් සිතීමට බල කර ඇත. පසුගිය වසර 100 ක සංවර්ධනය මගින් එකම ගෝලීය ලෝක ආධිපත්‍යයක්  ගොඩ නැගුනි. එහි තීරක සාධකය වූයේ බලශක්තියයි. එය ලෝක ආර්ථිකයෙන් 1/3ක් තරම් විශාල ප‍්‍රමාණයක් ව තිබුණි. එම තෙල් හා තාක්‍ෂණය ඇති රටවලට ඉතා පහසුවෙන් ලෝක බලවතුන් බවට පත්විය හැකි විය. අප‍්‍රකාශිත විසිරුණු යුද තත්වය මෙම තෙල් බලය සදහා වූ අරගලයයි.

දෙවැනුව ලෝක ආහාර රටාව ලෝක බලවතුන් විසින් පාලනය කෙරුනි. එහිදී ජාන තාක්‍ෂණය අභිජනන තාක්‍ෂණය පාවිච්චි කරමින් බීජ නිෂ්පාදනයේ ඒකාධිකාරයක් ගොඩනැගුනි. එම බීජ හා වල්නාශක එකට ප‍්‍රතිබද්ධ වූ කෘෂි යෙදවුම් ඒකාධිකාරයක් ගොඩනැගීම. ඒ අනුව පළිබෝධනාශක හා පොහොර ඒකාධිකාරයක් ඇති විය.

නවීන යන්ත්‍රෝපකරණ පාවිච්චියෙන් විශාල භූමි අත්පත්කරගෙන තිරිගු, දුම්කොල, මිදි, අර්තාපල් වැනි මහා පරිමාණ වගා මගින් ජෛව විවිධත්වය විනාශ කරන ලදී. අධික කෘෂි යෙදවුම් නිසා පස, ජලය, වායුව දූෂණය වීමත් එමගින් ආහාර විස සහිත වීමත් එමෙන්ම හෝමෝන යෙදු කුකුළු මස් ඇතුලූ සත්ව ආහාර සංස්කෘතියත් ඊට අනුබද්ධව ආහාර, බේත් හේත් ආදිය සදහා දැවැන්ත සමාගම් බිහිවිය.

මේ නිසා පිළිකා, වකුගඩු, දියවැඩියාව, ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග ලෝකය පුරා සුලබ වීමත්, ප‍්‍රතිශක්තිකරණය නැතිවීමත් සිදුවී ඇත. එමෙන්ම මෙම රෝගාබාධ සමගම ලෝකය පුරා දැවැන්ත ඖෂධ ජාවාරමක් ඇතිවිය. බටහිර වෙදකම එකම වෙදකම බවට පත්විය.

කොරෝනා වෛරසය නිසා ලෝකයම කැළඹී ඇත. මීට හොදම නිදසුන එක්සත් ජනපදයයි. ඔවුන්ගේ ආර්ථික ක‍්‍රමය යටතේ වෙළෙදපොල වසා පැවතිය නොහැකිය. වෙළෙෙදපොල විවෘතව තබාගත් විට මුලූ රටම කොරෝනා වෛරසය ගිලගනු ඇත.

ශ‍්‍රී ලංකාව තුළ අපේ අත්දැකීම කුමක්ද? ලෙඩුන්  අඩුගණනක් සිටිය ද ශ‍්‍රී ලංකාව වසා දැමූ තත්වයකට පත් කෙරුනි. සියලූ දෙනා ගෙවල්වලටම හිර වූහ. ඉබේම මිනිසුන්ට තමන්ගේ ගෙවත්ත වැවීමට සිදුවිය.

ගහේ කොස් ගෙඩිය, පොල්ගෙඩිය හා අවට ඇති කන බොන දෑ ප‍්‍රයෝජනයට ගන්නට යළි පටන් ගැනුනි. ඒ සමගම දේශීය ආහාර පුරුදුවලට ඉබේටම ඇදී යන්නට විය. නාගරික සමාජයට දුෂ්කර වූව ද ගම්වලට එවැනි පීඩාවක් ආවේ නැත. මේ තත්වය යටතේ තිරසර ස්වයංපෝෂිත ආර්ථිකයකට යාමට අපට බලකර ඇත.

මෙම තත්වය හමුවේ කඩා නොවැටෙන ඔරොත්තු දෙන තම රට තුළ ඇති ස්වශක්තිය මත පදනම් වූ ආර්ථිකයකට යාමට අපට බල කෙරී ඇත. දැවැන්ත වෙළෙද සමාගම් මත පදනම් වනවා වෙනුවට ජනතාව මත පදනම් වූ ආර්ථිකයකට යා යුතුව ඇත. එහිදී සමුපකාර ක‍්‍රමය ශක්තිමත් කිරීම, පොදු ප‍්‍රවාහනය, සුබසාධන කටයුතු සැකසීම අවශ්‍ය වේ. මෙය ජීවන ක‍්‍රමයේ වෙනසකි. විදේශීය වෙළෙද බලවේගවලින් ලෝකය හසුරවනවා වෙනුවට ඒ ඒ රටවල ජනතාවගේ ශක්තිය හා එම රටවල් සම්පත් මත නැගී සිටීමට සිදුව ඇත.

කාබනික ගොවිතැනට යාමෙන් අස්වැන්න අඩුවන බවත් අධික ශ‍්‍රමය හා පිරිවැයක් දරන්නට සිදුවන බවත් පැතිරයන මතයකි. එහෙත් එය සම්පූර්ණ අසත්‍යයකි. නූතන වගාවේ තාක්‍ෂණික උපකරණ අවශ්‍ය පරිදි යොදා ගනිමින් කාබනික ගොවිතැන මගින් දැන් පවත්නා අස්වැන්න දෙගුණයක් බවට පත්කරගත හැකිය.

එසේත් නැතිනම් අඩු ශ‍්‍රමයෙන් අඩු පිරිවැයකින් සමාන අස්වැන්නක් ලබාගත හැකි වනු ඇත. මේ තත්වය හමුවේ බහුජාතික සමාගම්වල බලය මත පදනම් වූ ආහාර වෙනුවට අපි මත පදනම් වූ නිරෝගී ආහාර වේලක් අපට සකසා ගත හැකිවනු ඇත.

බලශක්ති ප‍්‍රශ්නයේදී අපේ රටේ සම්පත් මත පදනම් වූ පුනර්ජනනීය බලශක්තිය කරා අපට යොමුවිය හැකිය. අද ලෝකය පුරාම සිටින බොහෝ දෙනෙක්  රෝගියෝ ය. නිරෝගී ජනතාවක් බිහිකරගත හැක්කේ බේත් හේත් වලින්ම නොවේ. ඒ සදහා වස විස නැති ආහාර, යහපත් ඇවතුම් පැවතුම් නිසි ව්‍යායාම හා සමබර මනසක් තිබිය යුතු වේ.

ලෝකයේ බහුතර ජනතාවක් මෙම නූතන සංවර්ධනය යටතේ ස්වයං පෝෂිත වී නැත. 20%ක් පමණ නූතන සංවර්ධනයට ළගා වී ඇත. එහි බොහොමයක් දුගී රටවල් නිවර්තන කලාපීය රටවල් වේ. තෙල් හා ගල් අගුරු නැති වූව ද මෙම රටවල් සදාහරිත වන වියන් ඇති සොබාවික සම්පත්වලින් පොහොසත් රටවල් වේ. ඒ නිසා තිරසාර ස්වයංපෝෂිත ආර්ථිකයකින් මෙම 80% ක් වූ රටවලට විසදුමක් ලබාගත හැකිය.

තිරසාර සංවර්ධනය සදහා ලෝකයේ යම්කිසි රටක් මූලිකත්වය ගත යුතුය. ඒ සදහා දැනුම හා ආධ්‍යාත්මිකත්වය අතින් ඉදිරියෙන් සිටින්නේ චීනය හා ඉන්දියාවයි. එහෙත් ලෝක බලවතුන්ගේ එල්ලී බලවතෙක් වීමට ඉන්දියාව සිතන අතර ලෝක බලවතුන්ගේ සුපිරි එකා වීමට චීනය සිතයි.

අපේ සිහිනය නම් මේ රටවල් දෙකෙන් එකක් මේ සදහා පෙරමුණ ගත හොත් එය මහත් ආශිර්වාදයක් වනු ඇති බවයි.

යුරෝපය තුළ ආසියාවට වඩා විකල්පයක් පිළිබද සංවාදය වඩාත් උඩට පැමිණ ඇත. එහෙත් ඒ සදහා යුරෝපයට හෝ ඇමරිකාවට පසුබිමක් නැත.

මෙම අනතුර ආශීර්වාදයක් කරගමු. කොරෝනා නුඹ හතුරෙක් නොව අපට වෙනස් වන්නට පාඩමක් කියා දෙන ගුරුවරයෙකි.

පුංචි ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට අලූත් සංවර්ධන මාවතක් ඔස්සේ ආදර්ශයක් සපයමු.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….