කෝරෝනාවට ගුණ මී පැණි

කෝරෝනා වසංගතයත් සමග මි පැණි සදහා ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමකි.දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව කොරෝනා වසංගතයට ඖෂධ නිෂ්පාදනයේදි මි පැණි ප්‍රධාන තැනක් ගැනීම ඊට හේතුවකි.රෝග රැසකට ප්‍රතිකාරයක්, විෂබිජ නාශකයක් , ශක්තිජනක ආහාරයක් හා ඖෂධයක් ලෙස දේශිය වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන පිරිසිදු මී පැණි සොයා ගැනීම ඉතා දුෂ්කර කරුණක් වි තිබේ.

එසේම මී පැණි සදහා තිබෙන ඉල්ලුමත් සමග විශාල වශයෙන් මිලද ඉහල ගොස් තිබේ.ඉතා ඉහල මිල ගණන්වලට හෝ පිරිසිදු මී පැණි නැතිවීම විශාල ප්‍රශ්නයක් යැයි දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් කියති . නමුත් මි මැසි පාලනය සිදුකරන ගොවීන් පුහුණු කරුවන්,ව්‍යාපෘති නිලධාරීන් ප්‍රකාශ කරන්නේ අතීතයේ මී මැසි පාලනය ස්වයං රැකියාවක් ලෙස සිදුකලද මේවනවිට මී මැසි පාලනය කරුණූ කිහිපයක් නිසා අපෙන් ඈත්ව ඇති බවයි.

ඉඩම් කට්ටි කිරීම, වනාන්තර අඩුවිම, රබර් වෙනුවට තේ වගාව පැමිණිම,මල් හටගන්නා දේශිය ගස් වැල් හා පළතුරු ගස් වැල් නැතිවිම,මී මැස්සාට හිතකර පරිසර පද්දති හා ශාක විනාශවීම මේ අතරින් ප්‍රධානය.මේ සියල්ලටමත් වඩා මී මැසි පාලනය වෙනුවෙන් වගකිවයුත්තන්ගේ මැදිහත්වීමේ අලසකම හා නිද්‍රාශීලි පිළිවෙත නිසා මී මැසි පාලනය පොත පතට පමණක් සීමාවී මී පැණි වෙනුවට කෘතීම රසකාරක හා වර්ණක සුවද යෙදූ පැණි වර්ග භාවිතයට ගැනීමට ඡනතාව හුරුව සිටිති.

කෙසේ වෙතත් මී මැස්සා මේ මිහිමතෙන් සමුගන්නා දිනය වන විට මනුෂ්‍ය සංහතියටම මිහිතලයෙන් සමුගැනිමට සිදුවන බව පරිසර වේදීන්ගේ පිළිගත් මතයයි.විවිධ පරිසර වෙනස් වීම් සමග ගෝලීය මට්ටමෙන් මේ සිදුවන්නේ එහි ආරම්භයදැයි සැක උපදවන අවස්ථාද නැතිව නොවේ.

මී මැසි පාලන උපදේශක “බී.ශ්‍රීලංකා, මී මැසි පාලන පුහුණු ආයතනයේ ප්‍රධානී සංඡිව විඡේසුන්දර මහතා

මී මැසි පාලනය ගෘහස්ත මට්ටමෙන් ව්‍යාපාරික මට්ටමින් සිදුකිරීමට හැකියි.කළුතර දිස්ත්‍රික්කයේ මේ සදහා ඉතා හොද පරිසර පද්දතියක් තිබෙනවා. නමුත් එය ක්‍රමයෙන් විනාශ වෙමින් තිබෙනවා. ගම්බද ගොවීන්ට,රජයේ සේවකයින් ඇතුළු මේ පිළිබද කැමැත්තක් වුවමනාවක් ඇති හැම කෙනෙකුටම තම ගෙවත්තේ මී මැසි පෙට්ටියක් දෙකක් තියාගන්න පුළුවනි.ඒ මගින් ඖෂධයක් පමණක් නෙමෙයි විශාල අතිරේක ආදායමක් උපයාගන්න පුළුවනි.සාම්ප්‍රදායික මි පැණි ලබාගැනීමට අමතරව මී ඉටි,මී මැසි ඡනපද ආදි නිෂ්පාදන ගණනාවක් තිබෙන බවද ඒ මහතා කියයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මට්ටමින් මේ කටයුත්ත කරනවා.පුහුණුව ලබාදෙනවා.මී මැසි පෙට්ටි ලබාදෙනවා.මී පැණි සදහා ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා.බී ශ්‍රීලංකා අපේ ආයතනය මගින් පුහුණුව ලබාදී කෘතිමව රැඡිණක් පවා ලබාදී ඡනපදයක් ලබා දෙනවා.අතීතයේදී වගේ මී මැසි ජනපද පිටව යනතුරු බලා සිටිමට අවශ්‍ය නැහැ.ඉතාම සාර්ථක වැඩි දියුණු කළ මි මැසි පෙට්ටි තියෙනවා.මේක ගම්මට්ටමෙන් පුළුල් ලෙස පැතිර යාම සිදුනොවීම ගැටළුවක් වෙලා තියෙනවා.

කළුතර තෙබුවන-නයනඡිත් කුමාරසිරි මහතා.

මම ගොවියෙක් විදියට මි මැසි පාලනය සිදුකලා.නමුත් රඡය මේ ගැන කිසිම උනන්දුවක් නෑ.ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙ ඉන්න බොහෝ නිලධාරීන් මේ ගැන කිසිම උන්නදුවක් දක්වන්නනෙත් නෑ.මොකද කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර,වලල්ලාවිට,අගලවත්ත,දොඩන්ගොඩ ඇතුළු ප්‍රදේශවල තේ වතු,රබර් වතු ආශ්‍රිතව මේක සිදුකළ හැකියි.නමුත් ඒ ගැන උන්නදුවක් නෑ.

හොද මී පැණි බෝතලයන් රු.2000ක් විතර වෙනවා.නමුත් ඒ මිලටත් හොයාගන්න නෑ.ඒක මී මැසි පෙට්ටියකින් බෝතල් තුන හතරක් ගන්න පුවවනි.අනික මි මැසි පාලනය නිසා පරාගනය සිදුවීමත් අනෙකුත් ශාකවල ඵල හටගැනීම වඩාත් දියුණු වෙනවා.තේ වගාව ඉවත්කර කටු පොල් වගාකිරිම සහ මි මැස්සාට අහිතකර ආගන්තුක ගස් වගා කිරීම නිසා මී මැස්සා අපෙන් ඈත්වෙලා යනවා. මී මැස්සා විසකුරු සතෙක් නෙවෙයි.මී මැසි පාලනය හොද ස්වයං රැකියාවක්,විනෝදාංශයක්, එපමණක් නෙමෙයි සත්ව සංහතියේම පැවැත්මට අත දිමක් වෙනවා.

ආයුර්වේද වෛද්‍ය සී.ඩබ්ලිව් කරුණාරත්න මහතා.

ආයුර්වේදයේ මී පැණි දිව ඔසුවක් ලෙස සලකනවා.මේක පෝෂ්‍යදායී ආහාරයක් විශබීඡ නාශකයක් ආදි වශයෙන් මෙහි ගුණ අසීමිතයි.නමුත් අවාසනාව අද පිරිසිදු මී පැණි ඇත්තේම නැති තරම්.කලවම් කර රසකාරක,සුවද වර්ග හා වර්ණක යොදල මී පැණි හදුනා ගන්න බැරිවෙන තරමට වෙනස් කරලා.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….