තේනුවරගේ කලාව ගැන කෙටි අදහසක්

මම හිතන්නේ තේනුවරව ඉතා සියුම් ව තේරුම් ගන්න ඕන චරිතයක්. වර්තමානය තුළ ඇස් දෙකට පෙනෙන දෙයින් තේනුවරව තේරුම් ගන්න බෑ. තේනුවර වැඩ කරන්නේ කලා ඉතිහාස ක්‍රියාවලියක. තේනුවරගේ කලාව තේරෙන්නේ කල් ඉකුත් උනාට පසුව.

මේ ලක්ෂණය මම අශෝක හදගම තුළත් දකිනවා. එයාලගේ කලාව පුද්ගලානුබද්ධ නමුත් ඒ මගින් සමාජය විනිවිදින කාලරේඛීය කලාවක්. සමකාලීනත්වයේ තථ්‍යාකාරය කලාත්මක උත්කර්ශයට නංවන කලාවක්. මේ අය අනවරත අභ්‍යන්තර ඒකාග්‍රතාවක ඉන්නෙ. මේ දෙන්නා අතුරින් හදගම ඉදලා හිටලා සමාජයට අදහස් උදහස් නිර්ලෝභීයව මුදා හරින නිසා හදගම සමාජයට හැගවුම්කරණය වෙනවා. තේනුවර සමාජයට අභිමුඛ වෙන්නේ නැති තරම්. නමුත් තේනුවර වැඩේ තුළ ඉන්නවා. තේනුවර දන්නවා අවසානයේ ඉතුරු වෙන්නේ සිය දෘෂ්‍ය සළකුණු විතරක් බව. ඒ නිහඩ දෘෂ්‍ය සළකුණු දවසක කතා කරන බව තේනුවර හිතන බවයි මම හිතන්නෙ. කොටින් ම තේනුවර හදගම තරම්වත් සිය කලාව ගැන සමාජයෙන් එන විචාර ගැන උනන්දු වෙන්නෑ.

සිත්තරකු හැටියට මම තේනුවරගේ කල් ක්‍රියාවට කැමතියි. නමුත් මට තේනුවරගේ තත්වය නඩත්තු කරන්න බෑ. ඒක තමයි මගේ උරුමය. මම හිතන්නේ වර්තමානය තුළ ම සංදර්භයට අදාලව මට දිය වෙන්න. ඒ නිසා මගේ කලාවේ ඉමෝෂන් තියෙනවා. තේනුවරගේ කලාවේ ඉමෝෂන් නැහැ. නමුත් මානව සම්පීඩ්‍යතාවක්, නිහඩ දේශපාලන සුළි කුණාටුවක් තේනුවරගේ කලාවේ තියෙනවා. අනෙක තේනුවරගේ කලාව ඉන්ටර්ලෙක්චුවල් කලාවක්. සංකල්පීය කලාවක්. මගේ කලාවේ ශෘංගාරය නැති උනත් එක්තරා ශෘංගාර ගතිකත්වයක ආස්වාදයෙන් විදවන කලාවක් කියලා මට හිතෙනවා.

හැම කලාකාරයෙක් ම හිතන්නේ තමන්ගෙ වැඩේ හොද ම වැඩේ කියලයි. මමත් එහෙමයි. එහෙම සංදර්භයක මම ඇරුණුවිට මම කැමතිම කලාකරුවා තේනුවර.

ඇත්තටම මට අනුව තේනුවර තරම් සිය කලාවට දේශපාලනික සාක්ෂරතාවයක් ඒකාබද්ධ කරපු ලාංකේය දෘෂ්‍ය කලාකරුවෙක් නැති තරම්. තේනුවරගේ බැරල්වාදය සහ සුන්දරකරණය කලා මාලා අති විශිෂ්ඨ දේශපාලන ප්‍රකාශන. තේනුවරගේ කලා ප්‍රදර්ශනය නැරඹීමට රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍ වික්රී‍රමසිංහ ආ පමණින් ඒ මත පිහිටා තේනුවරගේ කලාව ගැන නිෂ්ටාවට විනිශ්චයන් දීම ගැන මම එකග නැහැ. නමුත් ප්‍රේක්ෂකාගාරය අනුව කලා කෘති ගැන යමක් කියවෙන බවත් අපි අමතක කරන්න හොද නැහැ.

මගේ කලාවේ වර්තමාන අමු ගතියට එලිට් සමාජය කැමති නැති වීම ගැන මම දන්නවා. කලා කෘති වලට අදාල ප්‍රේක්ෂක සම්බන්ධතාවයෙන් එහාට යමින් තේනුවර රනිල් වික්‍රමසිංහ එක්ක තියෙන සම්බන්ධය ගැන නම් තේනුවර සම්බන්ධයෙන් මට පෙනී ඉන්නනම් බෑ. එතැන පොඩි විචිකිච්චාවක් තියෙනවා.

– සුජිත් රත්නායක

lankanewsweb

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….