දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත.
ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ.
මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම , ක්‍රියාව නිවැරැදි කිරීමට භාවිතා කළ හැකි අවසාන පිළියම පහර දීම බව අප විශ්වාස කිරීම සහ අප විසින් කුඩා කළ පාසලේදී හෝ නිවසේදී අත්දැකීමෙන් එය උගත් නිසාවෙනි.
නැතහොත් පහර දීමෙන් දරුවාගේ හැසිරීම් පාලනය කිරීම වඩාත් පහසු ලෙස අප සිතන නිසාත් අනෙකුත් මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට යන කාලය සහ කැපකිරීමට අප දක්වන අලස කම සහ අපගේ ආකල්ප නිසාත්ය…!
දෙවැන්න , දරුවා අනිසි චර්යාවක් නිරන්තරයෙන් කිරීම නිසා ඔහු හෝ ඇයට මානසික හෝ ශාරීරික බලපෑමක් හෝ නොමඟ යයි යන අනියත බියක් අප තුල පවතින නිසාය.
 එබැවින් දෙමව්පියන් වශයෙන් ඇතැම් විට  සාධාරණ විය හැකිය.
තෙවැන්න අප සහකරු හෝ සහකාරිය , ඥාතීන් , ආයතනික ප්‍රධානීන්ගෙන් ඇතිවන මානසික පීඩාකාරී තත්වයන්, ආර්ථික පීඩනය ,
 අප තුල පවතින ඇතැම් මානසික ප්‍රශ්න ,  විශාදය ( Depression ) වැනි රෝග තත්වයන් නිසාද දරුවන් බොහෝ අවස්ථාවල පහර කෑමට ලක්වේ..
නමුත් දරුවාගේ හැසිරීම පාලනයට හෝ අප තුල ඔහුගේ හෝ ඇයගේ හැසිරීම මත ඇතිවන ක්ෂණික ආවේගය නිසා කළ පහරදීමෙන් පසුව බොහෝ ලෙස කම්පාවට පත්වන , පසුතැවෙන දෙමාපියන් කොතෙකුත් ඇත.
මීට අමතරව අප දරුවාගේ ඉහතකී හැසිරීම් පාලනය කරන්නේ ඔහුව බියට පත් කිරීම තුලිනි( Fear Conditioning )..
නිරෝගී දරුවන් බොහෝවිට ක්‍රියාශීලී වන අතර ඔවුන්ගේ හැසිරීම් ද එකිනෙකා අතර බලන විට විවිධත්වයෙන් යුතුය..මන්ද විවිධ පෞරුෂයන්‍ ය.
ඔබ පහර දෙන විට , දරුවා ” අනේ අම්මේ ගහන්න එපා , තාත්තේ ගහන්න එපා ! යනුවෙන් බියට පත්ව හඬා වැළපෙන අයුරු කොතෙකුත් ඇත.
ඇතැම් අවස්ථාවල එතනින් පළායාම , එම කෝටුව අල්ලා දෙකට කැඩීම සිදු කරයි..!
බොහෝ දෙමාපියන් පහර දීම අනුමත කරන්නේ,
” අපි මෙතන ඉන්නේ , ගුරුවරු , දෙමව්පියෝ අපට ගහපු නිසා….! “
” ඔය මනෝ වෛද්‍යවරු , මනෝ උපදේශකවරු ගේන බටහිර අදහස් ලංකාවට ගැලපෙන්නේ නැහැ “
” පුලුවන් නම් ඔයාලා කියන්න ගහන්නේ නැතුව හදන ක්‍රමයක් ? “
” ඉස්කෝලේ කොල්ලන්ව නොගහා හදන්න බැහැ…ඇට්ටරයි…! “
මෙවන් මතවාද අප තුල පවතී…
මේ තත්ත්වය තුල දරුවා දැඩි මානසික පසුගාමී තත්වයකට පත්වන අතර එය ඔහුගේ පෞරුෂ සංවර්ධනයට , නිර්මාණශීලිත්වයට ඍජුව බලපායි…!!!
මේවා අසාධාරණ යයි ඇතැම් විට පැවසීය නොහැක්කේ පරම්පරාවෙන් පරම්පරාවට පහරදීම අප විසින් උගත් චර්යාවක් නිසා සහ සමාජය තුල එය සාමාන්‍යකරණය වී ඇති නිසාය…
ඒ නිසා අප හට පූරුදු පුහුණු විය හැක්කේ කුමක් ද ??????????
1.දරුවාට ආදරයෙන් ඇතැම් නොගැලපෙන චර්යාවන් ( Maladaptive behaviors ) නොකරන ලෙස සහ ඉන් ඇතිවන අනිටු විපාක පැහැදිලි කර දීම.
2. යහපත් , ගැලපෙන චර්යාවක් සිදු කිරීමට උනන්දු කරවීමට හෝ එය සිදු කලොත් වාචිකව අගය කීරීම ( Verbal Appreciation ) නැතහොත් යම් ත්‍යාගයක් ලබාදීම ( Positive  Reinforcement )
උදා :  කැමැති විනෝද ස්ථානයකට රැගෙන යාම , ආහාරයක් , සෙල්ලම් බඩුවක් වැනි දෙයක් දීම…
3. නොගැලපෙන චර්යාවක් කළ විට වචනයෙන් අපගේ විරෝධය පළ කිරීම
” පුතා මම ඒදේට කැමැති නැහැ ” , ඔයා කරපු දේ වැරදියි !
නැතහොත් ඔබට එමගින් ඇතිවූ හිත් තැවුල ප්‍රකාශ කරන්න..!
“පුතා මේ දේ කළ හින්දා මට දුක හිතුනා ….”
දරුවන් සංවේදී නිසා සහ ඔබට ඇති ආදරය නිසා තම හැසිරීම නිවැරැදි කර ගනීවි..!
4.ඔවුන් සමග හැකි සෑම වෙලාවකම කාලය ගත කරන්න….! ක්‍රීඩා කරන්න , දුක සතුට බෙදා ගන්න..අමතක කරන්න එපා ! ඔවුන්ට බොහෝ දේ තේරෙනවා.
5. අපේක්ෂිත චර්‍යාවක් නොකල හොත් හෝ අපේක්ෂිත නොවන චර්යාවක් කළ හොත් ඔහු ප්‍රිය කරන යම් වස්තුවක් තාවකාලිකව හෝ ස්ථීරව ඉවත් කිරීම , ප්‍රියතම රූපවාහිනී වැඩසටහන එදින බැලීමට අවස්ථාව නොදීම ( Positive Punishment )
ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටීනම්  එය භාවිතය සීමා කිරීම , දවසට නිශ්චිත කාලයක් දී ඉන්පසු ඔබේ භාරයට ගැනීම කළ හැකියි..!
5. ඇතැම් දරුවන් මානසික සංකූලතා නිසා මුරන්ඩු හැසිරීම් පෙන්වනවා.
උදා : අධික්‍රියාශීලී දරුවන් ( Hyperactive ) , Conduct Disorders , Autistic Spectrum Disorders  සහ වෙනත් මානසික සහ ශාරීරික සංකූලතා
ඒ සඳහා ඔබ මනෝ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන් සහ මනෝ විද්‍යා වෘත්තිකයින්ගේ සහාය පැතිය යුතුමයි.. !
පහර දීම සමාජයේ මුල් බැස ඇති නිසා එය තුරන් කළ යුත්තේ ක්‍රමානුකූලවයි…ඒ නිසා මිනිස් චර්යාව හැසිරවීමේ , පුහුණු කිරීමේ විකල්ප ක්‍රමවේද ක්‍රමානුකූලව සමාජ ගත කිරීමෙන් වඩාත් නිරෝගී පෞරුෂයන්ගෙන් යුතු දරු පරපුරක් බිහි කර ගත හැකියි….!
– මධුර ගුණවර්ධන –
මනෝ විද්‍යාඥ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….