නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (1) – බැසිල් ප‍්‍රනාන්දු

19 වන ශත වර්ශයේ මෙන්ම විසි වන ශත වර්ශයේ මුල් භාගයෙත් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබුනේ ජනගහනයෙන් සියයට දෙකක් හා තුනක් අතර ප‍්‍රමාණයකට පමණි. 1944 නිදහස් අධ්‍යාපනය පැමිණීමත් සමගම අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල විශාල වෙනසක් වීමට පටන් ගත්තේය. එම වෙනස වූයේ කාට වුවත් අධ්‍යාපනය ලබා ගැනීමට පුලුවන් කම පමණක් නොව දරුවන් පාසලට යැවීමද නීත්‍යානකූලව ඇතිවුන වගකීමක් බවට පත්වීමත් සමගයි. මෙසේ සියයට දෙකකට තුනකට තිබුනු අධ්‍යාපනය පල්ල වීම තේරුම් ගැනීමට හැකි වන්නේ යටත් විජිත සමයේ දී පැවතුන අධ්‍යාපන ප‍්‍රතිපත්තිය තේරුම් ගැනීමෙනි.

ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. එසේ පත් වුන විශාලම රට ඉන්දියාවයි. ඉන්දියාව හැදින් වූයේ බි‍්‍රතාන්‍යය කිරුලේ මාණික්‍ය වශයෙනුයි. ඉන්දියාවට බි‍්‍රතාන්‍යයෙන් ඉදිරිපත් කල යුත්තේ මොන විධියේ අධ්‍යාපන ක‍්‍රමයක්ද යන්න විශාල විවාදයක් බි‍්‍රතාන්‍යයේ පරිපාලකයන් අතරත් බි‍්‍රතාන්‍යයේ බුද්ධිමතුන් අතරත් ඇති විය. එක් කණ්ඩායමක් කියා සිටියේ ඉන්දියාෙව් අධ්‍යාපනය සංස්කෘතික භාෂාවෙන් හා අරාබි භාෂාවෙන් කල යුතු බවයි. එයට හේතුව හින්දු සාහිත්‍ය සංස්කෘතික භාෂාවෙන් ලිය වී තිබීමත් මුස්ලිම් සාහිත්‍ය අරාබි භාෂාවෙන් ලිය වී තිබීමත් යන හේතු නිසාය. නමුත් තවත් මතයක් වුනේ ලෝකයේ මේ දක්වා දියුණුවෙමින් තිබුණු සියලුම විද්‍යාවන් හා අදහස් ඉංග‍්‍රීසි භාෂාවෙන් ප‍්‍රකාශයට පත් වී තිබීම නිසා අධ්‍යාපනය ඉංග‍්‍රීසි භාෂාවෙන් කල යුතුයි කියායි. අවසානයේ දී බි‍්‍රතාන්‍ය ප‍්‍රතිපත්තිය බවට පත් වුනේ ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය දිය යුතුයි යන්නයි.

මෙම විවාදයේ අවසාන නිගමනයත් පිලිබදව යටත් විජිත අධ්‍යාපන ප‍්‍රතිපත්තිත් නීති ප‍්‍රතිත්තිත් සකස් කිරීම ගැන ප‍්‍රධාන මට්මින් සහභාගි වුනු මැකෝලි නැමති සාමිවරයා ලියා තිබෙනවා. ඔහු පැවසුවේ අධ්‍යාපනය ඉංග‍්‍රීසි භාෂාවෙන් කල යුතු බවත් රටේ සියලුම දෙනාට ඉංග‍්‍රීසි ඉගැන්විය යුතු බවත්ය. එහෙත් ඔහු තව දුරටත් කියන්නේ ඒ ආකාරයෙන් සියලු දෙනාටම ඉංග‍්‍රීසි ඉගැන්වීෙම් හැකියාව බි‍්‍රතාන්‍යයට පැවතුනේ නැති බවයි. එම නිසා ඔහු යොජනා කලා සුලූ කණ්ඩායමකට හෝ ඉංග‍්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන්න, ඒ කණ්ඩායම ඔවුන්ගේ භාෂා වලින් රෙට් අනෙක් ජනතාවට එය කියා දෙනවා ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව. එම යෝජනාව රජ්‍යය ප‍්‍රතිපත්තිය බවටද පත් වුනා.

ඉන්දියාෙව්දී ඇතිකර ගත් එම ප‍්‍රතිපත්තිය දකුණු ආසියාවෙත්, වෙනත් සියලුම බ්‍රිතාන්‍යය යටත් විජිත වලත් ප‍්‍රතිපත්තියක් බවට පත් වුනා. මෙය ලංකාෙව් ක‍්‍රියාත්මක කිරීම තුලින් කාලයාගේ ඇවෑමෙන් සියයට දෙකක් තුනක් පමණ ඉංග‍්‍රීසි අධ්‍යාපණය ලබා ගත්තා. ඒවා සදහා විශේෂ පාසල් ඇති කලා. ඒ පාසල් වලින් ඉංග‍්‍රීසි භාෂාවෙන් විවිධ විශයන් ඉගෙන ගත් කණ්ඩායමක් ඇති වුනා.

මේ කණ්ඩායම තමන් ඉගෙන ගත් දේ රෙට් අනිත් අයට කියා දේවි යන බලාපොරොත්තුව වෙනුවට සිද්ධ වුනේ එසේ ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ගත් කණ්ඩායම ඒ මාර්ගයෙන් තමන්ගේ ප‍්‍රයෝජන වැඩිකර ගැනීමට උනන්දු වී වෙනම විශේෂ කණ්ඩායමක් බවට පත් වීමයි.

බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යයේ ඉතිහාසය පිළිබදව පවතින එන්සයික්ලෝපීඩියා ග‍්‍රන්ථයේ හතර වන වෙලුෙම් සදහන් වෙනවා ලංකාෙව් පහත රට කණ්ඩායමක් අලූතෙන් ඇති වූ ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබා ගත් ආකාරයත් ඒ මාර්ගයෙන් එය ඔවුන් තමන්ගේම වාසියටත් තමන්ගේ සමාජ තත්වය, ආර්ථික තත්වය ඇතිකර ගැනීමටත් යොදා ගත් ආකාරය. ඉංදියා‌වේ මෙම කණ්ඩායමෙන් කොටසක් බි‍්‍රතාන්‍යයෙන් අත්මිදීමේ විමුක්ති ව්‍යාපාරයක් පටන් ගත් අතර එම ව්‍යාපාරය විශාල වශයෙන් පළල් කිරීමට දායක වුනා.

පසු කාලීනව නිදහස් ඉන්දියාවේ නායකත්වය බවට පත් වුනේ එවැනි ඉංග‍්‍රීසි අධ්‍යාපණයක් ලැබුණු නමුත් ඒ අධ්‍යාපනයේ ප‍්‍රතිපලයක් ලෙස ජනතාව අතරට ගෙන ඒ මේ උත්සාහයක යෙදුන බි‍්‍රතාන්‍යයන්ගෙන් අත් මිදීමේ සටනේ නායකත්වය ගත් පුද්ලයන්. නමුත් ලංකාෙව් එවනි දෙයක් සිදු වූයේ නැහැ. මෙහි ප‍්‍රතිඵලය වූයේ සියයට දෙකක පමණ ප‍්‍රමාණයක් අලුතෙන් ඇති වුනු නව අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඇතුල් වීමට අවස්ථාව ලබා ගැනීමත් අනෙක් අයට එය නැතිව යාමත්ය. එම බි‍්‍රතාන්‍යය ප‍්‍රතිපත්තියට වෙනස්ව රෙට් සියලුම දෙනාට අධ්‍යාපනයක් ලබා දීම පිළබදව බරපතල පියවරක් බවට පත් වුනේ සී ඩබ්ලව් ඩබ්ලිව් කන්නන්ගර මැතිදුන්ගේ නායකත්වයෙන් හා ඔහු වටා සිටි නිළධාරීන්ගේ සහයෝගීතාවයෙන් නිදහස් අධ්‍යාපනය රෙට් ජනතාවට හිමි කර දීම තුළිනුයි. මේ නිසා විශාල අවස්ථාවක් නිර්මාණය වුනා, රෙට් ස්වභාවයම වෙනස්කර ගැනීමට. ඒ සදහා කාලය අවශ්‍යය වුනා. දැන් අප ජීවත් වන්නේ නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු හැත්තතෑවකට වැඩි කාලයක් ගත වුනායින් පසුවයි. මේ නිසා නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීම සදහා අවස්ථාව දැන් නිර්මාණය වෙමින් පවතී.

මේ වාතාවරණය තුල කාගේත් පරම උණන්දුව විය යුතු වන්නේ තමන්ගේ ප‍්‍රකාශන ශක්තිය සමාජයේ සියලුම කටයුතු සම්බන්දයෙන් වර්ධනය කර ගන්නේ කෙසේද යන්නයි. ලබාගත් අධ්‍යපනය උපයෝගී කොට ගෙන ඒ තුලින් තමන්ගේ කල්පනා ශක්තිය වර්ධනය කර ගනිමින් තමන්ගේ කටහඩින් තමන්ගේ අනාගතය ගැන කතා කිරීෙම් ශක්තිය නිර්මාණය කර ගැනීමට පසු බිම රටේ දැන් වැඩි කොටසකට පවති. එහෙත් ඒ් කල්පනා රටාව තවමත් දියුණු වී නැහැ. එම කටහඩ තවම ඇසෙන්නට පටන් ගෙන නැහැ.

බැසිල් ප‍්‍රනාන්දු

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….