පිස්තෝලය සෙල්ලම්ද බලන්න මාස 10ක් ගිහින්- අහිංසක දෙදරු පියෙක් මාස 10ක් හිරේට

ප්‍රසාද් කුමාර මාස දහයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටියේ තමන් කළ වරදකට නොව ආණ්ඩුවේ කන්තෝරුවක අකාර්යක්ෂමතාවේ වරදකිනි.

ප්‍රසාද් කුමාර සිටියේ හිඟුරක්ගොඩ පිංපාර, යටියල්පතාන දකුණ අංක 30/1හි නිවසේය. ඔහු තිස්එක් හැවිරිදි දෙදරු පියෙකි.

ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා අපේ ගෙදර පොඩි රණ්ඩුවක් වුණා. නෝනයි මායි බැණගත්තා. අපේ ගෙදරමයි නෝනගේ තාත්තාත් ඉන්නේ. ඉතින් එයා එදා ටිකක් බීලා හිටියෙත්.

අපි රණ්ඩු වෙනවා ඇහිලා එයා තවත් එයාගේ යාළුවෙකුට කියලා තියෙනවා මේ ගෙදර රණ්ඩු වෙනවා පිස්තෝලෙකුත් තියෙනවා බයයි කියලා.

ඒ කෙනා මේ ගැන 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට කෝල් කරලා කියලා අපේ ගෙදර රණ්ඩු වෙනවා පිස්තෝලෙකුත් තියෙනවා කියලා. ඒ තොරතුරට පොලිසියෙන් ඇවිත් ගෙදර පරික්ෂා කරන්න ඕන කියලා මුළු ගේම පරීක්ෂා කළා. ඇඳුම් අල්මාරිය බලනකොට සෙල්ලම් පිස්තෝලයක් හම්බ වුණා.

මේ තියෙන්නේ බඩු කියලා, තව හෙව්වා. තවත් ලයිටරයකුත් හම්බවුණා. ඊට පස්සේ මගෙන් ඇහුවා මේකේ උණ්ඩ 100ක් තියෙන්න ඕන කෝ ඒවා කියලා. මම කිව්වා මේක සෙල්ලම් පිස්තෝලයක්. අනිත් එක ලයිටරයක් කියලා මම ඒ ලයිටරය පත්තු කරලාත් පෙන්නුවා.

ඊට පස්සේ අර පිස්තෝලෙත් එක්ක අපිව පොලිසියට එක්ක ගියා. මගේ කිරි බොන චූටි දුවයි, මොන්ටිසෝරි යන පුතයි නෝනයි මාමයි සියලු දෙනාම පොලිසියට අරන් ගියා. පැය ගාණක් ප්‍රශ්න කළා.

ඒත් මට කියන්න තිබුණේ එක දෙයයි මේක සෙල්ලම් පිස්තෝලයක් කියන එක විතරයි” ඔහුගේ කතාව පටන් ගත්තේ පොලිසිය තමා නොකළ වරදකට පටලවා ගැනීමට මුල්වූ කතාවයි ඒ.

“නඩුකාරතුමා එදා මේකේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් මාව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා නියෝග කළා. එදා ඉඳලා දවස් 14කට සැරයක් බන්ධනාගාර බස් එකේ හිරකරුවන් ගෙනියන විදිහට මාවත් බන්ධනාගාරයෙන් අධිකරණයට ගේනවා. ගෙනත් නඩුව ගන්නකොටම නඩුකාරතුමා අහන්නේ රස පරීක්ෂක වාර්තාව. ඒක ලැබී නෑ කිව්වාම ආයෙ දවස් 14ක් ඇතුළට. මේ විදිහටම මාස 10ක් කිට්‍ටු වෙන්න මම රිමාන්ඩ් එකේ’’ ඔහු කීවේය.

සැමියා හිරේ ගිය කතාව පැතිරෙද්දී ප්‍රසාද්ගේ බිරිය වූ දිලානි මහේෂිකා ප්‍රශ්න රැසකට මුහුණ දුන්නාය. ගම්මුන්ගේ අපවාදවලට ලක්වන්නට සිද්ධ විය. සමහරු ඇය දෙස බැලුවේ මහා අපරාධකරුවකුගේ බිරියක් ලෙසය. එහෙත් කවුරුවත් ඇත්ත කතාව දැනගෙන සිටියේ නැත.

ජනාධිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන්, නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලන්නේ මේ රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා.

මට වෙච්ච අසාධාරණය වෙලා ඉවරයි.

ඒ තත්ත්වය අනාගතයේ ඇති නොවෙන්න මේ ආයතන කාර්යක්ෂම කරන්න. පොලිසිය ඒ අයගේ රාජකාරිය ඉ‍ටු කළේ.” ඔහු කියන්නේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….