පෝට් සිටි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

portcity

පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති සදහා පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතු බවත් තවත් වගන්ති කිහිපයක් සදහා 2/3 විශේෂ බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවයි.

කෙසේ වෙතත් මෙම තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන වගන්ති සදහා සංශෝධන යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන අතර එකී සංශෝධනයන් ප්‍රකාරව සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය පමණක් අවශ්‍ය වගන්ති

පනත් කෙටුම්පතේ 3(6), 30(3) දෙවැනි අතුරු විධානය, 55(2) සහ 58(1) හි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බවත් එකී වගන්ති වලංගු ලෙස සම්මත කල හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් එනම් 2/3 බහුතරයකින්  බවට ශ්‍රේෂ්ඨාධීකරණය තිරණය කර තිබේ. ඒ අනුව වර්තමාන ආණ්ඩුවට 2/3 බලයක් ඇති බැවින් මෙම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කල සංශෝධනයන් නොමැතිව වුවද සම්මත කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇත.

පනත් කෙටුම්පතේ 3(5)අතුරු විධානය 3(7), 6(1)(ආ), 30 (3) පළමුවැනි අතුරු විධානය, 7(1) සහ 74 ද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ඉහත පරිදිම 2/3 බහුතරයකින් එකී වගන්ති සම්මත කල යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එමෙන්ම පනත් කෙටුම්පතෙත් 30(1), 33(1), 40(2) සහ 71 (2) (ඕ) වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එයද පාරිලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.

තවද පනත් කෙටුම්පතේ 60(ඈ) සහ 60(ඊ) වගන්ති වල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට අනනුකූල බවත් එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. තවද පනත් කෙටුම්පතේ 37 වග්තියේ විධිවිධාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන අතර විහේෂ බහුතරයකින් සම්මත කල යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ විශේශ බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය වගන්ති

පනත් කෙටුම්පතේ 3(4), 6(1)(ද), 68(1)(ඊ) සහ 68(3)(අ) වගන්තිවල විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 ව්‍යවස්ථා සමග කියවිය යුතු 76 ව්‍යවස්ථාවට අනනුකූල බැවින් එය සම්මත කල හැකි වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ ප්‍රතිපාදන සකසා ඇති පරිදි ජනමත විචාරණයකින් ජනතාවද අනුමත කිරීමෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ 52(5) සහ 71(2)(ජ) වගන්ති සමග කියවිය යුතු 52(3) වගන්තියේ විධිවිාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 ව්‍යවස්ථා සමග කියවිය යුතු 148 ව්‍යවස්ථාවට අනනුකූල බවත් එයද සම්මත කිරීමට වන්නේ විශේෂ බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයකදී ජනතා අනුමැතියද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ 53(3)(ආ) වගන්තිය සමග කියවිය යුතු 53(2)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාවට අනනුකූල බවත් එය සම්මත කිරීමටද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

පනතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම තීරණය අනුව දැනටමත් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ආණ්ඩුවට ඇති නිසා මෙම පනත් කෙටුම්පතේ බොහෝ වගන්ති සම්මත කර ගැනීමේ හැකියාවක් ආන්ඩුවට ඇත. ආණ්ඩුවට හැකියාව නොලැබෙන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල වගන්ති කිහිපය පමණක් වන අතර ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කල සංශෝධනයන් ආණ්ඩුව විසින් සිදු කරනු ඇත.

විශේෂ බහුතරයක් අවශ්‍ය යැයි තීරණය කල වගන්ති සදහා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කල සංශෝධනයන් සලකා බැලීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට නැත්තේ ආණ්ඩුවට 2/3 බලයකට ඉතා ආසන්න බලයක් ජනතාව විසින් ලබා දුන් නිසා ඒ අවසරයෙන් ආන්ඩුව 2/3 බලයක් ස්ථිරසාරව සකසා ගෙන ඇති නිසාය.

දුලාන් දසනායක

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….