බණ්ඩාරගමට බාර් එපා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යදැක්ම මතින්තොර රටක්, එක රටක් එක නීතියක් මිස තව තවත් අළුතින් බාර් පෝර්මිට් ලබාදී තව දුරටත් මේ රටේ මත් උවදුර ව්‍යාප්ත කිරිම නොවේ යැයි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා කීවේය.

බණ්ඩාරගම නගරයේ අළුතින් සුරා සැළකට බලපත්‍ර ලබාදිම ට එරෙහිව පසුගිය 26 දා පැවති උද්ඝෝෂණය පිළිබද අදහස් දක්වමින් පසුගිය 27 දා මේ අදහස් පළකලේය.වසර 16 කට පසුව බණ්ඩාරගම ආසනයට ජනතාව වමේ මන්ත්‍රිවරයෙකු පත්කරගත්තෙ බණ්ඩාරගම සමස්ත ජනතාවගේ හිතසුව පිණිස වැඩ කිරිමට මිස මත් පැන්, මත් ද්‍රව්‍ය තව තවත් ප්‍රචලිත කිරිමට නෙමෙයි.

මැතිවරණ සමයේ මගේ ඡන්ද පොරොන්දුව වුනේ අළුතින් තව තවත් මත් පැන්ශාලා විවෘත්ත කිරිම නෙමෙයි. දැනට ප්‍රදේශයේ තියෙන , කසිප්පු , ගංජා, මත් පෙති හෝ වෙනත් අකටයුතු , අක්‍රමිකතා, දුෂණ අක්‍රමිකතා නැති කරන්න සහාය දීමයි.

නමුත් මට මුලින්ම වැඩ අල්ලන්න සිදුවුනේ බණ්ඩාරගම ආසනේ අළුතින් සුරා සැලක් විවෘත්ත කිරිමට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය, ජනතාව, පදේශයේ දේශපාලන අධිකාරිය සමග මහ පාරට බැසිමෙනුයි.එක අතකට මම ඒ ගැන සතුටුවෙනවා.

මොකද ජනතාව වෙනුවෙන් පාරට බහින්න සිදුවුණා. මම ආසනේ නියෝජනය කරන මන්ත්‍රිවරයා නමුත් මමවත් දන්නෙ නැතුව බණ්ඩාරගමට අළුතින් සුරා සලකට අවසර දීල තියෙනවා.මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නෑ.

මේ අළුත් බාර් එක පමණක් නෙමෙයි බණ්ඩාරගම තියෙන සියළුම මත් ද්‍රව්‍ය නැති කරන්න කටයුතු කරනවා.මතින් තොර රටක්. සතුටින් පිරි පවුලක් ඇති සමාජයක් ඇති කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් අරමුණයි.ඒකඒ ආතාරයෙන්ම ක්‍රියාත්මක කිරිමට මට දෙන්න පුළුවන් නායකත්වය මම ලබාදෙනවා.

1994 වර්ෂයෙදි විතර මේ සුරාසල ආරම්භ කලත් නිති විරෝධි නිසා වහල දාල නතර කරල තිබුණ. නමුත් නැවත අවසර දිල තියෙන්නෙ කොහොමද කියල හොයල බලන්න අවශ්‍යයි. රටේ පිළිගත්ත නිතිය ආගමික ස්ථානයක් ආසන්නයේ මත්පැන් අලෙවිහලකට අවසර දෙන්න බැහැ .

නමුත් සුරා බදු දෙපාර්තමේන්තුව ඒ නීතියත් කඩ කරල තියෙනවා. මිල්ලනිය, බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් , මන්ත්‍රී වරුන් ඇතුළුප්‍රදේශයේ දේශපාලන අධිකාරියේත් අවසරය නැතුව මෙවැනි දෙයක් කරන්න සුරාබදු දෙපාරතමේන්තුවට හැකියාවක් ලැබුනෙ කොහොමද කියල ආසනේ මන්ත්‍රීවරයා ලෙස මම දැන ගතයුතුයි. මේ පිළිබද පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්න කරන්න බලාපොරොත්තුවෙනවා.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….