නීතිය දුප්පත් අසරණ මිනිස්සුන්ට විතරද? – පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි

gossip lanka news

මේ වන විට අපේ රටේ එක රටක් එක නීතියක් කියන එක ක්‍රියාත්මක වෙන්නෙ දුප්පත් අසරණ මිනිස්සුන්ට විතරයි. පොහොසත් ඇතිහැකි කියන පිරිස නීතියේ ඇහැට වැළිගහලා හරි මුදල් වියදම් කරලා හරි නීතියෙන් බේරීලා ඉන්නවා යැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බුදුදහමට අපහාස වන අන්දමේ දේශනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකල ලිපියට දින 21ගතවී ඇතත් මෙතෙක් විමර්ශන යක් සිදු නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසා උන්වහන්සේ 26 වනදා යලිත් ලිපියක් භාරදී ඇත.
එහිදී උන්වහන්සේ මෙසේද පැවසීය.

නතාෂට බෲනෝට හරිම කඩිනමින් නීතිය ක්‍රියාත්මක කලා.අද නතාෂා හිරබත් කනවා.මොනම ආගමකට වත් අපහාස නොකල යුතුයි.සිද්ධාර්ථ කුමාරයා කියන්නෙ එම්ප්‍රදෝරු රජකම එපා කියලා විමුක්තිය මාර්ගය සොයා ගිය උතුම් පුද්ගලයෙක් වගත් ලොව පුරා වෙසෙන බෞද්ධයන් මෙවැනි අපහාස කිරීම් පිලිබදව අන්තර්ජාල ඔස්සේ නරඹා පිලිකුලෙන් හෙලා දකින බවත් උන්වහන්සේ මෙහිදී පැවසීය .

අපේ රටේ ඕනෑම අපරාධයක් කරලා ටික කලකින් ඒක කාලයේ වැලිතලාව කියන එකට යට කරනවා.මේ කතාවටත් ඒක එහෙම වෙන්න දෙන්න බැහැ.බැදුම්කර මංකොල්ලය මහදවල් කරපු මහා මංකොල්ලය ඒක තමයි මේ රටේ ආර්ථිකය කඩාවැටුණු පලවෙනි වෙඩිමුරය.දැන් කව්ද මේ ගැන කතා කරන්නෙ.බලයටයි නිලයටයි මුදලටයි පුළුවන් රටේ නීතිය මංදගාමී කරන්න. දුප්පත් අසරන අහිංසකයෙක් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් වත්තකින් හොරෙන් කැඩුවොත් මිනිහා දාහතර දවසක් හිරේදාලා දඩත් ගහලා නඩුත් දානවා.මේ රටේ මෙතෙක් සිද්ධ උනු වංචා දූෂණ හොරකම් මේ එකකට වත් නීතියේ සාධාරණය ඉෂ්ඨ උනාද.නෑ ඒවා මංදගාමී උන එක විතරයි අපි දැක්කේ.මේ වෙනකොට පහුගිය කාලේ සිද්ධ සීනිබදු වංචාව සුදුළූණු වංචාව බැදුම්කරය වගේම පාසල් දරුවන්ට බෙදා දෙන්න ගෙනැවිත් පුස් කන ටැබ් මැෂිං ගැනත් කෝප් කමිටුවෙදි හෙළිවෙන හැටි මේවා භාරව හිටපු ලොක්කන්ගෙ පටි ජනමාධ්‍ය ඉදිරියේගැලවෙන හැටි අපි දැක්කා.ඇත්තටම කෝප් කෝපා කමිටුවලට ස්තුති වන්ත විය යුතුයි මෙවැනි ආන්දෝලනාත්මක පුවත් සැඟවී යාමට නොදී රටේ බදු ගෙවන ජනතාවට හෙළිකරනවට.ඉතිං මහා පුදුම යක් කියන්නෙ මේ කමිටුවල ඉන්නෙත්.මේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ දීත් මේ විදියටම නිර්භීතව ක්‍රියා කලා නම් අපේරට අද මේ වගේ අගාධයකට වැටෙයිද කියලයි මට තිබෙන ගැටළුව.

කෙසේ නමුත් එක රටක් එක නීතියක් යන තේමාවට අපේ රට පරිවර්තන කල යුතුව ඇති බව රටවැසියන් එක හඩින් පවසන්නේ යැයි සීලරතණ හිමිපාණන් වහන්සේ පැවසීය.

කැලණිය කුසුම් එස් හැන්නදි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….