gossiplankanews lankadeepa lankacnews hiru gossip hiru news gossip lanka c gagana news dasatha lanka news ada derana sinhala

කල්පි­ටිය, කන්ද­කු­ලිය, ඉච්ච­න්කා­ඩුව කල­පුවේ වැලි සමඟ ඇති මඩ අවු­ස්ස­මින්, දෑත්වල නිය පතුරු ගැල­වෙන තුරු මඩ­ව­ලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුද­ල­කට අලෙවි කර­මින් සිය දරු පවුල් ජීවත් කර­වන කාන්තා­වන් පිරි­සක් පිළි­බඳ පුව­තක් එම ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. මෙම කාන්තා­වන් වැඩි පිරි­සක් පවුලේ ප්‍රධාන ආදා­යම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරු­වන් හෝ දරු­වන්ගේ දරු­වන් හෝ අස­රණ වූ මව්පි­යන් හෝ අස­නීප වූ සැමි­යන් ජීවත් කර­න්නට වෙහෙ­සෙන පිරි­සක් බවට පත්වී­මෙනි. මෙම කාන්තාවෝ සිය කඩා­වැ­ටුණු පවුලේ ආර්ථී­කය ගොඩ­ද­ම­න්නට වෙහෙ­සෙති. කන්ද­කු­ලිය, ඉච්ච­න්කා­ඩුව කල­පුවේ මෙලෙස දෛනි­කව මට්ටි සොයා මඩ පීරන කාන්තා­වන් 50කට ආසන්න පිරි­සක් වෙති. ඒ අත­රින් කාන්තා­වන් කිහි­ප­දෙ­නෙක් මෙසේ අද­හස් දැක්වූහ.

ඉනෝකා සන්ධ්‍යා කුමාරි මහ­ත්මිය,

මම දන්න කාලයෙ ඉඳලා තමයි මේ මට්ටි අල්ලන්න කල­පු­වට එන්නේ. මගේ මහ­ත්තයා නැහැ. දරු­වන්ගේ දරුවෝ හය­දෙ­නෙක් බලන්නේ මම. ලැබෙන මුදල මදි. දව­සට එක වේලක් තමා අපි කන්නේ. මොනා කර­න්නද වෙන මොන­වත් කරන්න දෙයක් නැහැ.

මංග­ලිකා කුමු­දුනී ප්‍රනාන්දු මහ­ත්මිය,

අපිට කන්ද­කු­ලියෙ වෙන කරන්න රස්සා­වක් නැහැ. ඒ නිසා තියෙන එකම දෙය මේ කල­පුවේ බැහැලා මට්ටි අල්ලන එක. අපි හිත­කින් කරන්නේ නැහැ. පවුල් පිටින් සම­හරු අල්ල­නවා දරු­වොත් එක්ක. ඒ තරම් අස­රණ පිරි­සක් අපි. මේ අපේ ඉර­ණම කියලා හිතා­ගෙන කල­පු­වට බහි­නවා.

මේරි පිල­මිනා (65) මහ­ත්මිය,

මට කරන්න කිසිම දෙයක් නැහැ. වෙන රස්සා­වක් කර­න්නත් බැහැ. මාව බලා­ගන්න කිසිම කෙනෙ­කුත් නැහැ. හිටපු පුතාත් අවු­රුදු තුනේදි අස­නීප වෙලා නැති­වුණා. මහ­ත්ත­යත් නැහැ. කල­පුවේ මඩ අස්සේ අත දාගෙන මට්ටි හොයද්දි වීදුරු කටු සහ වෙන දේව­ල්ව­ලට අත­පය කැපිලා පුදුම වේද­නා­වක් දෙන්නේ.

එස්.ඒ. ගුණ­වතී මහ­ත්මිය,

මම ඇදුම ලෙඩෙක්. කල­පුවේ බැහැලා මේ විදි­හට මට්ටි අල්ල­පු­වාම මට ඇදුම වැඩි වෙනවා. එක­පා­රක් මැරෙන්න ගිහින් යාන්ත­මට බේරුණා. දොස්තර මහ­ත්වරු කිව්වා කල­පුවේ ආයෙ බහින්න එපා කියලා. ඒ උනාට කවුද අපිට කන්න දෙන්නේ. මේ මට්ටි අල්ලලා ඒකෙන් ලැබෙන කීයක් හරි අරන් ගිහින් බෙහෙත් ටික ගන්නවා.

මෙවැනි මිනි­සුන් වෙනු­වෙන් යම් මෙහෙ­ව­රක් කර­න්නට හැකි පිරිස්, ඔවුන් වෙනු­වෙන් අවශ්‍ය පහ­සු­කම් හෝ ජීවත් වීමට මඟක් සකසා දෙන්නේ නම් එය මහඟු පිනකි.

පුත්ත­ලම අති­රේක හිරාන් ප්‍රියං­කර ජය­සිංහ

More Stories