මට්ටි සමඟ දුක්විදින සොඳුරු කාන්තාවන්

gossiplankanews lankadeepa lankacnews hiru gossip hiru news gossip lanka c gagana news dasatha lanka news ada derana sinhala

කල්පි­ටිය, කන්ද­කු­ලිය, ඉච්ච­න්කා­ඩුව කල­පුවේ වැලි සමඟ ඇති මඩ අවු­ස්ස­මින්, දෑත්වල නිය පතුරු ගැල­වෙන තුරු මඩ­ව­ලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුද­ල­කට අලෙවි කර­මින් සිය දරු පවුල් ජීවත් කර­වන කාන්තා­වන් පිරි­සක් පිළි­බඳ පුව­තක් එම ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. මෙම කාන්තා­වන් වැඩි පිරි­සක් පවුලේ ප්‍රධාන ආදා­යම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරු­වන් හෝ දරු­වන්ගේ දරු­වන් හෝ අස­රණ වූ මව්පි­යන් හෝ අස­නීප වූ සැමි­යන් ජීවත් කර­න්නට වෙහෙ­සෙන පිරි­සක් බවට පත්වී­මෙනි. මෙම කාන්තාවෝ සිය කඩා­වැ­ටුණු පවුලේ ආර්ථී­කය ගොඩ­ද­ම­න්නට වෙහෙ­සෙති. කන්ද­කු­ලිය, ඉච්ච­න්කා­ඩුව කල­පුවේ මෙලෙස දෛනි­කව මට්ටි සොයා මඩ පීරන කාන්තා­වන් 50කට ආසන්න පිරි­සක් වෙති. ඒ අත­රින් කාන්තා­වන් කිහි­ප­දෙ­නෙක් මෙසේ අද­හස් දැක්වූහ.

ඉනෝකා සන්ධ්‍යා කුමාරි මහ­ත්මිය,

මම දන්න කාලයෙ ඉඳලා තමයි මේ මට්ටි අල්ලන්න කල­පු­වට එන්නේ. මගේ මහ­ත්තයා නැහැ. දරු­වන්ගේ දරුවෝ හය­දෙ­නෙක් බලන්නේ මම. ලැබෙන මුදල මදි. දව­සට එක වේලක් තමා අපි කන්නේ. මොනා කර­න්නද වෙන මොන­වත් කරන්න දෙයක් නැහැ.

මංග­ලිකා කුමු­දුනී ප්‍රනාන්දු මහ­ත්මිය,

අපිට කන්ද­කු­ලියෙ වෙන කරන්න රස්සා­වක් නැහැ. ඒ නිසා තියෙන එකම දෙය මේ කල­පුවේ බැහැලා මට්ටි අල්ලන එක. අපි හිත­කින් කරන්නේ නැහැ. පවුල් පිටින් සම­හරු අල්ල­නවා දරු­වොත් එක්ක. ඒ තරම් අස­රණ පිරි­සක් අපි. මේ අපේ ඉර­ණම කියලා හිතා­ගෙන කල­පු­වට බහි­නවා.

මේරි පිල­මිනා (65) මහ­ත්මිය,

මට කරන්න කිසිම දෙයක් නැහැ. වෙන රස්සා­වක් කර­න්නත් බැහැ. මාව බලා­ගන්න කිසිම කෙනෙ­කුත් නැහැ. හිටපු පුතාත් අවු­රුදු තුනේදි අස­නීප වෙලා නැති­වුණා. මහ­ත්ත­යත් නැහැ. කල­පුවේ මඩ අස්සේ අත දාගෙන මට්ටි හොයද්දි වීදුරු කටු සහ වෙන දේව­ල්ව­ලට අත­පය කැපිලා පුදුම වේද­නා­වක් දෙන්නේ.

එස්.ඒ. ගුණ­වතී මහ­ත්මිය,

මම ඇදුම ලෙඩෙක්. කල­පුවේ බැහැලා මේ විදි­හට මට්ටි අල්ල­පු­වාම මට ඇදුම වැඩි වෙනවා. එක­පා­රක් මැරෙන්න ගිහින් යාන්ත­මට බේරුණා. දොස්තර මහ­ත්වරු කිව්වා කල­පුවේ ආයෙ බහින්න එපා කියලා. ඒ උනාට කවුද අපිට කන්න දෙන්නේ. මේ මට්ටි අල්ලලා ඒකෙන් ලැබෙන කීයක් හරි අරන් ගිහින් බෙහෙත් ටික ගන්නවා.

මෙවැනි මිනි­සුන් වෙනු­වෙන් යම් මෙහෙ­ව­රක් කර­න්නට හැකි පිරිස්, ඔවුන් වෙනු­වෙන් අවශ්‍ය පහ­සු­කම් හෝ ජීවත් වීමට මඟක් සකසා දෙන්නේ නම් එය මහඟු පිනකි.

පුත්ත­ලම අති­රේක හිරාන් ප්‍රියං­කර ජය­සිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….