මන්දිර සොමිය ගැන සංජීවගේ සත දෙක..!

ඊයේ බොහෝ අමාරුවෙන් සෙනඟ අස්සෙන් තෙරපෙමින් චැතම් වීදියේ උඩට එනවිට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව පේන මානයේදී එකදිගට ඇසුනේ වෙඩි හඬ. මේ වෙඩි හඬ සමග සමහරුන් ආපසු හැරුණෝය. සමහරු ආවා වගේ දෙඟුණයකින් ඉස්සරහට තල්ලු වුණේ විශාල ශක්තියක් තමන්ට තිබෙන බව පෙන්වමින්‍ ය.
මිනිස්සු රංචු වශයෙන් මෙවැනි අවස්ථාවන්වලට මුහුන දෙනවිට ඔවුන්ගේ සත්ව ගති මතුවීම අහම්බයක් නොවේ. මරණ බිය ජයග්‍රහනයට ඇති උමතුව විසින් ශරීරයේ ඇතිකරන ඒ සඳහා සූදානම බොහෝවිට පියවි සිහිය, ගැඹුරට කල්පනාව වැනි දේවල් අහිමි කරන බව රහසක් ද නොවේ. එකදිගට බැරියර් එකින් එක පෙරළමින් ගමන් කර අවසානයේ විශාල ප්‍රථිරෝධයකට මුහුන දීම එහිදී තමන්ගෙ අනෙකුත් සටන් සගයන් වෙඩි ප්‍රහාරයන් සහ ප්‍රචණ්ඩ බැටන් ප්‍රහාරයන්ට ලක්වෙන විට මිනිසුන්ට නවගුණවැල ගණින්න ඇහැක් නම් ඒ මිනිසුන් අඩුම තරමින් රහත්වී හෝ සිටිය යුතුය.
මේ අරගලයේ ඉස්සරැහින් වෙඩිකාගෙන ඉලක්කයට නොසැලී මුලින්ම ගියේ බොහෝවිට මේ ෆේස්බුක් එකේ අරගල කරන්නේ කෙසේද කියා පහදන අපි වැනි මිනිසුන් නොව මේ ප්‍රශ්නවලින් බොහෝ සේ පීඩා විඳි මිනිසුන් බව ඔවුන්ට උපහාර වශයෙන් කිව යුතුය.
එදාවේල කන්නේ කොහොමද ත්‍රීවිල් එකට පෙට්‍රල් ටිකක් සොයාගෙන රැකියාව කරන්නේ කොහොමද දරුවන්ට කිරි පැකට් එකක් අරගෙන එන්නේ කොහොමද අම්මගේ බෙහෙත් ටික අරගෙන දෙන්නේ කොහොමද වගේ බරපතළ ප්‍රශ්න සමග එදිනෙදා ජීවිතය ගතකරමින් සිටින මිනිසුන් ශිෂ්‍යන් මේ අරගලයේ මුලින්ම සිටගත්තෝ ය. සමහරුන් පොත් කියවන්න ආසාවක් නැති අය විය හැකිය. සමහරුන් ජීවිතය ගැන බරසාරෙට නොගත් අය විය හැකිය. බොහෝ දෙනෙක් ගාන්ධි ගැන නොකියවා ඇති බව මට බුදු සුවර්‍ය. ඉතිං මේ මිනිසුන් අරගල කරන හැටි දන්නේ නැති වෙන්නට පුලුවන් ය. ඒත් සත්වයෙක් විදිහට ස්භාවධර්මය තමන්ට දුන් අවම පහසුම් ටික භාවිතා කර ඔවුන් ඉලක්කය සපුරා ගත්තෝය. අවසන ඔවුන් අරගලයට ජයග්‍රහනය අරගෙන ආවෝය..
දැන් අපිට ඔවුන්ගේ දියකෙළි ගැන සෙල්ෆි ගැන කයි වැපිරිය හැකිය. සිනාසිය හැකිය. ජනාධිපති මන්දිරයට ටිකක් මුලින් ගිය මටද මේ අත්දැකීම විඳින්නට හැකි විය. මට මුලින්ම සිහිවුණේ කාබුල් ජනාධිපති මන්දිරයට ඇතුල් වුණ සටන්කාමීන් ය. ඒත් මේ මිනිසුන්ගේ මිනිස් හැසිරීම ගැන මට අවුලක් නැත. මේ බොහෝ දෙනෙක් ජනාධිපති මන්දිරයට හෝ මොනමාකාර හෝ මන්දිරයකට පැමිණ තිබුණේ ජීවිතයේ පළවෙනි වතාවටය. ඔවුන් බොහෝ දෙනෙක් කීවෝ ‘මුන් අපිට කෙළවලා සැප විඳලා තියෙන හැටි බලහල්ලා’.
ලස්සන මේස ඇතිරිල්ලක් ඔතාගන්නා මිනිසෙක් දැක්ක මම කරබාගතිමි. ඒ වෙලාවේ ඒ හැඟීමේ දී එයට විරුද්ධවී පළක් නැත. සමහරවිට ඒ විරුද්ධවීම ගුටිකන්නට නිමිත්තක්ද විය හැකිව තිබුණි. එහෙත් අර උද්වේගකර හැඟීම් පහව යනවිට කාලයත් සමග මිනිසුන් ඒ චිත්‍ර එම මන්දිරය ආරක්ෂා කරන්නට පෙළඹුණේ මේ අපේම සල්ලි බන් කියලා කියමින් ය. ඒක තමයි මිනිස් ස්භාවය.
අනෙක මේ මිනිස්සු ඒ වෙලාවේ තමන් සමග විශාල සතුටක හිටියේ. ‘ දැන් ඉතිං හෙට ඉඳලා නිමාඩු නෑ’ එක තරුණයෙක් කියනවා අහගෙන. මට හිතුනේ හෙට ඉදලම රටට හරියයි වැඩට යන්න වෙයි කියලා මේ මිනිස්සු හිතපු විදිහ ඒක.
මේ විදිහට වෙඩි කාගෙන මොරාල්පිට ජයග්‍රහණයට මුලින්ම දුවපු මිනිස්සු පහළ පන්තිවල දුක්ඛිත ජීවිත ගතකරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ජීවිතේ තවත් වැටෙන්න තැනක් නෑ කියලා හිතෙන්න ඇති. ඒ මිනිස්සු නිසා තමයි මේ ජයග්‍රහනය මේතරම් පහසු වුණේ. මමනම් මගේ ආදරය මේ මිනිස්සුන්‍ ට පිරිනමන්න පැකිලෙන්නේ නෑ.
ෆූල් එකේ නාලා සෙල්ෆියක් ගැහුවට මටනම් ඒකේ සිනාවෙන්න දෙයක් නෑ. ඒක තමයි මිනිස්කම. ඒක අස්සේ තිබෙන්නේ හැඟීම් කන්දක්. ජීවිතය ගැන බලාපොරොත්තුවක්. සමහරවිට පාලකයන්ට තියෙන විරෝධය ඒක අස්සේ දියවෙලා තියෙන්න පුලුවන්. පන්ති පරතරය ඒකේ දියවෙලා තියෙන්න පුලුවන්. ඇති නැති පරතරය ඒක අස්සේ තියෙනවා.
මේවා බල බලා හිනාවෙන අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා ඒක තමයි මේ මිනිස්සු ජනාධිපති මන්දිරයේ නාන්න සබන් තුවා එහෙම අරගෙන මේ සටනට ආවේ නෑ. ඒනිසා දේවල් ඒ මොහොතින් ගලවලා රස විඳින තරම් ආතල් එකක් දේවල් ඒ මොහොතේ තියලා විඳිනකොට එන්න විදිහක් නෑ.
කොහොම වුණත් මේ අරගලකාරයන්ට මගේ ආදරය. අපි පුලුවන්නම් මේවා ගැන හොයනබලන විනෝද වෙනගමන් මියගිය තුවාල උන අය ගැනත් සොයමු බලමු. මේක අපි හැවෝටම අමාරු කාලයක්…!

කේ සංජීව

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….