මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමට අරලිය සහල් එකතුවෙයි

mihinthale

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමේ පරමාර්ථය හා අධිෂ්ඨානය වනුයේ රටේ තිබෙන කොවිඩ් 19 වෛරස තත්වය තුරන්වී ගොස් රට වැසියන්ට මෙන්ම ලෝකවාසි සියළුම දෙනාට රෝග බියක් නොමැතිව නිදහසේ ජීවත්වීමට කලක් උදාවීම පමණක්ම බවත් තමන් එම පුණ්‍ය කටයුත්තට මුලපිරුවේ වෙනත් කිසිදු අපේක්ෂාවකින් නොවන බව අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

වසර තුනකට ආසන්න කාලයක් සුදු තීන්ත ආලේප නොකිරීම නිසා දුර්වර්නවි ඇති බුදුන්ගේ ඌර්ණ රෝම ධාතුන්වහන්සේ තැම්පත්කර තිබෙන මහා සෑයේ සුදු තීන්ත ආලේප කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සිය පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදෙමින් පැවති උත්සවයේදි ඒ මහතා මේ බව පැවසුවේය.

මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන්ගේ අනුෂාශනාව පරිදි උත්සවය පැවත්වුණි.එහිදි වැඩිදුරටත් කථා කළ අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා.

මට මිහින්තලය රජමහා විහාරයේ නායක ස්වාමින්වහන්සේ කථා කරලා ඇහුව මෙන්න මෙහෙම කටයුත්තක් තියනවා ඔබතුමාට දායකත්වයක් දෙන්න පුළුවන්ද කියලා.මම දෙපාරක් හිතුවේ නෑ මම කිවුවා ස්වාමින්වහන්ස ඔබ වහන්සේ කරන ඉල්ලීම මට අහක දාන්න බෑ මම ඒ කටයුත්තට මුල පුරන්නම් කියලා.

මට වෙනත් කිසිදු අපේක්ෂාවක් නෑ.මේ කොරෝනා ව්‍යසනයෙන් රටත් රට වැසියනුත් ලෝකවාසි සියළුම දෙනාත් ආරක්ෂාවෙලා මේ වසංගතය දුරු වෙන්න කියලා මම පුණ්‍ය කටයුත්ත ආරම්භ කරද්දීම ප්‍රාර්ථනා කළා.නායක ස්වාමින්වහන්ස මේ මහසෑය සේල චෛත්‍ය ඇතුළු විහාරස්ථානයේ ගොඩ නැගිලි සියල්ලේම සිදු තීත්ත ආලේප කිරීම මින් ඉදිරියට දිගටම මා ඇතුළු මගේ ආයතනයෙන් සිදුකරන්න මම තීරණය කළා.

ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයට ආරක්ෂක ලේකම්තුමාට රට වෙනුවෙන් සිදුකරන සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා යනුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට වැඩමවාවදාල මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නාහිමිපානන්.මිහින්තලය කියන්නේ අපේ ආගමේ තිඹිරිගෙයවත් තොටිල්ලවත් නෙමෙයි.මම දකින්නේ මෙතන තමයි අපේ ආගම ආරම්භ වුණු ගර්භාෂය තියෙන්නේ.

අපේ ආගම විනාශ කරන්න බලාගත්ත පිරිසක් ඉන්නවා.රාජ්‍ය නොවන සංවිධාන වල ඇතමුන්ට ඒ අවශ්‍යතාව තියනවා.තිස්දහසක් වන මහා සංඝයා අතරේ වැරදි වැඩ කරන අතලොස්සක් ඉන්නවා.ඒ කෙනෙක් වැරද්දක් කරපු ගමන් අපේ බෞද්ධයෝම ඒක වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරනවා.මුළු සංඝ පරපුරමට නිගාවක් ඇ.තිවෙන විදියට.

මොන ප්‍රශ්නය ඇතිවුණත් අපි බුදුන්ගේ ධාතුන්වහන්සේලා වැඩ ඉන්න මහාසෑයන්වල දිය සෙවල බැදෙන්න දෙන්නෑ.ඩඩ්ලි සිරිසේන මහත්තයා අද ආරම්භ කළේ හොද පුණ්‍ය කටයුත්තක් යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….