“මේක හම්බන්තොට උසාවිය”

2014 වසරේ දෙසැම්බර් මස 21 වන දින උදෑසන  හම්බන්තොට නගරයේ වියරුවට එරෙහිව “වීදියේ විරෝධය” නමින් විදී නාට්‍ය සංදර්ශන, අත් පත‍්‍රිකා බෙදා දීම් හා ගායන ප්‍රසංග ඇතුළත් සංස්කෘතික අංග සහිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට පැමිණි සිටි ගායක ජයතිලක බණ්ඩාර ඇතුලු නිරායුධ සිවිල් ක්‍රියාකාරින්ට, කලාකරුවන්ට සහ සංස්කෘතික කණ්ඩායමට “මේක අපේ රජතුමා හදා ගත්ත නගරය, මේකේ පිට එවුන්ට මොනවත් කරන්න දෙන්න බෑ, තොපි මරනවා” යනුවෙන් තර්ජනය කරමින් හම්බන්තොට නගරාධිපතිව සිටි එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සහචරයන් පිරිසක් විසින් පිස්තෝල පෙන්වා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ එනම් 2020 ජනවාරි මස 8 වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී  නැවත වරක්  කැදවිණි.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී පහර කෑමට ලක් වු එහි පළමු  පැමිණිලිකරු වන විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් සමඟ සිව්ල් ක්‍රියාධරයෙකු වන ප්‍රසංග පෙරේරා ඊයේ දින පැවති නඩු විභාගය සදහා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත කොළඹ සිට පැමිණි අතර; පැමිණිලි පාර්ශවය වෙනුවෙන්  නීතිඥ සේනක පෙරේරා අධිකරණයේ පෙනී සිටියේය.

කෙසේවෙතත් නඩුව කැඳවන ලද අවස්ථාවෙහි දී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙහි සියලුම නීතිඥයින් සැකකාර එරාජ්  ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින බව කියා නැගී සිට ඇති අතර; පැමිණිල්ල වෙනුවෙන් පෙනිසිට් නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ” වීදියේ විරෝධය” කණ්ඩායමට  ගිනි අවිද අතැතිව ප්‍රහාර එල්ල කොට තිබියදී පවා  හම්බන්තොට පොලිසිය විසින් මෙම නඩුව  සුළු අපරාධයක් ලෙස පැවරීම සම්බන්ධයෙන් තම කරුණු පැහැදිලි කිරීමේදී, විත්තියේ නීතිඥවරයෙකු ව්සින් , ව්වෘත අධිකරණය ඉදිරියේ විනිසුරු නිහඬව බලා සිටියදීම

“මේක හම්බන්තොට උසාවිය ”  යනුවෙන්  පැමිණිල්ල  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතාට තර්ජනාත්මක ස්වරූපයෙන් පවසා තිබේ.

ලංකාවේ අධිකරණ ධුරාවලිය තුළ  ” හම්බන්තොට උසාවිය “  හෝ ” හම්බන්තොට මහේස්ත්‍රාත්  උසාවිය” අනෙක් ඒවාට වඩා  විශේෂ  වන්නේ ඇයි  දැයි පුරවැසියෙන් ලෙස අප දන්නේ නැත.  එසේ වනවා නම් ඒ  දැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු. කෙසේවෙතත්,  නඩුව නැවත 2020 ජුලි මස 7 වන දින නැවත කැඳවීමට නියමිතය.

සිද්ධියේ සැකකරු වන එරාජ් ප්‍රනාන්දුට 2014 වසරේදී මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකද  ගිනි අවියක් පෙන්වා පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන්  වසර ක සිර දඬුවමක්  හම්බන්තොට  මහාධිකරණ විසින් පසුගිය  2019 අගෝස්තු 02 දින නියම කරන ලද අතර, අභියාචනයක් ඉදිරිපත් කොට දැනට ඔහු ඇප මත නිදහස් ව සිටියි.

දැන් අපි අසමු. විවෘත අධිකරණ තුළම තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට  පවා  තඟ දමන විට, 2014 වසරේ සිට වසර 6 කට ආසන්න කාලයක් පුරා මේ කාරණය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමට වෙහෙසෙන සිවිල් පුරවැසියන්ට ඒ සම්බන්ධයෙන් දෙන පණිවිඩය කුමක්ද ? එසේම, එලෙස තග දමන්නේ කාගේ හයිය නිසාද ?

විනිසුරු ඉදිරිපිටම පැමිණිලි පාර්ශ්වය ප්‍රසිද්ධියේ වින්දිතභාවයට පත් කරන තෙක් උසාවිය නිහඬද ?

ඒ නිසාම අධිකරණ ස්වාධීනත්වය කෙරේ විශ්වාසය තබමින්, සාධාරණත්වය බලාපොරොත්තු වෙමින්  ඒ හරහා යුක්තිය ඉටුකරගැනීමට උසාවියට එන පුරවැසියන්ට එල්ල කළ මේ  අතුල් පහර මේ මොහොතේම නැවතීමට අප බල කළ යුතුමය.
උපුටා ගැනීම – විකල්ප වෙබ් අඩවිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….