රජයේ මර්ධනයට තරුණ නීතිඥ සංගමයේ විරෝධය

law

කොරෝනා මර්ධනයට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්ධනයට ඉඩ නොතබමු යන හිසින් යුතුව තරුණ නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

2020 අප්‍රේල් මස 01 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් රජයේ නිලධාරීන් විවේචනය කරන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ නිවේදනයත් ඉන් පසුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් බරපතළ ලෙස විවේචනය කරන තරුණ නීතිඥ සංගමය එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට පුරවැසියන්ට සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස උල්ලංඝනය කිරීමක් බව පවසයි. එකී නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔවුන් දක්වයි.

තවදුරටත් එකී මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වනවාද යන්න මෙම කාල සීමාව තුළදී ප්‍රශ්නකාරී බවයි. මේ වන විටත් අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධියේම පළ කල හිටපු අමාත්‍යවරුන් දෙපළක් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන අයවත් එමෙන්ම කොරෝනා වාර්තා කිරීමේදී මිත්‍යාව සමාජගත කරන හා සැකය හා අවිශ්වාසය ජනතාව තුළ ඇති කරන ප්‍රසිද්ධ පෞද්ගලික ජනමාධ්‍ය නාලිකා වලට නීතිය ක්‍රියාත්මක වීමක් සිදු නොවන බව ඔවුන් පෙන්වා දෙයි. එනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන සාමාන්‍ය තරුණයන් අත්අඩංගුවට ගැනීම සිදු වන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම කාල සීමාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධීකරණය සිය කටයුතු අත්හිටුවා ඇති පසුබිමක සංවරණය හා තුලනය සම්පූර්ණයෙන් බිඳ වැටී විධායකයේ අත්තනෝමතිකත්වයක් බිහි වීමේ වැඩි ඉඩ කඩක් පවතින බවත් ඉන්දියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් යම් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ අවම තරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

කොරෝනා මර්ධනයට මුවා වී ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා දේශපාලන න්‍යෘය පත්‍ර මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා නොකරන ලෙස තරුණ නීතිඥ සංගමය ආණ්ඩුවට බල කර සිටී.

සම්පූර්ණ නිවේදනය පහතින්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….