වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවීමට සිටික් ආතනයෙන් පියවර

වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටිමේ අරමුණ මත එම පිරිස් විවිධ ස්වයං රැකියා සදහා යොමු කිරිමට හැටන් සිටික් ආයතනය මගින් පියවර ගෙන ඇත.
ඒ අනුව එම පිරිසට විවිධ ස්වයං රැකියා හදුන්වා දිම පුහුණුව ලබා දිම හා එම ස්වයං රැකියාවන් සදහා අවශ්‍ය මුල්‍ය ණය පහසුකම් ලබා දීම හැටන් සිටික් ආතනයේදි 26වන දින සවස සිදු කරන ලදි.
එහිදි හදුන්කුරු, සබන් සැදිම පිලිබදව දිනක පුහුණුවක් ලබා දිමට පියවර ගත් අතර මැහුම් කර්මාන්තය, සත්ව පාලනය, බිම් මල් හා එළුවළු වගාව, කේක් කර්මාන්තය, මෙන්ම පුහුණුව ලබන හදුන් කූරු හා සබන් නිස්පාදනය සදහා එක් අයකුට රුපියල් තිස්පන්දාහාක (35000/=) ණය මුදලක් ලබා දිමටද පියවර ගන්නා ලදි.
මේ පිලිබදව අදහස් දැක්වු හැටන් සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත මහනුවර කරිටාස් සිටික් ආයතනයේ අධ්‍යක්ෂ ගරු ඩෙස්මන් පෙරේරා පියතුමන්ගේ උපදෙස් මත හා හැටන් සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් අධ්‍යක්ෂ හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ ප්‍රධාන පුජක ගරු නියුමන් පිරිස් පියතුමන්ගේ අධික්ෂනය මත මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බවත්ය.
මෙහිදි මෙම ස්වයං රැකියාලාභින් සදහා ලබා දෙන ණය මුදල වසරක කාලයක් තුලදි එම අය ගෙවා නිමකල යුතු බවත් මෙහි ප්‍රථම අධියර ලෙස ස්වයං රැකියාලාභින් පනස් දෙනකුට ණය ලබා දිමට පියවර ගන්නා බවත් මෙම වැඩ සටහන ඉදිරියේදිද අඛන්ඩව කර ගෙන යන බවත්ය.
මෙම අවස්ථාවට හැටන් සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාර ඒ. දර්ශණි මහත්මියද එක්ව සිටි අතර හදුන්කූරු හා සබන් හැදිම පිලිබද වැඩ මුළුව ඩයගම මිස්ට්‍රි ආයතනයේ උපදේශකවරුන් වන රාජ් කුමාර මහතා හා එස්. රමණි මහත්මිය විසින් සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා -හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….