විදුලි මාෆියා ෆෝබියාව සමගියෙන් කෙළවර කරමු

සංවර්ධනයේ අදුරු සෙවනැලි මකාලමින්, ගතානුගතික සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞභාග්‍යයේ නව එළිය පතුරුවාලන්නට අප සියලුදෙනා ජන හදට ලංවි ම වැඩකළ යුතු කාලය දැන් එළඹ ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ වර්ථමාන තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා සහභාගි වෙමිනි.

මෙම අවස්ථාවට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු විදුලිබල අමාත්‍යාංශයේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

එල්.ටී.එල්. හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම, එහි දශක තුනහමාරකට වැඩි ගමන්මගෙහි ශක්තිමත් හා ස්ථාවර වර්ධනයක් කරා එළඹෙමින් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ සමාගමක් බවට පත්ව ඇති අතර සමාගම වසර ගණනාවක් පුරා විදුලිය ජනනය, විදුලිබල යටිතල පහසුකම් සංවර්ධනය, විදුලිය බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් හා තාප ගිල්වුම් ගැලවනයිස් කිරීම වැනි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සම්පූර්ණ හර පද්ධතිය ආවරණය කරමින් විවිධ අංශයන් වෙත ව්‍යාපාරය විවිධාංගීකරණයට ලක්කර තිබේ.

එල්.ටී.එල් හෝල්ඩින්ග්ස් සිය දේශීය නිම්වළලු පුලුල් කරමින් බංග්ලාදේශය, ටැන්සානියාව, උගන්ඩාව, කෙන්යාව, ඉතියෝපියාව, ඝානාව, ඕමානය, ඉන්දියාව, නේපාලය, ජෝර්දානය, මියෙන්මාරය, මාලදිවයින් දූපත් හා ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල විදුලි බලාගාර සදහා ආයෝජනය කරමින් හා ඉංජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සම්පූර්ණ කිරීමෙන් සාර්ථකත්වයක් ලබා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයට 63% ක්, සේවක හිමිකාරීත්වය සහිත ටෙක්පෝ ආයතනයට 10% ක් සහ පෙරදෙව් ආයතනයට 27% ක් වශයෙන් එල්.ටී.එල්. හෝල්ඩිංග්ස් ආයතයේ කොටස් බෙදී ගොස් තිබේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්තයන් හා තරගකරමින්, විශිෂ්ඨත්වයේ හිනිපෙත්ත කරා පැමිණ ඇති බව ද පැවසූ විදුලිබල අමාත්‍යවරයා, එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සමග සමස්ත දිවයිනටම විදුලි බලය සපයන භාරධූර කර්තව්‍යයට සාර්ථකව උරදෙමින් සිටින බවත්, පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ස්ථාපනයට සහ සංවර්ධනයටද මහත් පිටිවහලක් වී ඇති බවත් පැවසීය.

එල්.ටී.එල්. හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ලංකාවේ විශාලතම ස්වාධීන විදුලිබල නිෂ්පාදකයා වෙමින්, කෙරවලපිටිය යුගධනවි බලාගාරය තුළින් ජාතික ජාලයට මෙගාවොට් 300 කට වැඩි විදුලි ධාරිතාවයක් සපයමින්, දෛනික විදුලි ඉල්ලුමට සුවිශාල දායකත්වයක් සැපයීම, ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ වැදගත් සංධිස්ථානයක් බව පැවසූ විෂයභාර අමාත්‍යවරයා, හොදින් පුහුණුව ලද, විනයගරුක, කාර්යශූර පිරිසක් වන සමාගමේ ජ්‍යේෂ්ඨ කළමණාකරණ කණ්ඩායම හා සේවක පිරිස සමාගමෙහි ආයතනික අරමුණු කරා ළගාවීම පිණිස දියත්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියේය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….