අස්වාභාවික ලිංගිකව හැසිරීම වරදක් ද?

ශ්රී ලංකාවේ නීතිය අනූව අස්වාභාවික ලිංගික හැසිරීම් අපරාධමය වරදකි.මෙම වරද පිළිබඳ සමාජය නිසි අයුරුන් නොදැනුවත් වීම මත වැරදි මත සමාජයේ මුල් බැසගෙන ඇත.මේ සම්බන්ධව මදක් විමසා බලමු.
දණ්ඩ නීති සංග්රහයේ 365 වගන්ති මගින් පහත සදහන් වැරදි හඳුන්වා දී ඇත.
365 =අස්වාභාවික වැරදි
365 A =තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්රියා
365 B = බරපතල ලිංගික අපයෝජනය
ඉහත වැරදි අතුරින් 365 වගන්තිය විශ්ලේෂණය කරමින් අපගේ සාකච්ඡාව අරඹමු.365 වගන්තිය පහත ආකරයෙන් වේ.
365.යම් පුරුෂයෙකු,ස්ත්රීයක හෝ සතෙකු සමග ස්වභාවධර්මයට විරුද්ධව ,කැමැත්තෙනම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු දහය දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් සහ දඩයකින් ඔහුට දඬුවම් කරනු ලැබිය යුතු අතර ඒ වරද වයස අවුරුදු දහඅටකට වැඩි තැනැත්තෙකු විසින් වයස අවුරුදු දහසයකට අඩු තැනැත්තෙකු සම්බන්ධයෙන් සිදු කරනු ලබන අවස්ථාවක ,අවුරුදු දහයකට නොඅඩු වූ ද අවුරුදු විස්සකට නොඉක්මවන්නා වූද කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකින් හා දඩයකින් ඒ තැනැත්තාට දඬුවම් කරනු ලැබිය යුතුය.තවද ඒ වරද සිදු කරන ලද්දේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ඒ තැනැත්තාට ගෙවන ලෙස ද අධිකරණය විසින් ආඥා කරනු ලැබිය යුතුය.”
මෙම වගන්තියේ අස්වාභාවික වැරදි යනු කුමක්ද යන්න අර්ථනිරූපණය කොට නොමැති හෙයින් ඉන් කුමනාකර වරදක් නිර්මාණය කිරීමට ව්යවස්ථාදායකය අදහස් කළා ද යන්න තේරුම් ගැනීම සදහා දණ්ඩ නීති සංග්රහයේ සදහන් සෙසු ලිංගික වැරදි දෙස බැලිය යුතු වේ.
තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්රියා යනුවෙන් හදුන්වන 365 A වගන්තිය මගින් ස්ත්රීන් ස්ත්රීන් අතර සහ පුරුෂයන් පුරුෂයන් අතර සිදු වන සමලිංගික ක්රියාවන් ද 365 B මගින් බරපතල ලිංගික අපයෝජනය යනුවෙන් හඳුන්වනු ලබන ස්ත්රී දූෂණය (ස්ත්රී දූෂණය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ වයස 16 ට වැඩි වන විට කැමැත්තට විරුද්ධව හෝ කැමැත්ත නැතිව ද කාන්තාවගේ වයස 16 ට අඩු වන විට කැමැත්ත ඇතුව හෝ නැතුව පුරුෂ ලිංගය ස්ත්රී ලිංගයට ප්රවේශ කොට සංසර්ගයේ යෙදීමයි) සංයුක්ත නොවන නමුත් ලිංගික තෘප්තිය ලබාගැනීම සදහා අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතුව හෝ අනෙක් තැනැත්තා වයස 16 ට අඩු වන විට කැමැත්ත ඇතුව හෝ නැතුව ලිංගේන්ද්රය හෝ මිනිස් ශරීරයේ වෙනත් යම් කොටසක් හෝ යම් උපකරණයක් හෝ අනෙක් තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි විවරයක් තුළ හෝ ඒ අනෙක් තැනැත්තාගේ ශරීරයේ යම් කොටසක් පාවිච්චි කිරීමේ ක්රියාවක් ද ආවරණය වේ.
ඉහත 365 A සහ 365 B යන වගන්ති දෙකට අයත් වන වරදක් 365 වගන්තිය තුළිනුත් නිර්මාණය කිරීමට ව්යවස්ථාදායකය අදහස් නොකළ බව ඉතා පැහැදිලි වේ.365 B වගන්තිය මගින් බොහෝ විට නඩු පවරනු ලබන්නේ පුරුෂයෙකු විසින් වයස 16 ට වැඩි අයෙකුගේ කැමැත්තට විරුද්ධව හෝ වයස 16 ට අඩු අයෙකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව කලවා අතර සංසර්ගය,මුඛ සංසර්ගය,ගුද සංසර්ගය වැනි ක්රියාවන් ය.එහෙයින් මෙවැනි ක්රියා 365 වගන්තියේ සදහන් පුරුෂයෙකු හෝ ස්ත්රියක සමග ස්වභාවධර්මයට විරුද්ධව කරනු ලබන ලිංගික සංසර්ගයන් ලෙස හැදින්විය නොහැකි බවට සිතීම තාර්කික වේ.
365 වගන්තියේ සදහන් ආකාරයට සතෙකු සමග ස්වභාවධර්මයට විරුද්ධව ලිංගික සංසර්ගයේ යෙදීම වරදක් වේ.ඉන් අදහස් කරන වරද ඉතා පැහැදිලි වන අතර එම වරද පුරුෂයෙකුට හෝ ගැහැනියකට යන දෙපාර්ශ්වයටම කළ හැකි බව වගන්තිය තුළින් පෙනේ.
නීතීඥ සාරංග වාදසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….