සේර ඇල්ලේ කුඳුළු කතාව

“අපි ඇල්ල ළඟට ගියා ප්‍රීෂූට් එකට ෆොටෝ ගන්න. ඇල්ල උඩ ෆොටෝ අරන් අවසාන ෆොටෝ එක ගන්න පහළට ආවම පය ලිස්සලා වැටිලා වතුරේ ගිලෙන්න ගත්තා. මට එච්චරයි මතක. මගේ ශිරන්ත මට නැති වුණා දෙයියනේ.”

ශිරන්ත සංජය රත්නසූරිය තරුණයාගේ පෙම්වතිය වන දිල්මි මධූෂිකා හඬාවැටෙමින් එලෙස පවසනවා.

ජූලි 17දා සිදුකිරීමට නියමිත විවාහ උත්සවය වෙනුවෙන් ඡායාරූප ඇල්බමයක් සැකසීමට ඡායාරූප ගැනීම සඳහා ගිය ඔවුන් ලිස්සා පහළට වැටී ඇති අතර තරුණයාගේ සිරුර ඊයේ සොයා ගත්තා.

එම ස්ථානයේ සිටි තරුණියගේ මව වන ප්‍රියංකා චන්ද්‍රකාන්ති මෙලෙස සඳහන් කර සිටියා.

“දුවයි පුතයි වතුරට බහින්න යද්දී එක පාරටම වතුරට වැටුණා. වැටුණට පස්සේ මම පැන්නා බේරගන්න. එතකොට මගේ අනිත් දුවත් පැන්නා. අපි දෙන්නත් වතුරට ඇදිලා ගියා. ඊට පස්සේ කැමරා කරන පුතෙක් ඇවිල්ලා ලීයක් වගේ එකක් දැම්මම බේරාගන්න පැන්න මමත් දුවත් ගොඩට ආවා. ඊට පස්සේ එතැනට පිටින් ආපු කට්ටියක් පැනලා දුව අරගෙන ගොඩට ආවා. පුතා එහෙමම යට ගියා.”

වෘත්තියෙන් වඩුකාර්මිකයෙක් වන මියගිය ශිරන්ත පෙම්වතිය වන දිල්මි සමඟ විවාහ වීමට නියමිතව තිබුණේ ලබන 17 වැනිදායි.

මෙම සිද්ධියට අදාළ ඡායාරූප ගත කිරීමේ ශිල්පියා වූ නන්දන අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා.

“අපි එතැන ෆොටෝ අරගන්න ගමන් තමයි හිටියේ. අපි ප්ලෑන් කරා පහළට බැහැලා වතුර පොඩ්ඩක් ඉහළට අතින් විසි කරනවත් එක්කම පින්තූරයක් ගන්න. එහෙම සූදානම් වෙනකොටම තමයි ලිස්සලා ගියේ.

එතැන පහළට බහිනකොට ලිස්සලා යනවා. එතැන ගොඩක් කට්ටිය 50ක් විතර හිටියා. එතැන හිටපු කට්ටිය වළට පැන්නා. ඒ සමඟ නංගිව ගොඩට ගත්තා මල්ලිට අපි ළඟ තිබුණු කැමරා ආධාරකය දෙන්න හැදුවා. හැබැයි ඒත් එක්කම එයා යට ගියා. බේරාගන්න බැරිවුණා.”

දෙවැනි සහායක කැමරා ශිල්පී ඩිලාන් රාජිත මෙලෙස සඳහන් කළා.

“අපි එතෙන්ට පහළට බැස්සේ ඡායාරූප ගන්න වතුර පාරක් ගහන්න උඩ දාන්න හැදුවේ. ඒ ටික කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. සූදානම් කරනවත් එක්කම තමයි ලිස්සලා අක්කයි අයියයි පහළට වැටුණේ. එහෙම්ම ගොඩගන්න උඩ ඉන්න අයත් පල්ලෙහාට බැස්සා. අම්මත් බැස්සා. නැන්දම්මාත් බැස්සා. අපි බේරාගන්න උත්සාහ කරා. ඒත් කරගන්න බැරි වුණා.

නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දැඩිව හිමිකරගත් ස්ථානයක් වන අතර එහි පවතින සුන්දරත්වය නිසාම මංගල ඡායාරූප ශිල්පීහු මෙම ස්ථානය නිරන්තරයෙන් තෝරාගනු ලබනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….